ශ්‍රී ලංකා ක්‍රිකට් උන්නතිය උදෙසා ජනපති-පරිවර්තන කමිටු සාකච්ඡාවක්!

රෂිකා හෙන්නායක ජූලි 27, කොළඹ LNW :

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම වෙනුවෙන් පත්කර ඇති පරිවර්තන කමිටුව සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර විශේෂ හමුවක් ජනාධිපති කාර්යාලයේදී පවත්වා ඇත.

මෙහිදී දේශීය ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දෙන විවිධ අභියෝග සහ ගැටලු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව සඳහන් වේ.

ක්‍රීඩාවේ අනාගත උන්නතිය වෙනුවෙන් රජයේ පාර්ශවයෙන් සැපයිය හැකි සහයෝගය සහ දායකත්වය කෙරෙහි ජනාධිපතිවරයාගේ පූර්ණ අවධානය යොමු වී තිබේ.

මෙම අවස්ථාව සඳහා විෂය භාර අමාත්‍යවරයා මෙන්ම එරාන් වික්‍රමරත්න සහ රොෂාන් මහානාම ඇතුළු කමිටුවේ ප්‍රමුඛ සාමාජිකයන් පිරිසක් සහභාගී වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...