සෞඛ්‍ය සියලු වෘත්තිය සමිති වැඩ වර්ජනයකට සැරසේ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (25) දිනය තුළ ජනමාධ්‍යයන් වෙත ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කළ චක්‍රලේඛය හකුලා නොගන්නේ නම් සෞඛ්‍ය සියලු වෘත්තිය සමිති වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

එම  චක්‍රලේඛය වහා හකුලාගන්නා ලෙස බල කරමින්, මර්දනයට එරෙහිව සහ රෝගීන්ගේ අයිතීන් සුරැකීමේ සංවිධානය ඊයේ (24) සෞඛ්‍ය අමාත්‍යාංශයට පෙත්සමක් භාර දී ඇත.

ජනමාධ්‍යයන් වෙත ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මෙම චක්‍රලේඛය නිකුත් කළේ පසුගිය සෙනසුරාදා දිනයේ වන අතර මර්දනයට එරෙහිව සහ රෝගීන්ගේ අයිතීන් සුරැකීමේ සංවිධානය ඊයේ (24) කොළඹදී මෙම චක්‍රලේකයට විරෝධය පළ කරමින් පෙත්සමක් අත්සන් කරනු ලැබ ඇත.

මෙම සංවිධානයට සෞඛ්‍ය වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන ඇතුළත් වූ අතර එම පිරිස පා ගමනින් සෞඛ්‍ය අමාත්‍යාංශ වෙත ගොස් එම පෙත්සම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ , තොරතුරු දැන ගැනීමේ පනත යටතේ හදිසි ඖෂධ මිලදී ගැනීම ගැන තොරතුරු ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් යොමුකරන බවයි .

හදිසි මිලදි ගැනීම් කොපමණ ප්‍රමාණයක් සිදු කර තිබෙනවා ද ඒවාට වැයකර ඇති මුදල කොපමණද යන්න දැන ගැනීමට එම ලිපියෙන් අපේක්ෂා කරන බවත්  සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විටත් හදිසි මිලදි ගැනීම්වලින් ඉවත්ව නොමැති බවත්, එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ,

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති අනුර තවත් විදේශ සංචාරයකට

සටහන - රුවන් නෙළුගොල්ල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙදින...

අශෝක ජයතුංග e කොළම.

🍎ජනපති අනුර ඇමෙරිකානු බදු අංශ සමග සූම් කතාබහක…..!🍎ඇමෙරිකාවට වාසි...

සුදු අරලියා මල …. පිපුනේ ඇයි වැවක ….

සුදු අරලියා මලපිපුනේ ඇයි වැවකප්‍රශ්නය නම් වැටකමල කඩනුයෙ කුමට ඩඩ්ලිගෙ...

පොලීසිය මුණ ගැසෙන්න සීසීසී සුදුසුකම් ලබයි

නිශ්මං රණසිංහ ජූලි 28, කොළඹ LNW: ප්‍රධාන ක්‍රීඩා සමාජ අතර...