උද්ඝෝෂණයක් වලක්වා අධිකරණ නියෝගයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): හෙට (26) පැවැත්වීමට නියමිතව තිබු පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ  උද්ඝෝෂණය වළක්වමින් කොළඹ අලුත්කඩේ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණ විසින් එම නියෝගය නිකුත් කර ඇත.

පෑලියගොඩ පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂවරයා විසින් අද (25) අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව එම නියෝගය නිකුත් කර ඇති අතර,පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ වෙළෙඳකුටි භාහිර පුද්ගලයන්ට ලබාදෙන බවට චෝදනා කරමින් එහි පොදු වෙළෙඳ සංගමය හෙට වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබුණි.

මෙමගින් මහජන පීඩාවක් ඇතිවිය හැකි බව පොලිසිය මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් ගොනුකරමින් සඳහන් කර ඇති අතර ඒ අනුව අදාළ නියෝගය නිකුත් කර ඇත්තේ මැනිං මාර්කට් පොදු වෙළෙඳ සමිතියේ සභාපති, ලේකම් ඇතුළු සමාජිකයන්ටය.

මෙම තහනම් නියෝගය නොතකා උද්ඝෝෂණය කළහොත් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106(3) වගන්තිය යටතේ ක්‍රියාකිරීමට පොලීසියට හැකියාවක් තිබෙන බව ද එම නියෝගය කඩ කිරීම ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 185 වන වගන්තිය අනුව දඬුවම් ලැබිය හැකි වරදක් බව ද එම අධිකරණ නියෝගයේ වැඩිදුරටත් පවසා ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...