*
Thursday, May 15, 2025
spot_img

Latest Posts

ඇමති මැදිහත්ව තුෂාර සහ සුසන්ත ඇතුළට

ආසියානු තරගාවලිය සඳහා සහභාගි වන ක්‍රීඩා කණ්ඩායමට නම ඇතුළත්ව නොතිබුණු,ගෙවුණු ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියේ දස්කම් දැක්වූ තරුෂි කරුණාරත්න සහ නදීශා රාමනායක පුහුණු කරන මලල ක්‍රීඩා පුහුණුකරුවන් දෙදෙනා වන සුසන්ත ප්‍රනාන්දු සහ මුද්දික තුෂාර ගේ නම් ඇතුළත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කළ බව ක්‍රීඩා අමාත්‍යංශ මාධ්‍ය අංශය පෙන්වා දෙයි.සුසන්ත නව ශ්‍රී ලංකා වාර්තා තුනකකට සහ නව ආසියානු මලල ක්‍රීඩා සුරතා වාර්තාවකට දායක වෙමින් දස්කම් දැක් වූ තරුෂි කරුණාරත්නගේ පුහුණුකරුය.නව ශ්‍රී ලංකා වාර්තා දෙකකට දායක වෙමින් දස්කම් දැක් වූ නදීශා රාමනායකගේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ තුෂාර ය.

තරුෂි සහ නදීශා දෙදෙනාම මීටර් 400 කාන්තා සහ මිශ්‍ර සහය දීවිම් ඉසව්වලින් නව ශ්‍රී ලංකා වාර්තා පිහිට වූ සහය දිව්මේ කණ්ඩායමේ සාමාජිකාවෝ වූහ.තරුෂි මීටර් 800 ඉසව්ව නව ආසියානු මලල ක්‍රීඩා තරග වාර්තාවක්ද සමඟ ජයගත්තාය.නදීශා එම ක්‍රීඩා උළෙලේ මීටර් 400 ඉසව්වේ ජයග්‍රාහිකාව වූවාය.ක්‍රීඩිකාවෝ දෙදෙනාම ශ්‍රී ලංකාවට එම ක්‍රීඩා උළෙලේ රන් පදක්කමක් සහ රිදී පදක්කම් දෙකක් දිනා දීමට දායක වූහ.

චීනයේ හැංශුයි නුවර දී පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වන 96 දෙනෙකුගෙන් යුත් ක්‍රීඩා කණ්ඩායමකට අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි විය.ඊට අමතරව එම කණ්ඩායම සමඟ සහභාගි වීමට කළමණාකරුවන් 20 ක් සහ පුහුණුකරුවන් 24 දෙනෙකු සහභාගී වේ. වෛද්‍ය කණ්ඩායමේ 06 ක් ද, ජාතික ඔලිම්පික් කමිටු නිළධාරීන් 07 දෙනෙකුට ද අමාත්‍යවරයාගේ අවසරය හිමි විය.ඒ අනුව ක්‍රීඩා 20 ක් නියෝජනය කරමින් තරගාවලිය සඳහා සහභාගි වීමට අවසරය ලද සමස්ත කණ්ඩායමට සාමාජිකයන් 153 ක් ඇතුළත් වෙයි.

එම මාධ්‍ය නිවේදනයේ දක්වා තිබෙන ආකාරයට මීටර් 400 ඉසව්වෙන් ශ්‍රී ලංකාව ආසියානු මලල ක්‍රීඩා තරගාවලියක රන් පදක්කමක් දිනා ඇත්තේ වසර 32 ට පසුවය.නමුත් 2000 වසරේ දමයන්ති දර්ශා ජාකර්තා හී දී ආසියානු මලල ක්‍රිඩා සූරතාවලියේ මීටර් 400 රන් පදක්කම දිනා ගනිමින් තැබූ ආසියානු මලල ක්‍රීඩා සූරතාවලි වාර්තාව අදටත් නොබිදී පවතින අතර එයට ගත වී ඇත්තේ නම් වසර 23 කි.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan