*
Friday, April 26, 2024
spot_img

Latest Posts

මැදියම් රැයේ ගෝල් ෆේස් මෙහෙයුමෙන් මතු වූ අඩ ස්වස්තිකය

ෆැසිස්ට්වාදය පිළිබඳ අපි කතාවකට ගියොත් මතකයට එන්නේ ජර්මනියේ හිට්ලර්.  ඔහු නාසිවාදයට විරුද්ධ වූවන් කුරිරු වධ බන්ධනයට ලක්කොට මරා දැමුවා. මේ ෆැසිස්ට්වාදයේ න්‍යායාචාර්යයා වන්නේ ජර්මනියේ ෆ්‍රෙඩ්‍රික් නිට්ෂේ (Friedrich Nietzche).  රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාත් අද පවත්වා ගෙන යෑමට ආරම්භ කර තිබෙන්නේ ෆැසිස්ට්වාදී ලක්‍ෂණ පෙන්නුම් කරන ව්‍යවස්ථාපිත ෆැසිස්ට් පන්නයේ රාජ්‍යයක් කියලයි පෙනෙන්නේ.

ධනපති පංතියේ සාරවත් අවධියේ ලිබරල්වාදය මෙන්ම ධනපති ක්‍රමයේ බිඳ වැටීමේදී ෆැසිස්ට්වාදය ක්‍රියාත්මක කිරීම තමයි ධනපතියන් ගේ විධික්‍රමය.  ලංකාවේ කාර්මික ධනපති පංතියක් නැති නිසා ජර්මනියේ, ඉතාලියේ මෙන් ෆැසිස්ට් රාජ්‍යක් පවත්වාගෙන යන්න බැහැ.

මේ සියලු වෙනස්වීම් තුළත් අරගලකරුවන්ට විවිධ යෝජනා ගෙනෙමින් බොහෝ  ලිබරල්වාදීන් අදත් පෙනී ඉන්නෙ රනිල් වෙනුවෙන්. ඉදිරියේදී ගැටුම් උත්සන්න වෙලා සමාජ බෙදීම් ඇතිවෙද්දී මේ ලිබරල්වාදීන් හා ඔවුන් ගේ සංවිධාන කිසිඳු හිරිකිතයකින් තොරව රනිල් ගේ ෆැසිස්ට් පන්නයේ රාජ්‍ය යුක්ති සහගත කරමින් මතවාද ගොඩනගාවි.   “මෙහෙම අස්ථාවර වෙන්න ගියොත් IMF සල්ලි හම්බ වෙන්නේ නැතිව යාවි” කියන කනිපින්දම දැනටමත් ඇහෙන්න පටන් අරං. ඒක මල්ටි බැරල් පාරක් වෙන්න වැඩිකල් ගතවෙන එකක් නැහැ.

රනිල් බලයට ගෙනැවිත් ඇමරිකන් හිතවාදී පාලනයක් හා ධනේෂ්වර රාජ්‍ය බලය  නැවත ස්ථාපිත කිරීම ජාත්‍යන්තර ධනපතීන්ගේද අවශ්‍යතාවය බව පෙනෙන්න තිබෙනවා.

මෙයට අමතරව රනිල් ලවා තවත් කරුනු කීපයක් ඉටු කරගන්න තිබෙනවා කියල පැහැදිලියි.  ගෝටා ආණ්ඩුව “සෙලෙන්දිවා” ආයතනය හරහා පුද්ගලීකරණය කිරීමට සැලසුම් කර ඇති ආයතන හා ඉඩම් වෙන්දේසිය වඩා ඉක්මන් කරගන්න. මෙයින් ආර්ථිකයේ තාවකාලික යම් පිබිදීමක් ඇතිවේවි කියල විශ්වාස කරනව. මේකට කියන්නෙ  “ෂොක් තෙරපි එකොනොමි”  (Shock Therapy Economy) කියල.

ඒක හරියට හෘදයවස්තුව නැවතුන කෙනෙකුට වෛද්‍යවරුන් ෂොක් එකක් දෙනව වගේ. මේ තත්වයෙන් ආර්ථිකය යම් කාලයකට ශක්තිමත් වුනත් ඊළඟ බිඳ වැටීම වඩා දරුනු වෙන්න පුලුවන්.

අයිඑම් එෆ් එකත් දිගින් දිගටම කියන්නේ ණය දෙන්නනම් ආපසු ගෙවන පිළිවෙල ගැන පිළිගත හැකි තිරසර ක්‍රමවේදයක් ඉදිරිපත් කරන්න කියල. ඒ නිසා රාජ්‍ය වියදම් අඩු කිරීම වෙනුවෙන් පුද්ගලීකරණය හා රාජ්‍ය සේවකයන් අඩු කිරීම කරන්නම වෙනව. මේකෙදි නැවතත් ආණ්ඩු විරෝධී අරගලයක් මතුවන එක වළක්වන්න නොහැකි වේවි.

ආණ්ඩු විරෝධී විරෝධතා ව්‍යාපාරයේ ක්‍රියාකාරීව සිටින  ජෝසෆ් ස්ටාලින් (ලංකා ගුරු සංගමය), ජීවන්ත පීරිස් පියතුමා, ළහිරු වීරසේකර (වෙනසක තාරුණ්‍යය), වසන්ත මුදලිගේ (අවිශිබම), රංගන ලක්මාල් දේවප්‍රිය (සමාජවාදී ශිෂ්‍ය සංගමය) හා එරංග ගුණසේකර (සමාජවාදී තරුණ සංගමය) යන අයට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මේ වනවිට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා. මේ සියලු දෙනාම IMF ආධාරයෙන් රටේ ආර්ථිකය ගොඩ ගැනීමේ හැකියාව ගැන සැක පහල කරන අය. ඒ නායකයන්ට විරුද්ධව උසාවිය මෙහෙයවීමේ අරමුණ අනාගත මර්දනයක පෙරනිමිති නෙවෙයිද?

අරගලකරුවන් ජනාධිපති ලේඛම් කාර්යාලයෙන් ඉවත්වන බව දැනුම් දී තිබියදීත් ආණ්ඩුවේ හමුදා ලවා ජනාධිපති රනිල් ෆැසිස්ට් පන්නයේ ප්‍රහාරයක් එල්ල කළේ ඇයි ?  රනිල් එයින් නිර්ධනීන්ට රතු එළියක් දල්වන්නේ මින් මතුවට අරගලවලදී  ධනපති දේපල අල්ලා නොගන්නා ලෙසට. මොකද අරගලකරුවන් ඒවා අල්ලාගෙන ඉදල ඔවුන්ට ඕන වෙලාවට අතහරින්න ගත් තීරණය ක්‍රියාත්මක කරන්න ඉඩ දුන්නොත් ඒක ධනපති පඞ්ක්තියට, ඔවුන් ගේ බලයට බරපතල අභියෝගයක්. ධනපති රාජ්‍ය සංකේත එහෙම අල්ලා ගන්න දුගියන්ට බෑ,

එහෙම ධනපති සංකේත අල්ලා ගන්නේනම් රාජ්‍ය බලය අල්ලා ගැනීම දක්වාම යන්න ඕන.  බාර දෙන දේ ගන්න ගියොත් ජයග්‍රාහකයා වෙන්නේ පරිත්‍යාගශීලියා. ගහලා ගත්තොත් ප්‍රබලයා වෙන්නේ ප්‍රහාරකයා.  ගෝල් ෆේස් මෙහෙයුමේ මුඛ්‍ය අරමුණ කවුද රජා කියා පෙන්නන එක තමයි කියලයි පැහැදිලිවම පෙනෙන්න තිබෙන්නෙ.  

ඉදිරි කාලයේ මෙවැනි හමුදා, පොලිස් පහර දීම්, අත් අඩංගුවට ගැනීම් හා හිරේ දැමීම් තීවෘර කරාවි. අරගලයේ ඉදිරිපෙළ නායකයන්  හිරේ දැම්මාට පස්සේ සමාජ අසහනය පුපුරා යන්නේ පුද්ගල කේන්ද්‍රීයව. මේ විෂයබද්ධය රනිල් ගේ මර්දනයේ න්‍යාය පත්‍රයට සරු තෝතැන්නක් වේවි. ඕනෑම සමාජ නැගිටීමක් පරාජයකින් අවසන් වුනොත් ඉන්පසු ඇතිවන්නේ අරාජික තත්වයක්. එවැනි අරාජික පසුබිමක් තුළ තමයි ප්‍රංශයේ නැපෝලියන් බොනපාට් 

ව්‍යවස්ථාව තුළින් ඒකාධිපතියෙක් වුනේ.  එය හැඳින්වුනේ “ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය” කියල. 

අනෙක් අතට නයා මැරිච්ච අහිකුන්ඨිකයො වගේ හිටපු පොහොට්ටුවේ මැති ඇමැතීනට කිව්වෙ තොපේ නායකයො මොක්කුන් ද? උන් තොපිව අතරමං කරළ පැනල ගිහින්. දැන් ඉතින් සිංහල, බෞද්ධ ඊනියා සළුපිලි ගලවා “කොටින්ට ඊළම දෙන්න ගිය දේශ ද්‍රෝහියා” තොපේ නායකයා විදියට බාර ගනිව් කියළ. 31 දාහක් චන්ද ගත්ත රනිල් 69 ලක්‍ෂයක දියසෙන් කුමරු ලෙස කිරුළු පළඳන්නත් මේ මැදියම් රැයේ කළ ෆැසිස්ට් පන්නයේ මෙහෙයුම පිටිවහලක් වුනා.

දේශ ද්‍රෝහී රනිල් දේශප්‍රේමී දියසෙන් කුමරු වෙද්දී අරගලකරුවන් ෆැසිස්ට්වාදීන්, කැරළිකරුවන් වීම ස්වාභාවිකයි.  ඉදිරියේදී ත්‍රස්තවාදී, අන්තවාදී ලාඩම එල්ලුවත් එය අරුමැසියක් නොවේ.  අරගලකරුවන් ෆැසිස්ට්වාදීන්, කැරළිකරුවන්, ත්‍රස්තවාදීන්, අන්තවාදීන් ලෙස හෝ  නාමකරණයවීමද විෂයානුබද්ධ දේශපාලන වදන් වැළක්.
විදෙස් තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන් ගේ හමුවක දී ඇමෙරිකානු තානාපතිවරිය කියා තිබුනේ අරගලකරුවන් ගොඩනැගිලෙන් ඉවත්වන බව දැනුම් දී තිබියදීත් ආරක්‍ෂක අංශ කටයුතු කළ ආකාරය පිළිබඳ කණස්සල්ල පළකරන බව. මේක එක්තරා මාධ්‍ය සංදර්ශනයක් විතරයි.  මොකද මැයි 9 දා  ගෝටාගෝගමට පහර දෙන්න ඇවිත් මහින්ද රාජපක්ෂගේ මැර හමුදාවලට පසුබහින්න වෙනකොට ඇමරිකාව දාපු ගෝරනාඩුව ත්‍රිවිධ හමුදාව යොදවා අරගලකරුවන්ට ගහනකොට තිබුනේ නෑ.

මැදියම් රැයේ කළ ෆැසිස්ට් පන්නයේ රාජ්‍ය හමුදා මෙහෙයුම කැරළිකරුවන් ගෙන්, ෆැසිස්ට්වාදීන් ගෙන් පොදු දේපළ, රාජ්‍ය දේපළ බේරා ගැනීමට සිදුකළ මානුෂීය මෙහෙයුමක් ලෙසටයි විදෙස් තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන් ඉදිරියේ රනිල් විග්‍රහ කරළ තියෙන්නෙ. එය තමන් බාරගත් ඩියුටිය නොපිරිහෙළා ඉටුකළ, ඉටුකරන ප්‍රතිඥාවක්. 

මේ ෆැසිස්ට් පන්නයේ රාජ්‍ය පදනම සකසා ගැනීම වෙනුවෙන් රනිල් ජනාධිපති ඡන්දයෙන් දිනල පාර්ළිමේන්තුවෙන් එළියට ඇවිත් මුලින්ම ගියේ හමුදා, පොලිස් භටයෝ හමුවන්න. ගිහින් ‘ප්‍රජාතන්ත්‍රවාදය’ තහවුරු කළාට, ආරක්‍ෂා කළාට ස්තුති කළා.

දෙවනුව ජනාධිපති ධූරයේ දිවුරුම්දීල මුලින්ම ගියේ ආරක්‍ෂක අංශ ප්‍රධානීන් හමුවෙන්න. අකුරේගොඩ ආරක්ෂක හමුදා සංකීර්ණයට ගිය ඒ ගමනට නීතිපතිවත් කැන්දා ගෙනයි ගියේ.  එයින් ඔහු කළේ සෙලවෙමින්, අස්ථාරබාවයෙන් තිබුනු රාජ්‍ය යේ ආරක්‍ෂක බළමුලු නැවත ශක්තිමත් කරළ නිසි ලෙස ස්ථානගත කිරීමක්. එහි පසු පරීක්‍ෂා කිරීම වෙනුවෙන් ත්‍රාසජනක, බිය ජනක, කුරිරු, ෆැසිස්ට් පන්නයේ ගෝල් ෆේස් මෙහෙයුමත්  රනිල් ගේ පැත්තෙන් සාර්ථකයි.

ගෝල් ෆේස් සාර්ථක මෙහෙයුමෙන් පසු සිංහල බෞද්ධයන් ගේ යුද වීරයෙක් වන  විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුනරත්නටම ආරක්ෂක අමාත්‍යංශ ලේඛම් තනතුර නැවතත් ප්‍රධානය කර ඇත. අනෙක් අගසව් ලෙස ව්‍යවස්ථාදායකය ශක්තිමත් කරමින් අගමැති තනතුරට පත් කරගත්තේද සිංහල බෞද්ධ වීරයෙක් වන රෝයල් මිතුරු දිනේශ් ගුණවර්ධනයි.  
ලංකාව යුද්ධයකට මැදිහත්වීම ආර්ථිකය කඩා වැටීමට ප්‍රධානම හේතුවක්. දෙමළ ජනඝාතක යුද්ධය වෙනුවෙන් ගිය සමස්ත වියදම ඇ.ඩො. බිලියන 200 ක් කියලයි වාර්තා වෙන්නෙ. හැබැයි ආර්ථිකය කාබාසීනියා වීම ගැන කෝපයෙන් කොළඹ විරෝධතා පවත්වන අරගලකරුවන් ඒක ගැන ප්‍රමාණවත් අවධානයක් යොමු කරලා තියෙනවද කියන එකත්  ප්‍රශ්නයක්.  

කෙසේ වෙතත් ආර්ථික අර්බූදය හමුවේ ලුම්පන් ධනපති රාජපක්‍ෂලා රාජ්‍ය බලය හැරදා පළාගියා. එවන් අනතුරුදායක මොහොතක සියලු ප්‍රතිවිරෝධතා පසෙක දමා තම නිවසද අහිමි කරගනිමින් සිය පන්තිය වෙනුවෙන් ලිබරල් රනිල් ව්‍යවස්ථාපිත ෆැසිස්ට් පන්නයේ රාජ්‍යයක් ගොඩනගිමින් ඉන්නවා. 

අවශ්‍ය වූ විටෙක රාජපක්ෂලා නැති රාජපක්ෂවාදයේ මෙහෙයුමට නායකත්වය දෙන්න 43 බ්‍රිගේඩයේ මේජර් ජෙනරාල් චම්පික රණවකත් ඉන්නවා.

නමුත් එය පරාජය කිරීම සඳහා උතුර දකුණ එක් වූ කම්කරුවන් ගේ, නිර්ධනීන් ගේ එක්සත්කමක් ගොඩ නැඟීමට සමත් පක්‍ෂයක්, පුද්ගලයෙක්  නිර්ධන පංතියට නොමැතිවීම මහා ඛේදවාචකයක්. 

ඥානසිරි කොත්තිගොඩ 

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan