වසන්ත-ළහිරු-එරංග-ස්ටාලින් ඇතුළු අරගලයේ නායකයන්ට විදෙස් ගමන් තහනමක්

නිර්පාක්ෂික අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකරුවන් වන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින්, සමාජවාදී තරුණ සංගමයේ කැඳවුම්කරු එරංග ගුණසේකර, ජීවන්ත පීරිස් පියතුමා, ළහිරු වීරසේකර, රංගන ලක්මාල් යන 06 දෙනාට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.

පසුගිය ජුනි මස 06 වැනිදා කොළඹ පොලිස් මූලස්ථානය ඉදිරිපිට පැවති විරෝධතාවයක් අතරතුර පොදු දේපළවලට හානි කිරිමේ චෝදනා මත ඉහත සැකකරුවන්ට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවරා තිබෙනවා. මෙම නඩුව අද කැඳවා තිබූ අතර මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සැකකරුවන් විදෙස්ගතවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කළේය.

කොළඹ කොටුව පොලීසිය විසින් සිදුකළ ඉල්ලීමකට අනුවයි විදෙස් ගමන් තහනම් කිරීමට නියෝග කර තිබෙන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලුණු විලක සිට කාන්තාර මාර්ගයක් දක්වා: ලොව මවිත කරන අද්භූත නිර්මාණ නවයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ): ආර්ජන්ටිනාවේ ගිටාරයක හැඩයෙන් යුත් වනාන්තරයක...

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...