එක්ව ජයගමු – රනිල්ගේ ගාල්ල රැලිය අද. අපේක්ෂකත්වය ප්‍රකාශයට පත්කිරීම එහිදී !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරමින් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් විසින් පවත්වන “එක්ව ජයගමු” ජනරැලි මාලාවේ ගාල්ල ජනරැලිය අද (27) පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව, එම රැලිය අද පස්වරු 02.00 ට ගාල්ල නගරසභා ක්‍රීඩාංගනයේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

කැබිනට් ඇමතිවරුන්, රාජ්‍ය ඇමතිවරුන් සහ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් මෙම ජනරැලියට සහභාගී වීමට නියමිත ය.

තමන් 2024 ජනාධිපතිවරණයට තරග වදින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ජනරැලියේදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරනු ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි. ඒ මහතා වෙනුවෙන් ජනාධිපතිවරණ ඇප මුදල් තැන්පත් කිරීම ඊයේ (26) දිනයේදී සිදුකර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...