Doksuri කුණාටුව පිළිපීනය හරහා

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පැසිෆික් සාගරය හරහා පිලිපීනය දෙසට හමා යන Doksuri කුණාටුව ප්‍රබල සුළි කුණාටුවක් දක්වා තීව්‍ර වී ඇති බව විදෙස් මාධ්‍ය පවසන්නේ ,මෙම සතිය අගදී සුළි කුණාටුව චීනයට ළඟා වීමට පෙර එය පිලිපීනයේ උතුරු ප්‍රදේශයට ළඟා විය හැකි බවයි පැවසෙන්නේ .

එරට කාලගුණ කාර්යාංශය පවසන්නේ , ඉදිරි පැය 24 තුළ පිලිපීනයේ බබුයාන් දූපත් හරහා හෝ ඒ ආසන්නයෙන් ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් , තද සුළං සමග සැලකිය යුතු වර්ෂාපතනයක් ද අපේක්ෂා කෙරෙන බවයි .

විශේෂයෙන් පිලිපීනයේ විශාලතම සහ වඩාත්ම ජනාකීර්ණ දූපත වන බබුයාන් දූපත් සහ උතුරු ලුසොන් හරහා මෙම සුළි කුණාටුව හමා යන බවත් ගංවතුර සහ නායයෑම් බොහෝ දුරට ඇතිවිය හැකි බවත් එරට කාලගුණ කාර්යාංශය අනතුරු අඟවා ඇත.

විදෙස් මාධ්‍ය පවසන්නේ, ප්‍රාදේශීය නිලධාරීන්ගේ ඉවත් කිරීමේ නියෝග සහ වෙනත් උපදෙස් පිළිපදින ලෙස පිලිපීනය ඉතා අවදානම් ප්‍රදේශවල ජීවත් වන ජනතාවගෙන්ද ඉල්ලා ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මතුගම බලය සමගි ජන බලවේගයට

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට සමගි...

වලපනේ ප්‍රාදේශිය සභාවට NPP සභාපතිවරයෙක්!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද දින (30)...

පරීක්ෂා නොකර නිදහස් කරන ලද බහාලුම් ගැන පාර්ලිමේන්තුවේදී හෙළි වෙයි!

කොළඹ LNW: රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් තොගයන් නිදහස් කිරීම...

ඇල්මෙන් උගනින්න ගිය පුත කුමක් විණ ?

මන්දාකිණි පිරුණු අනන්ත අහස ගැනදහසක් රහස් සඟවා ගත් මුහුද...