හිටපු ජනපති මෛත්‍රීට ලැබුණු අළුත්ම ධූරය!

Date:

කොළඹ LNW:හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සාමය සඳහා වන ජාත්‍යන්තර සමුළු කවුන්සිලයේ සභාපති ධූරයට පත්ව තිබේ.

කාම්බෝජයේ,පෙනෝම් පෙන් අගනුවර, පසුගියදා පැවති අනුබද්ධ ජාත්‍යන්තර නායකත්ව සමුළුවේදීයි එම ධූරයට පත්වුණේ.

2023 ජුලි මස 21 සිට 25 දක්වා එම විශ්ව සාම සම්මේලනය පැවැත්වෙයි.

ලෝක සාමය උදෙසා 1987 වසරේදී දකුණු කොරියාවේ ආරම්භ කරනු ලැබූ ලෝක සාම සම්මේලන කවුන්සිලය, 2019දී පැවැත්වුණු ලෝක සාම සමුළුවෙන් පසු ජාත්‍යන්තර සාමය සඳහා වන සමුළු කවුන්සිලය ලෙස ප්‍රකාශයට පත් කෙරුණු අතර එහි ප්‍රධාන අරමුණු ලෙස ප්‍රජාතන්ත්‍රවාදය,තිරසාර මානව සංවර්ධනය, ආරක්ෂාව හා සාමය හඳුනා ගෙන තිබේ.

ලොව පුරා රටවල් 110ක පමණ රාජ්‍ය නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, විද්වතුන් හා පර්යේෂකයන්, සමාජ ක්‍රියාකාරීන්, ජනමාධවේදීන් මෙම සම්මේලනයේ සාමාජිකත්වය දරති.

විශ්ව සාම සම්මේලනය මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආර්ථික, සමාජ හා සංස්කෘතික කවුන්සිලය හා සම තත්ත්වයේලා සැලකෙන සංවිධානයකි.

එහි මූලස්ථානය දකුණු කොරියාවේ සියොල් නුවර පිහිටා ඇති අතර එහි ජාත්‍යන්තර ලේකම් කාර්යාලය එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර පිහිටා ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ජාත්‍යන්තර සාම සමුළු කවුන්සිලයේ සභාපතිධූරය පිරිනැමුණු අවස්ථාවට රටවල් 50ක පමණ ලෝක නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ඇතුළු විශේෂ නියෝජිතවරුන් සහභාගිවී සිටියහ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ළමා පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සේවාවන් විධිමත් කිරීමට පියවරක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : දිවයින තුළ ළමා...

විද්‍යාඥයින් වසර මිලියන 1 ක් පැරණි නැතිවූ ලෝකයක් සොයා ගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 07, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): නවසීලන්තයේ උතුරු දූපතේ...

ලෝක කුසලානයේ සමාරම්භක තරගය නොමිලේ බලන්නට එස්එස්සී ය විවෘත වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

චීනය දරුවන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් මරණ දඬුවම නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 07, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනය බාලවයස්කාර දරුවන්ගේ...