අප ඇඟිල්ල දිගු කරන්නේ වැරදි දිශාවට ද? බොහෝ විට දේශපාලඥයන් වෙත ඇඟිල්ල දිගු කරන අපි ඔවුන් ක්‍රියාකරන්නේ ද ඔවුනට ලබා දෙන උපදෙස් මත බව අමතක කරන්නෙමු. මෙවන් අවස්ථාවන්වලදී ඒ ඒ ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ගේ භූමිකාව අප විසින් අමතක කර දමා තිබේ. ඔවුන් විසින් රජය සහ අධිපතිවරුන් නොමඟ හැර තිබේද යන ප්‍රශ්නය ඇසීමට අපට අමතක වී තිබේ. ඩොලර් බිලියන 12 ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) ණය ගැනීමට උපදෙස් ලබා දුන්නේ ඔවුන් ද? එවන් ක්‍රියාවකට ඔවුන් උපදෙස් ලබා නොදුන්නේ නම්, එවන් යෝජනාවක් හමුවේ තම විරෝධය ප්‍රකාශ කිරීමටවත් ඔවුන් කටයුතු කළා ද? ණය පැහැර හැරීමේ යෝජනාව ක්‍රියාත්මක කිරීමට ප්‍රථම ණය ගෙවීම් පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට ඔවුන් කටයුතු කළා ද? ශ්‍රී ලංකාව නිල වශයෙන්ම ණය පැහැර හරින බවට ප්‍රකාශයට පත් කිරීමට ප්‍රථම ඔවුන් සලකා බලනු ලැබූ විකල්පයන් මොනවා ද? මෙහිදී එවකට මුදල් අමාත්‍ය අලි සබ්‍රි ගේ භූමිකාව ද ප්‍රශ්න සහගත ය.
ඉන්ද්‍රජිත් කුමාරස්වාමි වෙත යොමුවන ප්‍රශ්න වැලක්
ණය ආපසු ගෙවීම තිරසාර නොවීමට මූලිකම හේතුව වූයේ හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි (2016 – 2019) විසින් ලබා ගත් ඩොලර් බිලියන 12 ක් වූ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරයි. ඔහු එය සිදුකළේ ඔහුගේම මූලිකත්වයෙන් ද? නැතහොත් එසේ කිරීමට ඔහුට උපදෙස් ලැබුනා ද? ඔහු එසේ කරන ලද්දේ ස්වකැමැත්තෙන්ම නම්, එසේ කිරීමට ඔහුගේ අරමුණ වූයේ කුමක් ද?
මහ බැංකු ඉහළ කළමනාකාරීත්වය (Top Management) වෙත යොමුවන ප්‍රශ්න වැලක්
- ඩොලර් බිලියන 12 ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය ලබා ගැනීමට මහ බැංකුවේ ඉහළ කළමනාකාරීත්වය විසින් කුමාරස්වාමි අධිපතිවරයාට උපදෙස් ලබා දුන්නා ද?
- ඩොලර් බිලියන 12 ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය ගැනීම ප්‍රවර්ධනය කිරීමට හෝ ණය පැහැර හැරීමට මහ බැංකුවේ ඉහළ කළමනාකාරීත්වය යම් බාහිර උපදෙස් ලබා ගත්තේ ද?
- පෙරළීමේ (roll-over) කල් පිරෙන ණය තත්ත්වය පිළිබඳව දැන දැනම ඩොලර් බිලියන 12 ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණයක් ලබා ගන්නා ලෙස මහ බැංකු අධිපතිවරයාට උපදෙස් ලබා දීමට ඉහළ කළමනාකාරීත්වයට විශේෂ හේතුවක් තිබුණා ද?
- මෙම ඩොලර් බිලියන 12 ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය යොදාගත්තේ කුමක් සඳහා ද?
- පෙරළීමේ (roll-over) කල් පිරෙන ණය ආපසු ගෙවීමේ දුෂ්කරතාව මධ්‍යයේ ඩොලර් බිලියන 12 ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය ගැනීම තුළින් ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් අගාධයකට ඇද වැටෙන බව මහ බැංකුවේ ඉහළ කළමනාකාරීත්වය දැනුවත් ව සිටියා ද?
- ණය ආපසු ගෙවීම පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට මහ බැංකුවේ ඉහළ කළමනාකාරීත්වය කටයුතු කළා ද? එසේ කළේ නම්, ඊට අදාළ සාක්ෂි ඔවුන් සතුවේ ද? එසේ නොකළේ නම්, එවන් සාකච්ඡා පැවැත්වීමට කටයුතු නොකළේ ඇයි? යම් පාර්ශවයක් විසින් ඔවුනට එසේ නොකරන ලෙස බලකර සිටියා ද?
- ඩොලර් මිලියන 750ක් වූ සියයට 25 ක අපනයන ආදායම් සහ ඩොලර් මිලියන 363ක් වූ කල් පිරෙන සංවර්ධන බැඳුම්කර (සමස්තය ඩොලර් මිලියන 1,133) යොදා ගනිමින් ණය ආපසු ගෙවීමට මහ බැංකු නිලධාරීන් නොසිතුවේ ඇයි?
- 2022 මැයි මස අවසානයේ චීනයෙන් ලැබීමට නියමිතව තිබූ ඩොලර් බිලියන 01 ක සහ ඩොලර් බිලියන 1.5 ක වෙළඳ ණය භාවිතා කිරීමට මහ බැංකුවේ ඉහළ කළමනාකාරීත්වය නොසිතුවේ ඇයි?
- ඉන්දියානු ණය පහසුකම යටතේ ලැබීමට තිබූ ඩොලර් බිලියන 01 ක ණය සහ ආසියානු නිශ්කාශන සංගමයේ (Asian Clearing Union) පියවීම් කල්දැමීම හරහා ලැබීමට නියමිතව තිබූ ඩොලර් මිලියන 500 ක මුදල මේ සඳහා යොදා ගැනීමට මහ බැංකු ඉහළ කළමනාකාරීත්වය නොසිතුවේ ඇයි?
- ණය ආපසු ගෙවීමට අදාළ සාකච්ඡා, චීන ණය, ඉන්දියානු ණය පහසුකම සහ අපනයන ආදායම්, හෝ සංවර්ධන බැඳුම්කර පෙරළීම ආදී විකල්ප 04ක් ම තිබිය දී ශ්‍රී ලංකාව ණය පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශ කිරීමට අලි සබ්‍රි හිටපු මුදල් අමාත්‍යවරයා සහ මහ බැංකුවේ ඉහළ කළමනාකාරීත්වය කටයුතු කළේ ඇයි?
- උක්ත සියළු විකල්පයන් එසේ තිබියදී, මෙරට ව්‍යාපාරික කවයන්, ඊනියා දේශපාලන ආර්ථික විශේෂඥයන් සහ මූල්‍ය ගුරුන්ගේ සහාය ලද අලි සබ්‍රි හිටපු මුදල් ඇමති, වත්මන් මහ බැංකු අධිපති සහ මහින්ද සිරිවර්ධන යන අය 2022 අප්‍රේල් 12 වන දින ශ්‍රී ලංකාව විසින් ණය පැහැර හරිනු ලබන බවට නිවේදනය කළේ ඇයි?
- ශ්‍රී ලංකාව විසින් 74 වසරක් පුරා රැකගෙන හා ණය ගරුත්වය කෙලෙසීමට කටයුතු කිරීමට අදාළව ඉහත කණ්ඩායම පෞද්ගලිකවම වගකිව යුතු ය. මෙමඟින් රටට සිදුවූ කැළල යළි නිවැරදි කළ නොහැකි තරමටම පාහේ විශාලය.
වත්මන් මහ බැංකු අධිපති නන්දලාල් සහ හිටපු මුදල් අමාත්‍ය අලි සබ්‍රි වෙත යොමුවන ප්‍රශ්න වැලක්
- ඔබ විසින් 2022 අප්‍රේල් 12 වන දින ශ්‍රී ලංකාව නිල වශයෙන්ම ණය පැහැර හරින බවට ප්‍රකාශයට පත් කිරීමට ප්‍රථම මහ බැංකුවේ මුදල් මණ්ඩලය, කැබිනට් මණ්ඩලය හෝ පාර්ලිමේන්තුවෙන් ඊට අදාළ අනුමැතිය ලබා ගත්තා ද? එසේ නොලැබුනේ නම්, මුළුමහත් රටටම බලපාන මෙවන් තීරණයක් ප්‍රකාශයට පත් කිරීමට ඔබට කොළඑලියක් ලබා දුන්නේ කවුරුන් විසින් ද?
මහ බැංකු ඉහළ කළමනාකාරීත්වය, අධිපතිවරයා සහ හිටපු මුදල් අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකාව සහ රජය නොමඟ හැරීමට කටයුතු කළා ද?
එවකට මුදල් අමාත්‍ය අලි සබ්‍රි සහ මහ බැංකු ඉහළ කළමනාකාරීත්වය දැන සිටි කරුණු:
- 2022 වන විට ඩොලර් මිලියන 7,100 ක ණයක් ආපසු ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුව තිබූ බව
- 2022 මාර්තු වන විට ඩොලර් මිලියන 1,166 ක ණය ප්‍රමාණයක් ආපසු ගෙවා තිබූ බව (ගෙවීමට ඉතිරිව තිබූ ණය ඩොලර් මිලියන 5,934)
- 2022 අප්‍රේල් වන විට ඩොලර් මිලියන 244 ක් වූ ණය සේවා ගෙවීමට තිබූ බව
- 2022 මැයි-ජූනි වන විට ඩොලර් මිලියන 789 ක ණය සේවා ගෙවීමට තිබූ බව
- 2022 අප්‍රේල්-මැයි-ජූනි වන විට ගෙවීමට තිබූ සමස්ත ණය සේවා ප්‍රමාණය ඩොලර් මිලියන 1,033 බව
- අලි සබ්‍රි-නන්දලාල්-සිරිවර්ධන යන තුන්කට්ටුව විසින් 2022 අප්‍රේල් 12 වන විට ණය පැහැර හරින බවට නිවේදනය කරනු ලැබුවේ පාර්ලිමේන්තුවේ, කැබිනට් මණ්ඩලයේ හෝ මහ බැංකු මුදල් මණ්ඩලයේ අනුමැතියෙන් තොරව ය. 2022 මැයි අග වන විට ඩොලර් බිලියන 2.5 ක ණයක් චීනයෙන් ද, ඩොලර් බිලියන 1.5 ක ණය පහසුකමක් ඉන්දියාවෙන් ද ලැබීමට නියමිතව තිබූ බවට ඔවුහු හොඳින්ම දැන සිටියහ.
ණය පැහැර හැරීම දිරිමත් කිරීමේදී ඉහළ පෙළේ ව්‍යාපාරික පුද්ගලයන් විසින් නොදැන සිටි දේ
- අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට මුදල් යෙදවිය යුතු බවට තර්ක කරමින් ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික පිරිසක් විසින් ඉකුත් 2022 ජනවාරි වන විට ණය පැහැර හැරිය යුතු බවට ආයාචනා කර තිබිණි. ඔවුන් මේ සඳහා මහජන ප්‍රදර්ශනයක් ද ඉදිරිපත් කර තිබිණි.
- 2022 අප්‍රේල් වන විට අලි සබ්‍රි-නන්දලාල්-සිරිවර්ධන තුන්කට්ටුව විසින් ණය පැහැර හැරීමක් ප්‍රකාශයට පත්කරන ලද අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් ගනුදෙනු කිරීමට තිබූ විශ්වාසය අහිමිකර ගත්තා පමණක් නොව, ණය ආපසු ගෙවීමට අවශ්‍ය මුදලට වඩා වැඩි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට අවශ්‍ය විදේශ විනිමය නොමැති තත්ත්වයකට ඇද වැටුනේය. ශ්‍රී ලංකාව ණය පැහැර හැරීමේ “D” නම් ශ්‍රේණියේ ස්ථානගත කිරීමට ණය ශ්‍රේණිගත කරන ආයතන විසින් කටයුතු කර තිබිණි.
- සැපයුම්කරුවෝ ණයට දීම ප්‍රතික්ෂේප කළ අතර, පෙර ගෙවීම් ද ඉල්ලා සිටියහ. එසේ කිරීමට නොහැකි වූ තැන මිනිසුන් පෝලිම්වල රැඳී සිටින යුගයක් බිහිවිය.
- ණය පැහැර හරින බවට ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාව මෙවන් අගාධයකට ඇදවැටෙනු ඇතැයි තමා නොසිතූ බව කියා හිටපු මුදල් අමාත්‍ය අලි සබ්‍රි හෝ මහ බැංකුවට අත පිසදා ගත කොහැකිය.
මුළුමහත් රටටම සහ එහි ජනතාවට බලපාන සහ ශ්‍රී ලංකාවේ විශ්වාසනීයත්වය බාල්දුකරන මෙවන් අවදානම් තීරණයක් ගැනීමට ඔවුන් කටයුතු කළේ ඇයි?
- මෙම තීරණය ගනු ලැබුවේ අන් අයගෙන් උපදෙස් නොගෙන නම් – මීට අදාළ උපස්ථ සැලසුමක්වත් ඔවුන් සතුවිය යුතුය. ඔවුන් සතුව එවන් සැලසුමක් තිබුණා ද? එවන් සැලසුමක් තිබුණේ නම් ඊට සිදුවූයේ කුමක් ද?
- ඔවුන් සතුවූ එකම උපස්ථ සැලසුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම ද? එසේ නම් ණය ගෙවීම කල් දැමීමට කිසිඳු සාකච්ඡාවක් සිදුනොකර ඒ වෙනුවට රුපියල පාකර හැරීමට තීරණය කර පසුව ණය පැහැර හරිනු ලැබුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් පරිදි ද?
- ඔවුන් විසින් ම ඒකපාර්ශ්විකව තීරණය කර ශ්‍රී ලංකාව ණය පැහැර හැරීමේ තත්ත්වයකට ඇද දැමීමට කටයුතු කිරීමට අදාළව මෙම කණ්ඩායම වගකිව යුතු නොවන්නේ ද?
කුමන අන්දමින් හෝ රට ණය පැහැර හරින තත්ත්වයකට පත් කර එමඟින් ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් අපහසුතාවයකට පත් කිරීමේ වගකීම දැරිය යුත්තේ රජය නොව මහ බැංකුවේ ඉහළ කළමනාකාරීත්වය, මහ බැංකු අධිපතිවරයා සහ ඊට අනුබල දුන් වෘත්තීය ආර්ථික විශේෂඥයන් ය. මීට අදාළ වගවීම ඔවුන්ගෙන් ලබා ගැනීමට මහජනතාව කටයුතු නොකරන්නේ ඇයි?
ෂෙනාලි ඩී වඩුගේ විසින් රචිත Have Central Bank officials given Governor & Govt wrong advice? නම් ලිපිය ඇසුරිනි.