*
Thursday, May 16, 2024
spot_img

Latest Posts

ගයන්තිකා සහ තරුෂි

තරුෂි කරුණාරත්න වයස අවුරුදු 19 කි.ඇය ඉපිද තිබෙන්නේ 2004 දී ය.ඇය වත්මන් මීටර් 800 වාර්තාලාභිණිය වන්නීය.ඇය උදුරා ගන්නේ ගයන්තිකා අබේරත්න සතුව පැවති මීටර් 800 ජාතික වාර්තාවය.ගයන්තිකා සතුව පැවති වාර්තාව විනාඩි 2:-1.20 ක් වූ අතර තරුෂිගේ වාර්තාව විනාඩි 2:00.66 කි.
ගයන්තිකා පරාජය වූයේ ඉසව්වය.ඇයගේ මලල ක්‍රීඩාව පරාජය කරන්නට බැරි හේතු බොහෝ ය.ඒවා තරුෂිලාගේ අනාගතයට ද වැදගත්ය.සරලව ගතහොත් 1986 උපන් ගයන්තිකාට දැන් වයස 37 කි.2004 උපන් තරුෂිට 19 කි.හරියටම වයසෙන් භාගයක් වන්නට අඩු බොහොම කුඩා කාලයකි.සූරියවැව වැනි ගයන්තිකා ජිවත්වන ප්‍රදේශවල ඇත්ත තත්ත්වය ගයන්තිකාලාගේ වයසේ කාන්තාවන්ට තරුෂිලාගේ වයසේ දූවරු සිටීමය.ගයන්තිකාටද තමන්ගේ පංතියේ එකියන් උන්ටත් වඩා නැඩ දූවරුන් සහ පුතුන් සමඟින් ගමේදී හමුවන අවස්ථා බොහෝ අත් විඳ තිබෙනවාට සැක නැත.


එහෙත් තරුෂි තරමේ දූවරුන් නොවැදුවාට ගයන්තිකා මවකගේ හැඟීම් ඇති වයසක සිටින්නීය.ඒ බව තරුෂි ඇසුරේ ඇය සනාත කළ බව කණ්ඩායම් කළමණාකරු ජගත් ද සිල්වා ම පවසන්නේය.ගයන්තිකා සහ ඇයගේ වැඩිමහල් සහෝදරිය පාසල්වියේ සිටම දන්නා මේ සටහන්කරු ඔවුන් වෙනුවෙන් බොහෝ මැදිහත්වීම් කළ අයෙකි.ඒ ගැන දන්නා නිසාම ජගත්, ගයන්තිකා විසින් තරුෂිට දුන් අවවාදයක් ගැන පවසන්නේ බොහොම තෙත හදවතක් සහිතවය.අගය කරමින්ය.
“ඔයා පරිස්සමින් ඉවසීමෙන් මේ ගමන යන්න ඕනි.ඔය වයසත් එක්ක ඉතා ඉක්මණින් කොමන්වෙල්ත් මෙඩල් එකකට යන්න පුළුවන්”
ආසියානු මලල ක්‍රීඩා සූරතාවලිය පුරාම කණ්ඩායම් නායිකාව හැටියට තමන්ට වඩා බෙහෙවින් බාල බහුතරයක් බලා කියා ගන්නා අතරේම ඇයගේ ඉසව්වටම තරග කරන ඇයව පරාජය කරනු ඇතැයි බොහෝ විශ්වාසයන් ඇති කර තිබුණ තරුෂි වෙනුවෙන් ගයන්තිකා මව් ගුණය වැඩුවේ ඒ ආකාරයටය.
ගයන්තිකා සූරියවැව පාසල් යන සමයේ සිටම දිව්වේ බාධක ගොඩක් මැදින්ය.පාසලට පයින් එන දුර ඈ සිටියාය.ඒ පයින් එන දුර සමහර විට කෙනෙක්ට ත්‍රීරෝද රථයක කුලී ගමණක්ය.පොළවට අව්ව වැටෙන්නට පෙර එවකට පුහුණුකරු වූ සුජිත් අබේසේකරගේ අණට පාසල් පිටියට ඒම වුව පහසු නැත.කරුවල සමඟම සතා සර්පයාද ඒ පිණිවලින් තෙතැති පොළවේ මිතුරෝය.ඒ වගෙම වන සතුන්ය.
ඇය මෙන්ම සොයුරිය නිලංකා ද ක්‍රිඩාව සමඟ අධ්‍යාපනයද සමබරව පෙරට ගෙනාවේය.නිලංකා විශ්ව විද්‍යාලයට ද එන්නීය.එකල් හී විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙල වාර්තා ගොන්නකින් පුරවමින් නිලංකා දුවද්දී ඒ පසුපස සිටි ගයන්තිකා ඇති වූ ආබාධයක් සමඟ මද නිහැඩියාවක වෙලෙන්නීය.ඉනික්බිති ඇය නැවත නැගිටීම ලබන්නේ කාලයක් ආසියානු මට්ටමෙන් මීටර් 800 නිමාලි සමඟ එක්ව බෙදා ගනිමින්ය.නිමාලි ද ගයන්තිකාලාගේ ඇසුරේ සුජිත් යටතේ එක පොකුරක සිටි මලල ක්‍රීඩිකාවෝය.
දැන් ගයන්තිකා සජිත් ජයලාල් යටතේය.නිමාලි තවමත් සුජිත් යටතේය.ඇයද ආබාධයකින් පීඩා විඳිමින් සිටින්නේ ඉහළම මට්ටමේ බලාපොරොත්තු සහිතව සූදානමින් සිටින මොහොතක රියදුරෙක් කළ නොසැළකිලිමත් රිය ධාවනයක ප්‍රතිපලයක් ලෙසය.තරුෂි,මේ නිර්මාණය වන්නේ සුසන්තගේ මඟ පෙන්වීම මෙන්ම නිමාලි,ගයන්තිකා,ඩිල්ෂි වැන්නියන් මීටර් 800 අභියෝගය පළල කළ නිසාය.
ඒ අතරින් ගයන්තිකා මීටර් 800 ඉසව්වේ දකින්නට හැකි මනා විශ්වාසයක් සහිතව ධාවනයේ යෙදින්නියක් වන්නීය.ඉසව්ව මුල සිටම ඉහළ මට්ටමක රැඟෙන යන්නි ඇයය.ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියේදී ද සිඳු වූයේ එයමය.ඇය මීටර් 800 ඉසව්වේ බොහෝ දුරක් පෙරමුණ ගෙන ඉසව්වේ වාර්තාගත කාලයකට අවශ්‍යය අඩිතාලම දමා දුන්නේය.ඇය ඇයගේ වාර්තාව අහිමි කර ගනිමින් තෙවැන්නිය වෙද්දී ඇය ලබා දුන් වේගයේ පලය ලෙස තරුෂි නව ශ්‍රී ලංකා වාර්තාවක් පමණක් නොව ආසියානු මලල ක්‍රීඩා සූරතාවලි වාර්තාව ද ඇය නමින් ලියා ගන්නීය.දැන් තරුෂිගේ වාරයය.ගයන්තිකාගේ ධාවනය නායකත්වය සහ පදක්කම් යුගලය (මීටර් 800 සහ 1500 ලෝකඩ පදක්කම්) මතකයෙන් බැහැරය.


ගයන්තිකා සූරියවැව ය.සමහර කාලවලට පොළව ඉරි තලන තරම් පායන පොළවත් එක්ක හැප්පෙන පවුලක සාමාජිකාවක්ය.තරුෂි උඩ දුම්මබරය.ඇය මුලින්ම ගිය උඩු දුම්බර කළුගල චූලාභය පාසග ගැන රටම දැන ගත්තේ එහි සිටි අපූරු ගුරු මව තිළිනි ශෙල්වින් නිසාය.ඒ ගමද සශ්‍රීක නැති දුෂ්කරතාවලින් ගයන්තිකාලාගේ ගම මෙන්මය.සංස්කෘතිය අනුව මදක් වෙනස්කම් ඇති ඒ ගමේ තරුෂිලාගේ දෙමව්පියන් වෘත්තියෙන් යම් මට්ටමකින් වෙනස් වුව ද,මේ පවුල්වල කතාවන් ගලා යන්නේ බොහෝ සමානකම් සහිතවය.
තරුෂි ගැන ගයන්තිකාට මොලොක් හැඟීම් පහළවන්නේ ඒ නිසා විය යුතුය.දුක යනු තව දුරටත් තව කෙනෙක් විඳිය යුතු නැති බවට හැඟීමක් ඇති වන තෙක්ම ගයන්තිකාලා ක්‍රිඩාව වෙනුවෙන් දුක් විද ඇත.එසේම ක්‍රීඩාව වෙනුවෙන් තමන්ගේ ජීවිතයේ වසන්තය දිය කර හැර ඇත.ඒවා තව කවුරුත් තම උරුමය කරගත යුතු නැති බව සිතන ගයන්තිකාලාට ඉතිහාසය විසින් ඉතිරි කර ඇති ජයග්‍රහණ යනු සමහර විට පදක්කම්වල ලෝහමය බර ඉවත් කළ පසු දැනෙන හිස්කමක් වන්නට හැකිය.
කවුරුත් ගයන්තිකා රත්තරන් නොවුණු තැන ඒ දෙස නොබලන්නේය.ඇය ඒ දෙස මහා වනාන්තරයක් වට කොට ජිවිතය ගෙවද්දිම දැක ඇත.කුඩා ගස් අතු දමමින් වැඩී පරණ ගස් නොපෙනෙන මට්ටමට වැඩී අමතකව යන හැටි ඇයගේ ජීවන අත්දැකීම් තුළ කොතෙකුත් තිබෙන්නට ඇත.මේ නිසාම ඇය තරුෂිට පසුව වැඩෙන ගස් ගැන සිතෙන්නට ඇත.ක්‍රිඩාවේ වාර්තා යනු පසු පරපුරට දෙන ඉලක්කය.ඒවා රැකේනට නොව බිදෙන්නට අවශ්‍යය ඒවාය.ක්‍රිඩාව ඉදිරියට යන්නේද එහි චමත්කාරය වැඩි වන්නේ ද අපූර්වත්වය සහ චමත්කාරය ගොඩ නැඟෙන්නේ ද ඒ ආකාරයෙන්ය.
පයින් ඇදීම්,ඉච්ඡා බස් කොතෙකුත්ය.තරුෂි සමහර විට මේ වන විටත් එවැනි අත්දැකීම්වල වේදනාවන්ගේ නිර්මාණයක්ය.දිගන පිටියෙන් මෑථ ඉතිහාසයේ ඇසුණු කතාවලින් සමහර විටෙක තරුෂිගේ ක්‍රීඩා ජිවිතය යටපත් කර දමන්නට තිබිණ.එහි නව බලධාරීන්ට තරුෂි යනු පිටියට ගෙවන ටිකට් එකක මිලක් පමණක් විය.මෙවැනි නොසළකා හැරීම් අවතක්සේරු කිරිම් ගයන්තිකාගේ ජිවිතවලද හොඳට පදම් වී ඇත.
ඇය පරිස්සමෙන් මෙන්ම ඉවසීමෙන් යන වචන ද තරුෂිට පවසන්නේ ඒ අත්දැකිම් සමඟ විය යුතුය.නිමාලිලා,ගයන්තිකාලා පුරාවෘත්තය.ඒවා වසා අලුත් ගස් පැල වුණද ඒ රූස්ස මතක ඇති සෙවණ අලුත් පරම්පරාවට වැදගත්ය.බොහෝ බාධක දරා ගන්නට ඒ සෙවණ ඇවැසිය.ඇත්තටම මෙවැනි අත්දැකීම් සහිත ක්‍රීඩිකාවන් ගැන වෙනම මානයකින් ක්‍රීඩාවේ හෙට දවස පෝෂණය කරන්නට යොදා ගැනීම ගැන සිතන්නට අදහසක් අපට තිබිය යුතුය.
තරුෂි දිනුවාය.වාර්තා තැබුවාය.හෙට ගයන්තිකාට වඩා බර ඇයගේය.එහෙත් ගෙවුණු කාලය විසින් ගයන්තිකාලාට ඉතිරි කර ඇති මතක අත්දැකිම් වල බර සෙමින් සෙමින් තරුෂිගේ ජයග්‍රහණවල බර වැඩි කර ගන්න හැඩ ඇති කරගන්න යොදා ගන්නට ඇති ඉඩ නොසළකා සිටිය නොහැකිය.ගයන්තිකා නොපෙනෙන රන් පදක්කම් පොකුරක්ය.ඇයගේ ගෙලේ නොදිලිසුණ ද,තරුෂිගේ ජිවිතය බබලවන්නට ඒ නොපෙනෙන පදක්කම් පොකුරේ ඇති මතක පාර පෙන්නනවා නිසැකය.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan