කොඩි දාන්ට ලයිට් කණු බඩගාන අය හිතන් ඉන්න දේ සහ ඇත්තටම වෙන දේ ….

Date:

ඕනෑම දේශපාලන පක්ෂයක කොඩිවැල් අදින්ට ලයිට් කනු දිගේ බඩගාන සහ ලවුඩ්ස්පීර් බඳින්ට ගස් දිගේ බඩගාන, පෝස්ටර් අලවන සෙට් එකට හැමදාම කරන්න තියෙන්නේ ඒ වැඩේමයි..

දිනුවට පස්සෙ ඒ අයට ජයග්‍රහණයේ කොටස්කාරයෙක් වෙන්න පුළුවන්, හැබැයි ඒත් හම්බවෙන්නෙ කොඩිවැල් අදින්ටයි ස්පීකර් බඳින්ට ගස් නගින්ටම තමා.. ඒ මිසක් ඒ අය ලොකුවැඩවලට ගන්නෙ නෑ.. ඇත්තටම ගන්ටත් බෑ..

දිනුවට පස්සෙ ඕන ආන්ඩුවට වැඩකරන්න වෙන්නෙ ධම්මික පෙරේරා, ඉෂාර නානායක්කාර, ඩඩ්ලි සිරිසේන වගේ අයත් එක්ක..

ගමේ සමිතියක උනත් පෝස්ටර් ගහන, කොඩි ගහන්ට ලයිට් කනු බඩගාන උන්ට සභාපතිකමක්, ලේකම්කමක් දෙන්නෙ නෑ. සාමාජික පමණයි..

හැබැයි කොඩි දාන්ට ලයිට් කනු බඩගාන සෙට් එක තාම හිතන් ඉන්නෙ උන් තමා රට පාලනේ කරන්නෙ කියලා…

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...

සමහරු ලක්ෂ 50 අරන් වෙන තැන්වල ගෙවල් හදන්න යනවා. චෙක්පත් ප්‍රශ්නය ආවෙ ඒකයි – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවාස...

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...