*
Friday, September 27, 2024
spot_img

Latest Posts

වැඩිහිටියන් අනාගතයට ඉතුරු කරපු දේ,පොඩි උන්ට පොදු රාජ්‍ය මඩුල්ලට යා නොහැකි වැටක් වෙයි…

දේශපාලනික වශයෙන් පුරවැසියන් තුළ ඇති කරන ලද ඉච්ඡා භංගත්වය ක්‍රීඩක ක්‍රීඩිකාවන් කෙරෙහි ද තදින් බලපා ඇති අතර මේ නිසාම ක්‍රීඩාව වෘත්තීය මට්ටමෙන් පවත්වාගෙන යා හැකි පරිසරයද කඩතොළුව ඇත.මේ තත්ත්වය මත සංචාර අතරතුර අතුරුදහන්වීම් සිඳුවීමේ තත්ත්වය වැඩි වී ඇති අතර එයට ක්‍රීඩකයින් පමණක් නොව නිලධාරීන්,මාධ්‍යවේදීන් යන කොටස් ද එකතු විම පසුගිය කාලයේ දැඩිව දකින්නට ලැබිණ.නමුත් මෙහි ආසන්න ගොදුර බවට පත්වන්නේද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ම වන අතර මේ මොහොතේ ඊට කිසිඳු අදාළ කමක් නැති අවුරුදු 18 ද නොඉක්ම වූ පිරිසක් එම නිසා දැඩි අසරණකමට සහ අසාධාරණ ලෙස සිය අවස්ථාව අහිමි විමේ ඉරණමට ගොදුරුව සිටිති.
ඒ යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය සඳහා පිටත්විමට නියමිත එකළොස් දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමය.සාමාන්‍ය පරිදි මෙවැනි සංචාරවලදී ජාතික ඔලිම්පික් කමිටුව මීට පෙර අපහසුවකින් තොරව අදාළ වීසා කටයුතු සිදු කළ ද මෙවර එම තත්ත්වය වර්ථමානයේ ඇති වී තිබෙන සංචාර මැද අතුරුදහන්විම් සළකා අපොහොසත්ව ඇත.ට්‍රිනිටෑඩ් සහ ටොබෑගෝ රාජ්‍යයේ මෙම සංචාරය පැවතුණ ද ඔවුන් යා යුත්තේ නෙදර්ලන්තය හරහා ය.එසේ නැත්නම් ඔවුන් එංගලන්තය හරහා යා යුතුය.
දැනට පවතින ගැටළුව මේ රාජ්‍යයන් දෙක ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇති කරගෙන තිබෙන අවිශ්වාසයය.ඒ අවිශ්වාසයට යම් ආකාරයකින් රාජ්‍යයේ ඇති අස්ථාවර තත්ත්වයද වගකිව යුතු බැවින් මේ මොහොතේ ඊට අවශ්‍යය රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම කිරීමට ක්‍රීඩා අමාත්‍යංශය පෙරට පැමිණිය යුතුය.බැලූ බැල්මට ක්‍රීඩකයින් පැන යාම කියන කාරණයට මේ ප්‍රශ්නය ලඝු කිරිම නෙවටින්නේය.මේ යන කණ්ඩායම අවුරුදු 18 ඉක්මවා නොගිය අයය.එසේනම් එහිදි එම රටවල වැඩිම සැකය එල්ල විය යුත්තේ ඒ සමඟ යන නිලධාරීන් සම්බන්ධයෙන්ය.
මේ තත්ත්වයට ක්‍රීඩාවම සහ ක්‍රීඩකයන්ම බල නොපාන බව කිව යුතුය.මෑත ඉතිහාසය ගත් විට විවිධාකාරයෙන් ක්‍රිඩා ඉසව්වලට පමණක් නොව වෙනත් රාජ්‍ය තාන්ත්‍රික වගකීම් සඳහා ආයතනමය වශයෙන් විදේශ පුහුණුවීම් සහ විවිධ සැසි සඳහා යොමු කළ අයද නැවත නො’ආහ.
ඒ නිසා මේ විසා නිකුත් නොකරීම්වලට ක්‍රිඩාව සහ ක්‍රිඩකයන්ද අදාළ වුව එය සම්පූර්ණ පැනයාමේ කුලකය ලෙස නොසිතිය යුතුය.හේතුව ඊට වඩා පළල්ය.වගකීම රටක් හැටියට එහි පාලන තන්ත්‍රයේ හිදැස් වෙත ද පැවරිය යුතුය.
මේ මොහොතේ එංගලන්තය සමඟ මෙන්ම නෙදර්ලන්තය සමඟද රාජ්‍ය නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ සමීප සබඳකම් පවත්වයි.ඒ නිසා ජාතික ඔලිම්පික් කමිටුවෙන් මේ ප්‍රශ්නය රාජ්‍ය තාන්ත්‍රිකව ක්‍රීඩා අමාත්‍යවරයාට විසදීමට යම් ඉඩක් තිබෙන බව සිතිය හැකිය.නෙදර්ලන්තය සහ එසේ නොවන්නේම් එංගලන්තය මේ සංචාරයේ අතරමැදියන් වී ඇත.ඔවුන් දෙපිරිසම ඉතිහාසයේ අපව යටත් කරගෙන සිටි ජාතීන් වන අතර මෑතකදී නෙදර්ලන්තයේ පවතින කෞතුකාගාරයක ඇති රනින් නිම කරන ලද කොපුව සහිත කස්තානයක්, රිදියෙන් නිමකරන ලද කොපුව සහිත කස්තානයක්, රනින් නිමකළ පිහියක්, මහ තුවක්කු දෙකක් සහ ලෙව්කේ දිසාවේ හට අයත්ව තිබුණා යැයි සැලකෙන කාලතුවක්කුවක් යන කෞතුක භාණ්ඩ හය මහනුවර රාජධානී සමයට අයත් වූ ඒවා බව පිළිගෙන ශ්‍රී ලංකාවට ලබා දීමට ද එකඟ වී ඇත.
මේ නිසා ක්‍රීඩා අමාත්‍යංශය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් මේ කාරණය විසඳා දෙන්නේනම් යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය තරග ඉතිහාසය තුළ අපට ඇති කීර්තිය තව දුරටත් මෙවරත් රැක දීමට හැකි බලාපොරොත්තු දැකිය හැකිය.විශේෂයෙන් ඒ අතරින වැඩි අවධානයක් යොමාල් අකලංක වෙත යොමු වන්නේය.ඔහු එම වයස් කාණ්ඩයේ ලොව පළමු හය දෙනා අතර ද,පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් හා සළකද්දී තෙවන තැන ද සිටින ක්‍රීඩකයාය.
ක්‍රීඩා තරගාවලියකට වීසා ලබා ගැනීමේදී ක්‍රීඩා සංචාරවලදී සිදු වූ අතුරුදහන්වීම් නොහොත් පැනයාම් යම් ආකාරයකට ගැටළුකාරී තත්ත්වයක් මතු කරප බව සැබෑය.නමුත් එය සම්පූර්ණ ඇත්ත නොවන බව අප සිහිතබා ගැනීම ක්‍රීඩාව සහ ක්‍රීඩකයන් රටට කළ හරියක් ලෙස පෙන්වීමට එකඟ විය යුතු නැත.රටේ තත්ත්වය අනුව නිල වශයෙන් ඇති මාර්ගවලින්ද විශාල පිරිසක් රට හැර යමින් තිබෙන බව නිබොරුය.එසේම වෙනත් දේ සඳහා පිටත්ව ගොස් නැවත පැමිණිය යුතු අයද පැමිණ නැත.එයත් ඇත්තය.මේ සමස්තය නිසා මේ අවුරුදු 18 ට අඩු කොල්ලන් සහ කෙල්ලන් පීඩාවට ලක්වීම කණගාටුය.හැබැයි ඒ මේ පොඩි එවුන් ගැන සැක කර නොවන බව ද කිව යුතුය.ඒ වැඩිහිටියන් සේ රටට යුතුකම් ඉටු නොකරපු පරම්පරාවක් වන බහුතරය අපේ දරුවන්ට උරුම කර දී තිබෙන අනාගතයේ තරමයි.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan