(VIDEO):පුළුවන් නම් පොලිස්පති විදිහට එක අත්සනක් ගහල පෙන්වන්න. අනුරගෙන් දේශබන්දුට අභියෝගක්

Date:

කොළඹ LNW:ජනාධිපති රනිල් වික්‍රමසිංහ කබරගොයා තලගොයා කරගන්නා න්‍යයායේ පසුවන අතර තමන්ට වුවමන වෙද්දී තීන්දු පිළිගන්නත් තමන්ට එරෙහි වෙද්දී තීන්දු නොපිළිගන්නත් උන්මත්තක මනසකින් ඔහු කටයුතු කරමින් සිටින බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය.

දිසානායක මහතා මේ බව සඳහන් කළේ ජයන්තිපුර බත්තරමුල්ල ස්ථානයේ ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය විවෘත කිරීමට එක්වෙමිනි.

මැතිවරණයක් ආසන්නයේ නැවත සමාජය තුළ ව්‍යකූලත්වයක් ඇති කරගැනීම වෙනුවෙන් පොලිස්පතිවරයා පත්කිරීම ද මඟ හරිමින් සිටින බවයි ඔහු කියා සිටියේ.

මේ අතර පොලිස්පති සම්බන්ධයෙන් අගමැති දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය හැකි නම් පිටතදී පවසන ලෙසද අනුර දිසානායක මහතා අභියෝග කළේය.

එමෙන්ම දේශබන්දු තෙන්නකෝන් මහතාටද අභියෝග කරමින් ඔහු කියාසිටියේ පොලීසිය විසින් ලබා දෙන එක නියෝගයකට හැකි නම් ඔහුට එක අත්සනක් ගසා පෙන්වන ලෙසයි.

මැතිවරණයක් ආසන්නයේ රනිල් වික්‍රමසිංහ දැන් පෙන්නුම් කරමින් ඉන්නේ තමන් අශිෂ්ටත්වයේ ප්‍රතිමූර්තිය බව යැයිද අනුර දිසානායක මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොව විශාලතම සමාජ මාධ්‍ය සමාගම් විසින් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම ගැන ඇමරිකාවේ දැඩි අවධානයට..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අමෙරිකානු එක්සත් ජනපදයේ Meta සහ YouTube වැනි...

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය: බිඳවැටීමේ සිට පුනර්ජීවනය දක්වා වූ ගමන…

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකය...

විදුලි සේවකයින් වර්ජනයකට සැරසෙයි!

කොළඹ LNW:සිය ඉල්ලීම් ඉටු නොකර ලංකා විදුලි බල මණ්ඩලය...