*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

දොවා ගත් කිරි කළයට ගොම දා ගැනීම

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 26, (LNW) කොළඹ :

මේ මොහොතේ ක්‍රීඩා අමාත්‍යවරයා මෙන්ම ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ද ක්‍රීඩාව පැත්තෙන් ගත් විට හදාගෙන තිබෙන ප්‍රතිරූපය තාර්කිකව හොඳය.රොෂාන් රණසිංහ මඑ අර්ජුන රණතුංග අති පාරිශුද්ධ චරිත ලෙස ගන්නා දුර්ලභව සිටිය හැකි අයෙකුට මිස හරීන්ට වඩා රොෂාන් හොඳයි කියන්න නොහැකිය.හරීන්ගේ හොඳකමට ඔහු ගත් තීරණ පිටුපස ශෙමාල් ප්‍රනාන්දු කළ කාර්යභාරයද සුළුපටු නැත.අපි එය දනිමු.
එහෙත් රගර් ක්‍රීඩාව සම්බන්ධයෙන් වැඩ කිරීමේදී ග්‍රාමිය ක්‍රීඩාවේ ව්‍යාප්තිය,බලය විමධ්‍යගත කිරීම වැනි පොදු කාරණාවලින් පිට පැන,ප්‍රභූ සමාජය එක්රොක් වන ක්‍රීඩා සමාජ කිහිපයකට අවැසි විදිහට සහ බලය පැවරෙන විදිහට ලංකාවේ රගර් ව්‍යවස්ථාව සැකසීම වෙනුවෙන් පෙනී සිටීම ඒ පොදු සාධනීය ගුණ සහිත වැඩ පිළිවෙලින් බැහැරය.


මේ ක්‍රීඩා සමාජ පළමුපෙළ කියා කියා ගැනීමත් අමාත්‍යවරයාද කියනු අපි ඇසුවෙමු.ඒ සියලු ක්‍රීඩා සමාජ පළමු පෙළ වන්නේ කෙසේද?අප අමාත්‍යවරයාගෙන් අසන පැනය එබඳුය.ඒවා සදාකාලිකව පළමු පෙළ තැබෙන්නේ දෙවන පෙළින් මතුවන දක්ෂ කණ්ඩායමකට පළමු පෙළට එන්නට සහ පළමු පෙළ කණ්ඩායමට නැවත දක්ෂතා දක්වා පළමු පෙළ සුදුසුකම් ලබන්නට අවශ්‍යය කරන ක්‍රමයක් සැකසී නැති නිසාය.ක්‍රීඩා අමාත්‍යවරයා රටේ රගර්වලට ඇත්තටම ආදරය කරනවානම් යෝජනා කළ යුත්තේ එයය.
කෙසේ හෝ අමාත්‍යවරයා, ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කටයුතු නොකිරීම සහ නිලවරණය නොපවත්වා බලයේ සිටීම යන කාරණා සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා පදනම් කරගෙන රගර් පරිපාලනය විසුරුවා හැරියේය.එසේ විසුරුවා හැර ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්ට නිලවරණය පවත්වා නව පරිපාලනයකට අවස්ථාව දීමට ඉඩ ලබා දුන්නේය.එහෙත් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ආරම්භ කළේම චෝදනාවට ලක් වූ, විසුරුවන්නට මුල් වූ පරිපාලනයේ ප්‍රධානියාම එහි පහසුකම් සපයන්නා ලෙස පත් කර ගැනීමය.අපට මතු පිටට පෙනෙන්නේ අධ්‍යක්ෂ ජෙනරාල්ව වුව,එම පත්වීම පිටුපස ඇමතිද සිටිය හැකිය.


ඉනික්බිති මහා සභාවේ දී ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් ද මැදිහත්ව ව්‍යවස්ථා සංශෝධනය ගෙනෙන බව දැන ගන්නට ලැබුණු පසුව ඡන්ද හිමි පළාත් සංගම් අධිකරණයට ගියහ.ඉනික්බිති ඔවුන් ව්‍යවස්ථා සංශෝධනය හැරි සෙසු දේ ගැන කතා කරන්නට එකඟව එම මහා සභාව පිළිගන්නා බව දැන් වූවේ අධිකරණ නියෝගයට අනුවය.එහෙත් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා එම මහා සභාව නොපැවත්වූවේ අධිකරණ නියෝගය පදනම් කරගෙනය.එහි ඇත්තේ එම මහා සභාවේ අලුත් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කතා කිරීම නවත්වන ලෙස පමණක්ව තිබියදී මහා සභාව නැවත්වීම එක අතකින් අධිකරණයට පිටින් යාමක්ය.එසේම මහා සභාවේ උවමනාව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මැදිහත්ව නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ උවමනාවක් පවතින බවය.

මේ තත්ත්වය නරක එකකි.නිලවරණය පවත්වා ඒ එන පිරිසට ලෝක සංගමය සමඟ කතා කර ව්‍යවස්ථාව වෙනස් කර ගැනීමේ අවසරය දීම අමාත්‍යංශයේ සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ යුතුකම සහ වගකීමය.එසේ නොකොට රටේ ක්‍රීඩා අමාත්‍යංශයට රගර් ව්‍යවස්ථාව වෙනස් කර එය රටේ රගර් පරිපාලනය පිට පටවන ලෙස ජාත්‍යන්තර සංගමයට ද යෝජනා කළ නොහැකිය.එසේම ලෝක රගර් සංගමය වෙන කුමන හෝ රටක පළමු පෙළ රගර් ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජ කිහිපයකට ඒ රටේ රගර්වල හැසිරීම තීරණය කරන අන්දමට ව්‍යවස්ථාවක් සකස් කරන්න කියා යෝජනා කර තිබේනම්,එය ද පරමාදර්ශී ලෙස පෙන්විය යුතුය.ලෝකයේ කොහේවත් නැති අන්දමේ හැඩයක් සහ බලයක් ක්‍රීඩා සමාජ කිහිපයකට ලැබෙනාකාරයට ව්‍යවස්ථාව සංශෝධනය කරන්නට යාම විහිළු සහගත සාපාරාධයක්ය.


සිඳු විය යුත්තේ රගර් පළමු පෙළ සහ දෙවන පෙළ ද ශක්තිමත් වන ආකාරයෙන් කණ්ඩායම් ඉහළ පහළ යා හැකි ක්‍රමයකට ගොස් පළමු පෙළ තරමටම දෙවන පෙළ රගර් තරගාවලියද ශක්තිමත් වෙන ආකාරයට ලංකාවේ රගර් ව්‍යවස්ථාවේ සංශෝධනයක්ය.එසේම වඩාත් ගමට රගර් යන ලෙස ගමේ රගර්වලට පාලනයෙ වැඩි ඉඩක් වෙන්වන විදිහට රගර්වල ව්‍යවස්ථාවෙන් බලය සහතික කිරීමය.මේ හරහා වියැකී යන්නේ ක්‍රීඩා අමාත්‍යවරයා මෙන්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ද අනෙක් ක්‍රීඩා සම්බන්ධයෙන් ගත් වැදගත් තීරණවලද අසූචි උලා ගැනීමය.රගර්වල අයිතිය රගර්ම විසඳා ගත යුතුය.රගර් ව්‍යවස්ථාව වෙනස්විය යුත්තේ තරග වඳින ක්‍රමවලින් හාමු මට්ටමේ ක්‍රිඩා සමාජ කිහිපයකට නොසෙල්වී වැජඹෙන්නට දී තිබෙන ඉඩ වැසීමෙන්ය. ප්‍රායෝගිකව එම තත්ත්වයට මුහුණ දීම ශ්‍රී ලංකා රගර් නිලවරණයෙන් පසුව බලයට පැමිණෙන පිරිස් වෙත පැවරිය යුතුය.


අවසානයේ දී නැවත ශ්‍රී ලංකා රගර් තහනමකට ලක් වුවහොත් සහ ඉන් අනතුරුව සදාකාලිකව රගර් වෙත සිඳුවිය හැකි අතුරු උපද්‍රවයන්හී පාපයන් කරේ වැටෙන්නේ මේ දේශපාලන හැසිරීම සමඟය.ක්‍රිඩා අමාත්‍යවරයා සිය බලතල ප්‍රකාරව රගර් පරිපාලනය විසුරුවා හැරීමෙන් පසුව දැන් සිය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට මෙසේ හැසිරෙන්නට දී බලා සිටීම ගැටළුකාරීය.තමන් යටතේ සිටින නිලධාරියාට වගකීම ඉටු කළ යුතු ආකාරය පැවසිය හැකිය.පැවරියද හැකිය.එහෙත් දැන් සිඳුවන්නේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ නමට වැටෙන නරක චෝදනා ඔහුව යටින් සිටින ගජමිතුරු කල්ලියක් දේශපාලන බලයක් ලෙස යොදා ගැනීම ලෙස සිතිය හැකිය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan