පොහොට්ටුවේ බල බිඳිලා ඉවරයි.සමඟියේ කවුරුවත් රනිල් ළඟට යන්නේ නැහැ – මුජිබර්

Date:

කොළඹ LNW:සමඟි ජන බලවේගයේ කිසිවෙකු හෝ රනිල් වික්‍රමසිංහ පාර්ශවයාට එක්වීමක් සිදුනොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස වැඩ භාරගත් අවස්ථාවේ සිටම සමඟියේ පිරිසක් ඔහු සමඟ එක්වීමට යන බවට විවිධ කතා වාර්තා වුවද එවැනි දෙයක් සිදුනොවුණු බවයි රහුමාන් මහතා කියාසිටින්නේ.

පොහොට්ටුව ද මේ වන විට විශාල වශයෙන් අර්බුදයක සිටින අතර දේශපාලන වශයෙන් ඊට නායකත්වයක් නොමැති බවද මන්ත්‍රීවරයා පවසයි.

“දැන් ඒ අයගේ බලය බිඳවැටිලා. නායකත්වය අරගෙන ඉදිරියට යන්න පුළුවන් කෙනෙක් නැහැ. ඡන්ද පදනමත් විශාල වශයෙන් කඩාවැටිලා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වටා රොක් වෙලා මේ අය එතුමා ඔවුන්ගේ නායකයා කරගෙන ඒ හරහා ගොඩයන්න බලාගෙන ඉන්නවා. දේශපාලන වශයෙන් ඔවුන්ට නායකත්වයක් නැති නිසා ඒ අය පක්ෂයක් ලෙස බිඳවැටිලා ඉන්නේ.සජබ මන්ත්‍රීවරුන් විසිපස් දෙනෙක් එජාපයට එකතු වෙන කතාව බොරුවක්. ඒ වගේ කතා හැමදාම කියනවා. මැතිවරණයක් ළං වුණාම හෝ දේශපාලනික යම් යම් කාරණා මතුවන හැමදාම ඔය වගේ දේවල් කියනවා. එහෙම කිව්වට ගිය කෙනෙක් නැහැ. අපේ පක්ෂයේ කිසිම කෙනෙක් ඉවත් වෙලත් නැහැ. ඉවත් වෙන්නෙත් නැහැ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස වැඩ භාරගත් අවස්ථාවේදීත් ඒ වගේ කතා කිව්වා. නමුත් කිසිම කෙනෙක් ගියේ නැහැ. ජනාධිපතිවරණයේ දී අපි ඔක්කොම එකට ඉන්නවා” යනුවෙන් රහුමාන් මහතා අවධාරණය කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Kuril Islands ආසන්නයේ අදත් භූමිකම්පාවක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද...

ප්‍රචණ්ඩත්වය සහ නවකවදයට කිසිදු සමාවක් නෑ – අග්‍රාමාත්‍ය හරිනි

රෂිකා හෙන්නායක අගෝස්තු 03, කොළඹ LNW: වව්නියාව විශ්වවිද්‍යාලයේ අභිනවයෙන් ඉදි...

බංග්ලාදේශයේ හිටපු නායිකා ෂෙයික් හසීනාට එරෙහි නඩු විභාගය ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශ නායිකා ෂෙයික්...