රෂිකා හෙන්නායක ජූලි 27, කොළඹ LNW :
දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පසුගිය වසරේ සහභාගී වූ කාවඩි නර්තන කණ්ඩායම් හතළිස් පහට මෙවරත් සිය දක්ෂතා දැක්වීමට අවස්ථාව ලබා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.
මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම එකඟතාවන්ට එළඹි බව සඳහන් වේ.
උත්සවයේ කටයුතු වඩාත් ක්‍රමවත්ව පවත්වාගෙන යාම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු ආරක්ෂක අංශවල සහාය වැඩි වශයෙන් ලබා ගැනීමට ද මෙහිදී තීරණය වී තිබේ.
ඉහළ පෙළේ නිලධාරීන්ගේ මැදිහත්වීම මත බැතිමතුන්ගේ සහ කලාකරුවන්ගේ පහසුව වෙනුවෙන් ආරක්ෂක විධිවිධාන තර කිරීමට මෙහිදී ප්‍රමුඛත්වය ලබා දී ඇත.


