ජනාධිපති සමාව චෝදනා ලැබ සිටින රණවිරුවන්ටත් දිය යුතුයි – නාමල්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජනාධිපතිතුමන් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ට ජනාධිපති සමාව ලබාදී ඇති බවත් ,  මහ බැංකුවට බෝම්බ ගහලා  91 ජීවිත බිලිගත්තු, 200කට වඩා තුවාල වෙච්ව් වැරදිකරු වෙලා අවුරුදු 200ක් හිරේට නියම උනු එල්ටීටීඊ සාමාජිකයාටත් ජනාධිපති සමාව ලබාදී තිබෙන බව , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

” මහ බැංකු බෝම්බයෙන් 91 ජීවිත නැතිකරපු එල්ටීටීඊ ත්‍රස්තවාදියකුට ජනාධිපති සමාව ලබා දුන් ආකාරයටම චෝදනා ලබාසිටින රණවිරුවන්ටත් ජනාධිපති සමාව දිය යුතුයි.” යයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නකට පිළිතුරු දෙමින් නාමල් මහතා පැවසීය.

ඒ සම්බන්ධයෙන් ඔහු තවදුරටත් මෙසේ සඳහන් කළේය.

” මම දැක්කා අතිගරු ජනාධිපතිතුමන් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ට ජනාධිපති සමාව ලබාදෙනවා. විශේෂයෙන්ම මහ බැංකුවට බෝම්බ ගහලා  91 ජීවිත බිලිගත්තු, 200කට වඩා තුවාල වෙච්ව් වැරදිකරු වෙලා අවුරුදු 200ක් හිරේට නියම උනු එල්ටීටීඊ සාමාජිකයාටත් ජනාධිපති සමාව ලබාදී තිබෙනවා.

මමත් ඔය එල්ටීටීඊ සැකකරුවන් එක්ක මැගසින් බන්ධනාගාරයේ හිටියා. ඒ මම රක්ෂිත බන්ධනාගාර ගත වෙලා ඉන්නකොට.

ක්‍රමානුකූලව ඒ අයට ජනාධිපති සමාව දීලා හෝ මේ අවුරුදු 15ක් 20ක් රිමාන්ඩ් බන්ධනාගාරෙ ඉන්න අයව නිදහස් කරන එකේ ගැටළුවක් නෑ. අනිත් පැත්තෙන් රණවිරුවොත් යම් චෝදනාවන්ට ලක් වෙලා වැරදිකරුවන් වෙලා තියෙනවා. ජනාධිපතිවරයා මේ අයටත් ජනාධිපති සමාව දෙනවානම් ඒක තමයි මේ වෙලාවෙ වියයුත්තෙ කියලා මම විශ්වාස කරනවා.

” මොකද මේ පරිච්ඡේදය අපි වහන්න ඕනෙ. ඒක වහනවනම් එල්ටීටීඊ ත්‍රස්තවාදීනට පමණක් සීමාවෙලා බෑ. රණවිරුවන්ටත් චෝදනාවක් තියෙනවානම් ඒ රණවිරුවන්ටත් ජනාධිපති සමාවදීලා මේ පරිච්ඡේදය අවසන් කරන්න ඕනෙ කියන එක මගේ විශ්වාසය.”

ලෙස ඔහු පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධනට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරට උසස් වීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි07, කොළඹ LNW : රාජ්‍ය සේවා කොමිෂන් සභාව...

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...

විෂයමාලා සහ පෙළපොත් සමාලෝචන නිලධාරීන් වෙත සයිබර් ආරක්ෂණ මාර්ගෝපදේශ සංග්‍රහයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:විෂයමාලා, පෙළපොත් සකස් කිරීම සහ සමාලෝචනය සිදු...