ඊශ්‍රායල අධිකරණ ප්‍රතිසංස්කරණය මහජන විරෝධය මධ්‍යයේ නීතිගත වේ

Date:

විරුද්ධවාදීන් අනතුරු අඟවන්නේ ඊශ්‍රායලය ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස අනතුරට පත් කරන බවත් උසාවිවල බලය සීමා කිරීම අරමුණු කරගත් දැඩි තරඟකාරී ප්‍රතිසංස්කරණ මාලාවක අනුමත කරන ලද පළමු අවස්ථාව මෙය බවත්ය.

අසාධාරණ යැයි සලකන රජයේ ක්‍රියාමාර්ග අවලංගු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට ඇති බලය මර්දනය කරමින් මහජන විරෝධතාවයන් මධ්‍යයේ ඊශ්‍රායල් අගමැති නෙතන්යාහුගේ අධිකරණ ප්‍රතිසංස්කරණ පනත 0-64ක් ලෙස වැඩි ඡන්දයෙන් සම්මතව ඇතිබව වාර්තා වේ.

මෙම ප්‍රතිසංස්කරණය ඊශ්‍රායල ඉතිහාසයේ විශාලතම විරෝධතා අවුළුවා ඇති අතර විරුද්ධවාදීන් අනතුරු අඟවන්නේ ඊශ්‍රායලය ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස අනතුරට පත් කරන බවත් උසාවිවල බලය සීමා කිරීම අරමුණු කරගත් දැඩි තරඟකාරී ප්‍රතිසංස්කරණ මාලාවක අනුමත කරන ලද පළමු අවස්ථාව මෙය බවත්ය.

රජය මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, මෑත දශක කිහිපය තුළ දේශපාලන තීන්දු සම්බන්ධයෙන් අධිකරණය වැඩි වැඩියෙන් මැදිහත් වීම හේතුවෙන් බලයේ අසමතුලිතතාවය සමතයකට පත් කිරීමට මෙම පියවර ගනු ලැබූ බවයි.

මෙම මතභේදාත්මක අධිකරණ ප්‍රතිසංස්කරණය වර්ජනය කරමින් විපක්ෂ නායක Yair Lapid මෙම පියවර හැඳින්වූයේ ඊශ්‍රායල බහුතරය මතය අන්ත සුළුතරයක් විසින් අත්පත් කර ගැනීමක් වශයෙනි.

මෙම පනත සම්මත වීමත් සමඟ අධිකරණය හා පාර්ලිමේන්තුව අතර විරෝධතා දැක්වන ලද විරෝධතාකරුවන්හට පොලීසිය විසින් ජල ප්‍රහාර එල්ල කරමින් මාර්ගවලින් ඉවතට ඇද දමන ලද අතර මෙහිදී එක් විරෝධතාකරුවකු තුවාල ලැබූ අතර හය දෙනෙකු අතුඅඩංගුවට පත්විය.

සශිකලා මධුෂාණී_ (outbound today )

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපදය විසින් සපයන ලද දිගු දුර මිසයිල රුසියාවට එරෙහිව භාවිතා නොකළ යුතු බවට පෙන්ටගනය නිවේදනය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 24: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ ඉලක්ක වෙත...

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට කාර්ය සාධක බලකායක්. වසර දෙකක ඉලක්කයක්!

කොළඹ LNW:සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ජනාධිපති කාර්යය සාධක බලකායක්...

තැපැල් වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 24, කොළඹ LNW: අද (24) අමාත්‍යවරයා සමග...

පකිස්ථාන විදේශ අමාත්‍යවරයා සහ බංග්ලාදේශ නිලධාරීන් අතර සාකච්ඡා

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පකිස්ථාන විදේශ අමාත්‍යවරයා...