*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

කැබිනට් කතා වැඩක් නෑ. ව්‍යවස්ථාව උල්ලංඝනය නොකර ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය ක්‍රියාත්මක කරන්න – සජිත් (VIDEO)

සටහන – රුවන් නෙළුගොල්ල

රටේ උත්තරීතර නීතිය ක්‍රියාත්මක කරන විධායකයට, ව්‍යවස්ථාදායකයට, අධිකරණයට තිබෙන බලතල තුළ යුක්තිගරුක සහ නීතිගරුක විය යුතු බවත් කිසිවෙකුට තම සිතැඟි පරිදී රටේ නීතිය හැසිරවීමට නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අධිකරණය හෝ ශ්‍රේෂ්ඨාධිකරණය තින්දුවක් ලබාදුන් විට එම තීන්දුව ක්‍රියාත්මක කිරීමට සියල්ලන් බැඳි සිටින බවත් එම තීන්දුව ප්‍රශ්න කිරීමට නොහැකි බවත් අධිකරණයට ලබාදිය යුතු ගරුත්වය ලබාදිය යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා කීය.

විධායකයට, ව්‍යවස්ථාදායකයට, අධිකරණයට තිබෙන බලතල තුළ එම බලතල ක්‍රියාත්මක කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයේ තිබෙන ශක්තිමත්ම පදනම බවත් මෙම ප්‍රධාන කුළුණු තුනේ බලතල පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව ඇති අවස්ථාවක අපට සිතැගි පරිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හසුරුවන්න නොහැකි බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ඒ අනුව, පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව පිළිබඳව විවිධ කතා සමාජ ගතවී ඇති බවත් ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයත් සාකච්ඡා කර තිබෙන බවත් කෙසේ නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි තින්දුවක් ලබා දී තිබෙන බැවින් එම තීන්දුව ක්‍රියාත්මක කිරීමට ව්‍යවස්ථාදායකය සහ විධායකය බැඳි සිටින බවත් පැවසූ විපක්ෂ නායකවරයා ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරල් එල්ල නොකර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය නොකර කටයුතු කළ යුතු බවත් අවධාරණය කළේය.

ව්‍යවස්ථාවේ තිබෙන අණ පනත් ක්‍රියාත්මක කරන්න බැඳී සිටින බවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ජනාධිපතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට සිතැගි පරිදි තීන්දු තීරණ ගැනීමට නොහැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ක්‍රියාත්මක කළ යුතු බවත් කැබිනට් මණ්ඩලයට උසාවියට අපහාස කිරීමට නොහැකි බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

රජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය නොකර ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගය එය ක්‍රියාත්මක කරන්න රජය බැඳී සිටින බවත් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගය ක්‍රියාත්මක නොකර ඒ සඳහා විවිධ අර්ථකතන දීමට යාම වැරදි ක්‍රියාවක් බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (25) පාර්ලිමේන්තුව අමතමිනි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan