කොඩි දාන්ට ලයිට් කණු බඩගාන අය හිතන් ඉන්න දේ සහ ඇත්තටම වෙන දේ ….

Date:

ඕනෑම දේශපාලන පක්ෂයක කොඩිවැල් අදින්ට ලයිට් කනු දිගේ බඩගාන සහ ලවුඩ්ස්පීර් බඳින්ට ගස් දිගේ බඩගාන, පෝස්ටර් අලවන සෙට් එකට හැමදාම කරන්න තියෙන්නේ ඒ වැඩේමයි..

දිනුවට පස්සෙ ඒ අයට ජයග්‍රහණයේ කොටස්කාරයෙක් වෙන්න පුළුවන්, හැබැයි ඒත් හම්බවෙන්නෙ කොඩිවැල් අදින්ටයි ස්පීකර් බඳින්ට ගස් නගින්ටම තමා.. ඒ මිසක් ඒ අය ලොකුවැඩවලට ගන්නෙ නෑ.. ඇත්තටම ගන්ටත් බෑ..

දිනුවට පස්සෙ ඕන ආන්ඩුවට වැඩකරන්න වෙන්නෙ ධම්මික පෙරේරා, ඉෂාර නානායක්කාර, ඩඩ්ලි සිරිසේන වගේ අයත් එක්ක..

ගමේ සමිතියක උනත් පෝස්ටර් ගහන, කොඩි ගහන්ට ලයිට් කනු බඩගාන උන්ට සභාපතිකමක්, ලේකම්කමක් දෙන්නෙ නෑ. සාමාජික පමණයි..

හැබැයි කොඩි දාන්ට ලයිට් කනු බඩගාන සෙට් එක තාම හිතන් ඉන්නෙ උන් තමා රට පාලනේ කරන්නෙ කියලා…

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කණිෂ්ඨයෝ දහස ඉක්මවා රොඳ බඳින ජාතික බැඩිමින්ටන් සූරතාවලිය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: මෙවර ජාතික බැඩිමින්ටන් සූරතාවලියට...

අපිත් ඒ කාලේ ලක්ෂ සීය,දෙසීය,තුන්සිය තෑගී දුන්නා. ආපහු ගත්තෙත් නෑ – වජිර

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට ආණ්ඩුව...

අනීතිකව උපයාගත් දේපල ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : 2025 වසරේදී මෙන්ම...

ගිලා බැසීමෙන් අවහිර වී තිබූ කාසල්රි මාර්ගය නැවතත් ගමනාගමනයට ඉඩ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ඊයේ (12) දින...