එක්ව ජයගමු – රනිල්ගේ ගාල්ල රැලිය අද. අපේක්ෂකත්වය ප්‍රකාශයට පත්කිරීම එහිදී !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරමින් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් විසින් පවත්වන “එක්ව ජයගමු” ජනරැලි මාලාවේ ගාල්ල ජනරැලිය අද (27) පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව, එම රැලිය අද පස්වරු 02.00 ට ගාල්ල නගරසභා ක්‍රීඩාංගනයේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

කැබිනට් ඇමතිවරුන්, රාජ්‍ය ඇමතිවරුන් සහ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් මෙම ජනරැලියට සහභාගී වීමට නියමිත ය.

තමන් 2024 ජනාධිපතිවරණයට තරග වදින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ජනරැලියේදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරනු ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි. ඒ මහතා වෙනුවෙන් ජනාධිපතිවරණ ඇප මුදල් තැන්පත් කිරීම ඊයේ (26) දිනයේදී සිදුකර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බාල ඖෂධවල වගකීමෙන් සෞඛ්‍ය ඇමතිට විනිර්මුක්ත වෙන්න බෑ – වෛද්‍ය චමල් ලේඛන සහිතවම පෙන්වයි

සටහන - රුවන් නෙළුගොල්ල බාල ඖෂධ සිද්ධියකදී දේශපාලනඥයින්ට එහි වගකීමක්...

වර්ණ ප්‍රදාන මාෆියාව නැවතීමට චනිත්මා තැනූ වේදිකාවට ගොඩ වෙන්න අගමැතිණියට ඇරයුමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 23, කොළඹ LNW: මේ වන විට සිරිමා...

ප්‍රවීන රංගන ශිල්පී සතිස්චන්ද්‍ර එදිරිසිංහ අභාවප්‍රාප්ත වෙයි !

ප්‍රවීන රංගන ශිල්පියෙකු මෙන්ම අධ්‍යක්ෂවරයකු ද වන සතිස්චන්ද්‍ර එදිරිසිංහ...

ජනධිපති ට්‍රම්ප් ග්‍රීන්ලන්තය අත්පත්කර ගැනීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 23: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: එක්සත් ජනපදයේ...