*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

පොදු රද මුඩුළු උළෙලේ ශ්‍රී ලංකා ඉතිහාසය වෙනස් වෙයිද?

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අරාම්භ වන්නේ 1930 දී ය.ශ්‍රී ලංකාව සහභාගි වීම ආරම්භ කරන්නේ 1938 දී ය.එවිට ශ්‍රී ලංකාව සිලෝන් යනුවෙන් හඳුන්වන අතර ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණඩලීය කීඩා උළෙලක පළමු රන් පදක්කම දිනා ගන්නේ ද එම ක්‍රීඩා උළෙලේදීම ය.ඒ බොක්සි ඉසව්වේ ෆෙදර්වේග්ට් බර පංතිය නියෝජනය කළ බානි හෙන්ඩ්රික්ස් දිනා දුන් රන් පදක්කමය.වෘත්තියෙන් ශ්‍රී ලංකා පොලීසියට සමබන්ධව සිටි හෙන්ඩ්රික්ස් ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සම්බන්ධයෙන් ඉහළින්ම කියැවෙන රත්තරන් මිනිසා ය.ඔහු එදා සිඩ්නි නුවරදී ආරම්භ කර පදක්කම් ජයග්‍රහණය වසර 84 ට පසුව හැරී ආපසු බලන විට පෙනෙන්නට ඇත්තේ මුළු ඉතිහාසයම පුරාම රන් පදක්කම් හතරක්,රිදී පදක්කම් අටක් සහ ලෝකඩ පදක්කම් අටකි.පදක්කමක් යනු කෙතරම් දුෂ්කර වෑයමක්ද යන්න ඒ ප්‍රමාණයෙන්ම පැහැදිළි කරගන්න අපහසු නැත.

දෙවන වරට ශ්‍රී ලංකාව කුමන හෝ පදක්කමක හිමිකාරීත්වය ලබන්න වසර 12 ක් බලා සිටින්නට වන අතර එවර ශ්‍රී ලංකාවේ පදක්කම් පිපාසය සංසිඳවන්නේ ඩන්කන් වයිට් ය.පළමු ඔලිම්පික් පදක්කමද ශ්‍රී ලංකාවට දිනා දෙන වයිට් එදා ඕක්ලන්ඩ් හී දී මීටර් 400 කඩුල තරගයෙන් රන් පදක්කම ශ්‍රී ලංකාවට දිනා දෙන්නට සමත් විය.එම වසර ශ්‍රී ලංකවට සරු වසරක් වූ අතර එහිදී බොක්සිං ඉසව්වෙන් ශ්‍රී ලංකාව රිදි පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් ද දිනා ගන්නේය.වයිට්ගේ රන් රශ්මියෙන් වැඩි අවධානයකට ලක් නොවුණු එම පදක්කම් ත්‍රිත්වයෙන් රිදී පදක්කම් දෙක ශ්‍රී ලංකාවට දිනා දුන්නේ ඒ කේ එඩිවින් සහ ඇල්බට් පෙරේරා ය.එඩ්වින් ෆ්ලයිවේග්ට් පංතියෙන් ද ඇල්බට් බැන්ටම්වේග්ට් පංතියෙන්ද ශ්‍රී ලංකාවට රිදී පදක්කම් දිනා දුන් අතර වෙල්ටර්වේග්ට් බර පංතියේ ලෝකඩ පදක්කම ඇලෙක්ස් ඕබේසේකර විසින් දිනා ගත්තේය.

ඉහත කෙටි කාලීන ඉතිහාසය සළකද්දි ශ්‍රී ලංකාව දිනා ඇති රන් පදක්කම් දෙක,රිදි පදක්කම් දෙක සහ ලෝකඩ පදක්කම සළකා බලද්දී ඉන් රන් පදක්කමක් හැරෙන්නට අන් සියලුම පදක්කම් බොක්සිං ක්‍රීඩාවෙන් ලැබි ඇති බව පැහැදිළිය.නමුත් 1950 න් පසුව අපට පොදු රාජ්‍ය මණ්ඩලීය තරග ඉතිහාසයේ බොක්සිං සඳහා පදක්කමක් හිමිවන්නේ ඉන් වසර හැටකට පසුවය.ඒ මංජු වන්නිආරච්චි 2010 නවදිල්ලියේදී දිනා ගත් රන් පදක්කමය.එම පදක්කම ශ්‍රී ලංකාව සතුව තියා ගන්නට මංජුගේ මුත්‍රා පරික්ෂාව සම්බන්ධයෙන් වූ වැඩ පිළිවෙලඅ ඇතුළත සැක සංකා තිබූ අතර එසේම මුත්‍රා පරික්ෂා කරන බෙලින්ජර් නම් වූ භාජනයද සැක සහිත විය හැකි බවට තොරතුරු ඉදිරිපත් කළේය.නමුත් තහනම් උත්තේජන සම්බන්ධ ජාත්‍යන්තර ආයතනය තීරණයක් දෙන්නට පෙර ශ්‍රී ලංකාව මංජු වන්නිආරච්චිට තහනමක් දියත් කළ අතර එය ඒ වන විට ශ්‍රී ලංකාව 2018 දී හම්බන්තොටට පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක් දිනා ගැනීමට මැවූ හීන මත අතහැර දමන ලද පදක්කමක්දැයි සැක සංකා කොතෙකුත්ය.
කෙසේ හෝ 1950 න් පසුව යළි ශ්‍රී ලංකාව කුමන හෝ පදක්කමක් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී දිනා ගන්නේ 1994 දී වක්ටෝරියා හී දී ය.එහිදි වසර හතළිස් හකරකට පසුව නැවත ශ්‍රී ලංකාවේ නම පදක්කම් සටහන අතර තබන්නට සමත් වන්නේ වෙඩි තැබීමේ ඉසව්වෙන්ය.එහිදි ද මාලි (මාලිනී) වික්‍රමසිංහ සහ පුෂ්පමාලී රාමනායක වායු රයිෆල් යුගල ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කම දිනා දුන්හ.එසේම ඩී.චන්ද්‍රසිරි සහ ලකෂම්න් රාජසිංහ සැහැල්ලු රයිෆල් යුගල ඉසව්වේ රිදී පදක්කම්ලාභින් වූ අතර මාලී වික්‍රමසිංහ කාන්තා වායු රයිෆල් ඉසව්වේ රිදි පදක්කම දින්නාය.

ශ්‍රී ලංකාවට 1998 වසරේදී රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් හිමිවන අතර එම පදක්කම් දෙකම හිමිවන්නේ මලල ක්‍රීඩාවෙන්ය.ශ්‍රියාණි කුලවංශ මීටර් 100 කඩුලු ඉසව්වට සහ සුගත් තිලකරත්න මීටර් 400 ඉසව්වට එම පදක්කම් දිනා ගත්හ.මැලේසියාවේදි හිමිවන එම පදක්කම් දෙකෙන් ඉනික්බිති ශ්‍රී ලංකාවට 2002 මැන්චෙස්ටර් හී දී කිසිඳු පදක්කමක් හිමි නොවන අතර 2006 දී යළිත් ශ්‍රී ලංකා නාමය පොදු රාජ්‍ය මණ්ඩලීය තරග ඉතිහාසයේ රනින් ලියවන්නට සමත්වන්නේ චින්තන ගීතාල් විදානගේය.ඔහු බර ඉසිලීමේ ඉසව්වේ කිලෝ ග්‍රෑම් 62 බර පංතියෙන් මෙල්බර්න් හී පැවති ක්‍රීඩා උළෙලේ රන් පදක්කම ශ්‍රී ලංකාවට දිනා දෙන්නේය.
2010 වසරේ දී මංජු වන්නිආරච්චිගේ නම ඉදිරියේ ලියැවි රන් පදක්කම අපට අහිමි වුණත් චින්තන සහ සුදේශ් පීර්ස් බර ඉසිලීමේ ඉසව්වේ දක්ෂතා සමඟ ශ්‍රී ලංකාවේ නම පදක්කම් සටහනෙන් මැකී නොයන්නට කටයුතු කළහ.චින්තන එවර කිලෝ ග්‍රෑම් 69 බර පංතියෙන් රිදි පදක්කම ශ්‍රී ලංකාවට දිනා දුන්නේය.චින්තන 2006 න් ඇරඹි පොදු රාජ්‍ය මණ්ඩලීය නියෝජනය තවමත් අඛණ්ඩව පවත්වා ගෙන යන්නට තරම් දක්ෂයෙකු වන අතර ඔහු මෙවරද වසර 16 ට පසුවත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බර්මින්ග්හැම් යන්නට තරම් දක්ෂතා නඩත්තු කරන්නෙක් වි ඇත.සුදේශ් ලෝකඩ පදක්කම දිනා ගත්තේ කිලෝග්‍රෑම් 62 බර පංතියෙන්ය.ඔහු ද එපමණකින් නොනැවති 2014 වසරේදි ද ග්ලාස්ගව් ක්‍රීඩා උළෙලට සහභාගි වෙමින් ශ්‍රී ලංකාවට එම බර පංතියේම රිදී පදක්කම දිනා දෙන්නට තරම් දක්ෂතා දැක්වීය.ග්ලාස්ගව් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ දිස් වුණේ එම රිදි පදක්කම නිසාය.අන් කිසිවෙක්ට පදක්කම් හිමි නොවීය.

ගෙවුණු ගෝල්ඩ්කෝස්ට් ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාව ඉදිරියේ රන් පදක්කම් නොලියවුණ ද,පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක වැඩිම පදක්කම් ප්‍රමාණයක් එකවර දිනා ගත් ක්‍රීඩා උළෙල හැටියට ඉතිහාසයට එක් වන්නේය.එහිදි ශ්‍රී ලකාව 1950 දී රන් 01,රිදි02 සහ ලෝකඩ 01 ලෙස එකම උළෙලක පදක්කම් 04 ක් ලබා තිබූ ඉතිහාසය රිදී 01 සහ ලෝකඩ 05 ක් ලෙස පදක්කම් එකතුව 06 ක් දිනා ගන්නට සමත් විය.එකම රිදි පදක්කම කිලෝ ග්‍රැම් 69 බර පංතියේදී ඉන්දික දිසානායක දිනා ගත් අතර ලෝකඩ පදක්ම් දිනූ පිරිස අතර සුදේෂ් පීරිස් ද විය.කිලෝ ග්‍රෑම් 62 බර පංතියෙන්ම ඔහු දිනා ගත් ලෝකඩ පදක්කමක් සමග සුදේෂ්ගේ නම ශ්‍රී ලංකාව සම්බන්ධ පොදු රාජ්‍ය මණ්ඩලීය ඉතිහාසයට එක්වෙන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක වැඩිම පදක්කම් ප්‍රමාණයක් දිනා ගෙන ඇති ක්‍රීඩකයා ලෙස ය.ඔහු රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් ශ්‍රී ලංකාවට දිනා දී ඇත.
සෙසු පදක්කම් දිනා ගත් ක්‍රීඩකයින් වන්නේ චතුරංග ලක්මාල් (කිලෝ ග්‍රෑම් 56 බර පංතිය බර එසැවීම) සහ තිවංක රණසිංහ සහ ඉෂාන් බණ්ඩාර යන බොක්සිං ක්‍රීඩකයෝය.තිවංක කිලෝග්‍රෑම් 49 බර පංතියෙන්ය.ඔහු 1950 වසරෙන් පසුව ශ්‍රී ලංකාවට බොක්සිං ක්‍රීඩාවෙන් පළමු පදක්කම දිනා දුන් ක්‍රීඩකයා වූ අතර කිලෝ ග්‍රෑම් 52 බර පංතියෙන් තරග වැදි ඉෂාන් බංඩාර ද ලෝකඩ පදක්කමට හිමිකම් කීවේය.
ඉතිහාසයේ ප්‍රථම වරට බර එසැවීමෙන් සහ බොක්සිං ක්‍රිඩාවෙන් ශ්‍රී ලංකාවට පදක්කම් දිනා දෙන්නට සමත් වූ ක්‍රීඩිකාවන් දෙදෙනා වන්නේ දිනූෂා ගෝමස් සහ අනුෂා කොඩිතුවක්කුට හැකි වූ අතර දිනූෂා බර එසැවීමේ ඉසව්වේ කිලෝ ග්‍රෑම් 48 බර පංතියේ ලෝකඩ පදක්කම්ලාභියා විය.අනූෂා ලෝකඩ පදක්කම දිනා ගත්තේ කිලෝ ග්‍රෑම් 48 බර පංතියෙන්ම බොක්සිං තරග නියෝජනය කරමින්ය.

හෙට ඇරඹෙන පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට 2018 ඉක්මවා යා හැකි පදක්කම් ප්‍රමාණයක් දිනා ගැනීමේ අභියෝගයට මුහුණ දිමට හැකියාව ඇත.ඒ අතර විශේෂයෙන් යුපුන් අබේකෝන් සහ සාරංගි සිල්වා කැපී පෙනෙයි.පොදු රාජ්‍ය මණ්ඩලිය තරග උළෙලට මීටර් 100ඉසව්ව සඳහා ඇමෙරිකාව සහභාගි නොවුණත් ජැමෙයිකාව වැනි රටවලින් පැමිණිය හැකි අභියෝගය සුළු පටු නැත.නමුත් යුපුන් ආරම්භය සහ වේගය නිවැරදිව කළමණාකරනය කර ගන්නට සමත් වුවහොත් පොදු රාජ්‍ය මණ්ඩලිය තරග උළෙලේ පදක්කමකට සූදානමින් ඇත.සාරංගි ද ලෝක මලල ක්‍රීඩා සූරතාවලියට සහභාගී වීම මඟ හැර මේ ක්‍රීඩා උළෙලට සහභාගි වන්නේ බොහෝ බලාපොරොත්තු පෙරදැරිවය.ඇය විශේෂ පුහුණුවකින් පසු මේ තරග උළෙලට එක් වීම බලාපොරොත්තු තැබීය හැකි මට්ටමක පසුවන්නේය.ගයන්තිකා සහ නිලානි ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේ අත්දැකීම් සමඟ පදම්ව සිටින අතර ගයන්තිකා විශේෂයෙන් ඇය සහභාගි වූ ඉසව්ව කළමණාකරනය කළ ආකාරය සළකා බලද්දි කෙන්යානු සහ අප්‍රිකානු රටවල් බලපෑම අතරේ යම් විශ්වසනීය ධාවනයක යෙදෙනු ඇතැයි විශ්වාස කළ හැකිය.නිලානි ද දරා ගැනීම අතින් ඉහළ මට්ටමක සිටින ක්‍රීඩිකාවක් බැවින් ඇය ද පොදු රාජ්‍ය මණ්ඩලක්‍රීඩා උළෙල් පහසුවෙන් තරගය අත නොහරින ක්‍රීඩිකාවක් හැටියට පදක්කමක් සම්බන්ධ බලාපොරෙතේතු තැබිය හැකි මට්ටමක පසු වෙන්නේය.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දියාව සමඟ පැවති රගාවලිය සළකද්දි පැහැදිළි වූ කරුණක් වූයේ කණ්ඩායම පිතිකරණයේදී චමරි අතපත්තුම පමණක් විශ්වාස කර ක්‍රිඩා කිරීම මදකින් අඬු වී ඇති බවය.චමරිගෙන් පසුව ඇඳ වැටෙන්නට නොදී ඉණිම් ගොඩ නඟන්නට හැකි මැද පෙළක් එහිදී දකින්නට ලැබුණු අතර එම තත්ත්වය මේ තරගාවලිය පුරා පවත්වා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වුවහොත් ඓහාසික පදක්කමකට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට උරුමකම් කියන්නට ලැබෙනු ඇත.

ශ්‍රී ලංකාවේ බර ඉසිලීමේ සංචිතයට ගියවර පදක්කම්ලාභින් වන ඉන්දික දිසානායක සහ චතුරංග ලක්මාල් ද ඇතුළත් වන අතර නිමා වූ ජාත්‍යන්තර තරගවලදී කැපී පෙණුන ක්‍රීඩිකාවන් වූ ශ්‍රීමාලි සමරකෝන් සහ චමරි වර්ණකුලසූරිය,චතුරකා ප්‍රියන්ති වැනි ක්‍රීඩිකාවන්ද පදක්කම් සඳහා බලාපොරොත්තු තැබිය හැකි මට්ටමේ පසුවෙති.චින්තන විදානගේ සිය අත්දැකිම් සමඟ පදක්කමකට යා හැකි මට්ටමේ දක්ෂතා විඳහා දකවන්නට උත්සාහ කරනු ඇත.එසේම තිලංක පළගසිංහ තවමත් අවස්ථාවක් නොලද ශ්‍රී ලංා බර ඉසිලීම් කේෂ්ත්‍රය මහත් බලාපොරොත්තු සහිතව සිටින ක්‍රීඩකයෙක්ය.දිලංක කුමාර,චාමලී හපුතැන්න මෙන්ම උෂාන් චාරුක ද දැඩි කාලයක සිට බර ඉසිලීමේ ජාතික සංචිතයේ පුහුණුව ලබමින් ඉහළ මට්ටමක සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වෙති.
ඉෂාන් බණ්ඩර ද මෙවරත් ඉකුත් වසරේ ලෝකඩ පදක්කමේ පැහැයේ බලාපොරෙත්තුව වෙනස් කර ගැනීමේ අදිටනින් බොක්සි කවයට පිවිසෙන පදක්කම් බලාපොරෙත්තුවකි.ක්‍රීඩක ක්‍රීඩිකාවන් අට දෙනෙක් මෙවර බොක්සිං ක්‍රීඩාව නියෝජනය කරන අතර ඔවුන් පසුගිය කාලයේ විවිධ ජාත්‍යන්තර තරග සදහා ඉදිරිපත් වෙමින් කුසලති දැක්වූ පිරිස්ය.

කාන්තා වෙරළ වොලිබෝල් කණ්ඩායම මෙන්ම පිරිමි වෙරළ වොලිබෝල් කන්ඩායම් ද මෙවර තරගාවලියට සහභාගි වන්නේ වෙනදාට වඩා හොඳ සූදානමකින්ය.විශේෂයෙන්ම තරග අත්දැකීම් මෙන්ම විශේෂඥ පුහුණුකරුවෙක්ගේ මඟ පෙනවීමද ලැබෙන මොහොතක පොදු රාජ්‍ය මණ්ඩලීය හොඳම වෙරළ වොලිබෝල් කණ්ඩායම් පහ අතරට ශ්‍රී ලංකාව නම් නොවී තිබුණ ද කණ්ඩායම් දෙකම සිටින්නේ පදක්කමකට අභියෝග කළ හැකි මට්ටමක වන අතර ක්‍රිකට්,රගර්,පැසි පන්දු යන කණ්ඩායම් ක්‍රීඩා සඳහා ඉදිරිපත් වී සිටින කණ්ඩායම් අතරින් වැඩි විශ්වසනීයත්වයක් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකා වෙරළ වොලිබෝල් කණ්ඩායම් ය.
බැඩ්මින්ටන් ක්‍රීඩාවේ දී මැලේසියාව සහ ඉන්දියාව හමුවේ අභියෝග ජය ගන්නට හැකි වුවහොත් පළපුරුදු නිලූක කරුණාරත්නට තම බැඩ්මින්ටන් ක්‍රීඩක ජීවිතය මෙවර තරගාවලියෙන් පොදු රාජ්‍ය මණඩලීය පදක්කමක් සමඟ හමාර කරන්නට ඉඩ ලැබෙනු ඇත.අන් ක්‍රීඩකයන්ට ද නිලූක මග පෙනවන්නෙක් ලෙස මේ තරගාවලිය තුළ සිය අත්දැකීම් බෙදා දීම මෙන්ම ඒවාට විවෘතව වැළද ගැනීමට අලුත් පරපුර ඉදරිපත් වීම ද ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩාවට වැදගත්කමක් ලැබෙනු ඇත.

ශ්‍රී ලංකා ඔලිම්පික් ක්‍රීඩක ණ්ඩායමට ඇතුළත්ව සිටි චාමර නුවන් ධර්මවර්ධන ජූඩෝ ක්‍රීඩාවෙන් මෙරව තරගාවලියට සිය අත්දැකීම් හරහා විශාල වෙනසක් කරන්නට උත්සාහ කරනු ඇතැයි සිතිය හැකිය.එසේම ජම්නාස්ටික් ක්‍රීඩාව නියෝජනය කරන්නට ජපානයේ සිට සහභාගි වන මිල්කා ගෙහානි රිද්මයානුකූල ජම්නාස්ටික් ඉසව්ව කියෝජනය කරන අන් මරි ඔන්ඩච්චි ද ශ්‍රී ලංකාව වෙනුවෙන් බලාපොරොත්තු තිබිය හැකි මට්ටමේ ක්‍රීඩිකාවෝය.

නම් කරන ලද ක්‍රීඩා මෙන්ම නම් කරන ලද ක්‍රීඩකයෝද නොවන පිරිස් මේ තරගාවලියේ ශ්‍රී ලංකාවට ජයග්‍රහණ ගෙන එන්නට පුළුවනකම ඇත.ඒ මොහොතට සාපේක්ෂව හොඳටම ක්‍රියාත්මක වන්නා ජයග්‍රාහකයාය.එසේම ඉකුත් කාලය තුළ ඔවුන් ලද පුහුණුව මෙහිදී ඉතා වැදගත්ය.රටේ පවතින දේශපාලන සමාජ වාතාවරණය මෙන්ම ඊට පෙර පැවති සෞඛ්‍යමය අවදානම නිසා ද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තරග වැදීමට අවස්ථාව අඩු වීම ගැටළුවක් වුව ද,ඒ නිහැඩියාව තුළ සිය පුහුණුකරුවන් සමඟ ක්‍රීඩාව වෙනුවෙන් කරන ලද කැපවීම පෙන්වීමට මේ පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය විශාල පිටවහලක් වනු ඇත.සමහර විට අලුත් ක්‍රියාදාමයන් ක්‍රීඩාවට හඳුන්වා දෙමින් කළ ක්‍රියාකාරකම් හේතුවෙන් විශාල ඉඩ ප්‍රමාණයක සත් සාමාජික ශ්‍රී ලංකා රගර් කණ්ඩායම් වුව අනපේක්ෂිත ආකරයෙන් ප්‍රතිවාදීන් මර්ධනය කරන්නට ඉඩ ඇත.

කෙසේ හෝ මේ තරගාවලිය අතිශයින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවට වැදගත්ය.ඒ ප්‍රතිපල හරි විදිහට භාවිතාවට ගන්නේනම් සහ හරි විදිහට සුදුස්සාට සුදුසු තැන ලබා දෙන්නේනම් හෙට ක්‍රීඩාවේ සුබ සිද්ධිය උදෙසා ශ්‍රී ලංකාව පෙළ ගස්වන්නට හැකි ජවසම්පන්න බොහෝ මානව සාධක මේ ක්‍රීඩා උළෙලෙන් මතුවනු නිසැකය.වැඩිම පදක්කම් ගණනක් ශ්‍රී ලංකාව වෙනුවෙන් එකතුවන ක්‍රීඩා උළෙල මෙය වන්නට අපි සුබ පතමු.එසේම සියලු ක්‍රීඩා දෙස උනන්දුවෙන් බලා සිටින්නෙමු.මෙම ක්‍රීඩා උළෙලේ සහභාගීත්වය නිලධාරීන්ගේ ඡන්ද පමණක් නොකර සිතා අලුත් වැඩ පිළිවෙලකට යන්න ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සමඟ පෙළ ගැසෙන්නට ජාතික ඔලිම්පික් කමිටුවට හැකි විය යුතුය.එසේම ජාතික ඔලිම්පික් කමිටුවට ඇති ජාත්‍යන්තර ක්‍රීඩාවේ බලය අවබෝධ කරගෙන ඔවුන් හා සහයෝගයෙන් වැඩ කිරීමට සංචාරයට කළමණාකරුවෙක්ව එක් වී සිටින අධ්‍යක්ෂ ජෙනරාල් අමල් එදිරිසූරිය ද අත්දැකීම් ගැනීම වැදගත්ය.යටත් ආයතනයක් නොව ස්වාධින ආයතනයක් වන ඔලිම්පික් ආයතනය පාලනයට නොව ඔවුන් උපකාර කරගෙන ක්‍රීඩාව නංවන්නේ කෙසේද යන්න ගැන සිතීමට,රටක ඔලිම්පික් කමිටුවට එම ක්‍රීඩාවන් සම්බන්ධයෙන් ඇති ජත්‍යන්තර පිළිගැනීම සහ වගකීම පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ගම්මානය ඇතුළතින් උදාහරණ ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට කොතෙකුත් හමුවෙනවා ඇත.
අපි සුබවාදීව හෙට දවස දෙස බලා සිටින්නෙමු!

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan