*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

වමේ ලිලිපුට්ටන් හමුවේ යෝධ ගලිවරයෙකුවූ මහා රතු බාහු ….

කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ විශේෂ ඉංජිනේරු ආචාර්ය උපාධියක් අරන් වික්‍රමබාහු ලංකාවට එන්නෙම විශ්ව බුද්ධිමතෙක් විදියට..(දැන් ඉන්න පිනාචාර්‍යවරුවගේ නෙමේ)

එතැන් සිට ඔහු ස්වකීය මහා උගත්කම ජනප්‍රියවීමේ හෝ ධනය ඉපැයීමේ මාධ්‍යයක් කර නොගෙන වාම හෘදසාක්ෂියේ දේශපාලනයට පෙරසේම පිවිසුනා…

ඊළඟට 78 ජේ. ආර්. ජයවර්ධනගේ නව ව්‍යවස්ථාවට එරෙහි සටනට නායකත්වය දුන් ඔහුව එවකට ආන්ඩුව විසින් ඔහුව සරසවියෙන් නෙරපනවා.. එතැන්සිට මහා බුද්ධිමතෙක් ලාංකීය විශ්ව විද්‍යාල පද්දතියට සදහටම අහිමිවෙනවා..

එතනදි ඔහු ජොබ් එක ඉල්ලගෙන දේශපාලකයින්ගේ පිටිපස්සේ ගොට්ට අල්ලන්ට ගියේ නෑ.. අති දුෂ්කර කොන්දේසි මැද ස්වකීය ස්තාවරයේ නොසෙල්වී ඔහුගේ වමේ දේශපාලනය දිගටම කරගෙන ගියා..

ඊළඟට 88 – 89 මාද නියෝජනය කල ජ.වි.පෙ කැරළිකාරිකරුවන් පක්ෂයෙන් පිට වාමාංශිකයන් සංහාරය කල අවදියේ වික්‍රමබාහුටත් වෙඩි තියනවා.. වාසනාවකට වෙඩිල්ල වැදී තිබුනේ ඔහුගේ තට්ටම් ප්‍රදේශයට.. එයින් ඔහුගේ දිවි ගැලවෙනවා.. එතෙන්දිත් ඔහු ජ.වි.පෙ. සමඟ පුත්ගලික ආරෝවක් ඇති නොකර එවකට පැවති රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව හා අතුරුදන් වූවන් වෙනුවෙන් ප්‍රසිද්දියේ දිගටම පෙනීසිටිනවා…

මේ ඉතිහාසයේ තවත් මොහොතක මුලු දකුණම සිංහල බෞද්ධ ඒකීය රාජ්‍ය වෙනුවෙන් දමිල විරෝධී රුධිර යුද්ධයක හවුල්කාරයෝ වෙලා සිටි මුග්ධ නිමේශයක ඔහු දෙමළ ජනයාගේ ස්වයංතීරණ අයිතිය වෙනුවෙන් සහ දමිළ අතුරුදන් වූවන් වෙනුවෙන් තනිවම ඒත් ඉහලින්ම පෙනීසිටියා….

ඒ වෙනුවෙන් ඔහුට කටුනායක ගුවන්තොටුපොලේදී ජාතිවාදී රාජපක්ෂ මැරයන්ගේ පොලු පහරවල්වල ගොදුරක් වෙන්න පවා සිදු උනා..රාජපක්ෂලගේ පාදඩ මැරයෝ ඔහුගේ ඔළුවත් පැලුවා.. ඔහු ඔළුව බැන්ඩේජ් කරගෙන දිගටම ස්වකීය සටන නිර්භයව කෙරගෙන ගියා..

ඔහු සමඟ එකට දේශපාලනය කල ඔහුගේ සමකාලීනයෙකු වූ වාසු රාජපක්ෂ සුළියට හසුවී කුඩුපට්ටම් වී කුණුවී ඉස්ම බහිද්දී බාහු දෘඩ ලෙස අති දුෂ්කර තත්වයන් මැද ඔහුගේ දර්ශනය වෙනුවෙන් අභීතව පෙනී සිටියා… සියළු පැරණි වාමාංශිකයන් සහ ජ.වි.පෙ. සබාගයට හා පාර්ලිමේන්තුවාදයට වැටී දියවී වල්මත්වී යන විට බාහු තමාට තමා අමතකවී යනකම්ම පරණ රතු කමිසය සමඟ දීප්තිමත් ඉන්ද්‍රකීලයක් සේ ස්වකීය මතවාදයේ නොසෙල්වී සිටියා…

ඒවගේම වමේ බොහෝ බලවේග වීරවංශ ටයිප් එකට වැටිලා දූපත්වාදී අධිරාජ්‍ය විරෝධයක පැටලිලා සිටින සන්දර්භයක ලංකාවේ සමාජවාදයට පෙර ධනවාදය බිහිවිය යුතු බවත්, ඒ සඳාහා මහා ප්‍රාග්ධනය ලංකාව තුළට පැමිණිය යුතුබවත් අවබෝධ කරගෙන සිටි එකම සහ අව්‍යාජ සමාජවාදියත් ඔහුයි…

ඇත්තෙන්ම ඔහු හුදු එක් පුත්ගලයෙක් නොව වමේ එක් චැප්ටර් එකක් සහ යුගයකි …

ඒක දැන් ඉවරයි.. !

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan