*
Tuesday, May 21, 2024
spot_img

Latest Posts

තියෙන ප්‍රශ්න මදිවට ජනාධිපති රනිල් තව ප්‍රශ්න හදනවා. අනුප්‍රාප්තිකයෙකුට මෙහෙම හැසිරෙන්න පුලුවන්ද?

කොළඹ LNW:රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය රට තුළ මෙතෙක් පැවති ප්‍රශ්නවලට අමතරව අනාගතයෙහි දැවැන්ත ප්‍රශ්න රැසක් නිර්මාණය කිරීමට හේතු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි.

රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට එලෙස හිතු හිතූ දේ කිරීමට ජනවරමක් නොමැති බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

මේ අතර ඉන්දියාවේදී විවිධ විෂයන් සම්බන්ධයෙන් ඇතිකරගත් ගිවිසුම් රටට හෙළිදරව් කළ යුතුවන බවද ඔහු කියාසිටියි.

“අපි දැක්ක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉන්දීය සංචාරයකට එක් වෙලා තියෙනවා. ඔහුත් එක්ක විෂයන් කීපයක ඇමතිවරු සංචාරයට එකතු වෙලා හිටියා. ධීවර, විදුලි විදේශ, ජල ආදී ඇමතිවරු රනිල් ජනාධිපතිතුමත් එක්ක ගිහිල්ලා තිබුණා. අපි දැක්කා එක දිගට ගිවිසුම් අත්සන් කරලා හුවමාරු කරගන්න විදිහ. මිලින්ද මොරගොඩ මහතා ගිවිසුම් අත්සන් කර හුවමාරු කරගන්නා ආකාරය අපි දැක්කා. අපි මේ ඔක්කොම බලාගෙන ඉඳලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන් එකක් අහන්න කැමතියි, කරුණාකරලා ඉන්දියාව සමඟ, ඔබේ අනුදැනුම ඇතිව ඇති කරගත් ගිවිසුම් රටට කියන්න. මොකද බොහෝ කාරණා කියවනවා අපිට අහන්න ලැබුණා. සාම්පූර් බලාගාර කලාපයක් පිළිබඳව, ත්‍රිකුණාමලය ආර්ථික කොරිඩෝවක් ගැන, ත්‍රිකුණාමලය මන්නාරම් ඒකාබද්ධ කිරීමක් ආදී විවිධ වූ කාරණා මෙහිදී ප්‍රකාශ කරන්ට යෙදුණා. ජනාධිපතිවරයාගෙන් අපිට අහන්න තියන ප්‍රශ්නෙ තමයි මේ දේවල් රට වෙනුවෙන් කරන්න ඔබට තිබෙන ජනවරම මොකක්ද කියන එක. නීත්‍යානුකූලව අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් වෙච්ච ඔබට අපේ රට මුල් කරල ජනතාව නියෝජනය කරලා මේ වගේ විදේශ සමඟ ගිවිසුම් අත්සන් කරන්න නීත්‍යානුකූලව කෙසේ වෙතත් සදාචාරාත්මක අයිතියක් නැහැ කියන එකයි අපේ තර්කය.”

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මේ දිනවල දක්නට ලැබෙන අනිත් නාඩගම වන්නේ 13 නාඩගම බව මන්ත්‍රීවරයා පවසයි.

”මේක හුදෙක්ම ටෙලිවිෂන් රංගනයක්. අපි දැක්කා දෙමළ ජාතික සන්ධානය මේක ප්‍රතික්ෂේප කරනවා. ඒක ඉතාම ප්‍රසංශනීයයි. ඔවුන් මේක මේ විදිහට තේරුම් ගැනීම. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ උත්සාහ කරන්නේ ‘මම සුදනා. මම 13 දෙන්න කැමතියි’ වගේ එකක් ලෝකෙට පෙන්නන්න. අපි ජනාධිපතිතුමාගේ එකක් අහන්න කැමතියි. ඒ තමයි 13 ගැන කතා කරන්න කලින් 13 ක්‍රියාත්මක වෙන්නෙ පළාත් සභා තුළනේ. එහෙනම් ඇයි තමුන්නාන්සේලාගේ ආණ්ඩුව 2015 – 2019 පළාත් සභා ඡන්දේ කල් දැම්මේ.

දෙමළ ජනතාවටත් අපි බොහොම කරුණාවෙන් කියන්නේ 13 ගැන කතා කරනවා නම්, ඊට කලින් 13 ක්‍රියාත්මක වන පළාත් සභාව ඇයි වහන්න වැඩ කළේ කියල ජනාධිපතිවරයාගෙන් අහන්න. අපි කියන්නේ පුළුවන්නම් පළාත් සභා ඡන්දෙ තියලා පෙන්නන්න තමන් නිවැරදියි කියලා. එහෙම බැරිනම් මේ 13 ගැන කතාව පැහැදිලි නාඩගමක්. මේ නාඩගමේ විකට නළුවාට අඳින්නේ රනිල් ජනාධිපතිවරයා. ඔහු හදන්නෙ දැන් සර්ව සර්වපාක්ෂික සමුළුවක් කැඳවලා මම කැමතියි අනික් අය කැමති නෑ වගේ එකක් රටට කියන්න.මං ජනාධිපතිතුමාට කතාවක් කියන්නම්,ඔබතුමාට පුළුවන් නම් ඔබතුමාගේ ආණ්ඩුව ඇතුළේ පක්ෂවලින් අහල බලන්න කවුද 13 දෙන්න කැමති කියලා. ඒ හින්ද සර්ව පාක්ෂික සමුළු තියන්න කලින් ආණ්ඩුව ඇතුළේ පක්ෂවල සමුළුවක් තියලා මුලින් එකඟතාවකට එන්න.” යනුවෙන් චරිත හේරත් මහතා තවදුරටත් ප්‍රකාශ කරයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan