මාෆියා සංගම්වලට බය වෙන්න එපා.ඉන්දියන් බිත්තර සතොසට දෙන්න!

Date:

කොළඹ LNW:ඉන්දියාවෙන් ගෙනා බිත්තර සතොස හරහා ජනතාවට ලබාදීමට වෙළද අමාත්‍යවරයා ගෙන තිබෙන තීරණය ඇතැම් මාෆියා සංගම් විසින් වැළැක්වීමට උත්සාහයක් පවතින අතර ඊට විරෝධය පළකරමින් එම වැඩසටහන ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියෙන් ඉල්ලා සිටියි.

ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර ආහාරයට ගැනීම නිසා රෝගාතුරු වූ බවට ඇතැමුන් සිදුකරන ප්‍රකාශ අසත්‍ය බවයි එම සංගමය අවධාරණය කරන්නේ.

එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා සඳහන් කරන්නේ දේශීය බිත්තර සංගම් ජනතාව බිල්ලට ගෙන සිටින බවයි.

”අපි නලීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගෙන් ඉල්ලුවා ඉන්දියන් බිත්තරය බෙදාහරින්න කියලා. ඒක සතොසෙන් දෙන්න පටන්ගන්න හදනවා. නලීන් ප්‍රනාන්දු මහතාට ස්තූති කරනවා. දැන් සංගම් ඇවිත් කියනවා මේ බිත්තර දැම්මාම කොත්තුව රෝල්ස් එක නරක් වෙනවාලු. ඉන්දියන් බිත්තරෙන් විතරද කෑම කුණුවෙන්නේ. ඒවා මේවා කියන්නේ කොමිස් අරගෙන. අපි කියන්නේ පුංචි මිනිහට බිත්තරයක් කන්න අවස්ථාව දෙන්න කියලා. ෆ්‍රීමා එකටත් කියනවා පිටි මිල පාලනය කරන්න සූදානම් වෙන්න එපා කියලා. ඇමතිවරයා ඉන්දියන් බිත්තර සතොස හරහා විකුණන්න හදන එක සංගම් නවත්වන්න හදනවා. අපි පාරිභෝගික අධිකාරියට ඇවිත් කිව්වේ ඒක නවත්වන්න දෙන එපා කියලා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් කියාසිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...

ආර්ථිකයේ කැපී පෙනෙන වෙනස්කම් කිහිපයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

2026 වසරේ මුල් භාගයේදී මෙරට සංචාරක ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : ශ්‍රී ලංකා සංචාරක...