ගුරුවරුන්ට ඩිප්ලෝමාව වෙනුවට අධ්‍යාපනවේදී උපාධිය.ජාත්‍යන්තර මට්ටමට විෂය මාලාවත් සංවර්ධනයට!

Date:

කොළඹ LNW:ඩිප්ලෝමාධාරීන් ඉදිරියේදී ගුරු වෘත්තියට බඳවා නොගන්නා අතර ඉදිරියේදී විද්‍යාපීඨ සියල්ල එක් කර එක් විශ්වවිද්‍යාලයක් බවට පත් කරන අතරම 2028 වර්ෂයෙන් පසු ගුරුවරුන් ලෙස බඳවා ගනු ලබන්නේ, අධ්‍යාපනවේදී උපාධිධාරීන් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

වේගයෙන් වෙනස් වන දැනුම අනුව ගුරු වෘත්තිකයන්, වෛද්‍යවරුන් වැනි සෑම වෘත්තිකයකු ම සිය දැනුම යාවත්කාලීන කරගත යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

මේ අතර ප්‍රාථමික අධ්‍යාපනයේ පදනම වන සෞන්දර්ය විෂය කිසිසේත් විෂයමාලාවෙන් ඉවත් නොකරන බවත් එමෙන්ම කෘතිම බුද්ධිය හා තොරතුරු තාක්ෂණ විෂය මුසු කොට ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් දක්වා පාසල් විෂයමාලාව නිර්මාණශීලි ව ඔසවා තබන බවත් අමාත්‍යවරයා පවසයි.

ඒ, අනුව එහි නියමු ව්‍යාපෘතිය ආරම්භ කර පාසල් 100 ක ක්‍රියාත්මක ව ඇති අතර ඊට සරිලන සේ ගුරුවරුන් පුහුණු කර මයික්‍රොසොෆ්ට් ආයතනයත් සමග එක් ව අන්තර්ජාතික පිළිගැනීමක් සහිත බලපත්‍රයක් එම ගුරුවරුන්ට ලබා දෙන බවද ප්‍රේමජයන්ත මහතා කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇල්බේනියාවේ ආණ්ඩු විරෝධී විරෝධතා ප්‍රචණ්ඩකාරී වෙයි:13 දෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇල්බේනියාවේ අගනුවර වන...

එස්එස්සී ආලෝකයෙන් ලැබූ පළමු ජය පකිස්තානයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: විස්සයි විස්ස ලෝක කුසලාන...

දවසක ජනතාව හොඳ කෙනෙක් තෝරගනී.. මොකද මේ රටේ නායකයන්ගේ හිඟයක් තියනවා – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, කොළඹ LNW : තමන් සිංහල බෞද්ධාගම...

BREAKING NEWS : අමරකීර්ති අතුකෝරළ ඝාතනය – විත්තිකරුවන් 12 කට මරණීය දණ්ඩනය !

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ...