ජාතික යොවුන් සේනාංකයේ නැගෙනහිර පළාත් විසිර යාමේ උත්සවය ත්‍රිකුණාමලය පුහුණු මධ්‍යස්ථානයේදී..

රෂිකා හෙන්නායක ජූලි 27, කොළඹ LNW :

ජාතික යොවුන් සේනාංකයේ 2026-II කණ්ඩායමට අදාළ නැගෙනහිර පළාත් ප්‍රධාන විසිරයාමේ උත්සවය ඊයේ 26 වන දින ජාතික යොවුන් සේනාංක ත්‍රිකුණාමලය පුහුණු මධ්‍යස්ථානයේදී සිදු කෙරුණි.

මෙහිදී යොවුන් කැඩෙට්වරුන් 327 දෙනෙකු විසිර ගිය අතර, එම සෑම මධ්‍යස්ථානයකින්ම දෙදෙනෙකු බැගින් තෝරාගත් හොඳම යොවුන් කැඩෙට්වරුන්(පිරිමි සහ කාන්තා) 14 දෙනෙකු “විශිෂ්ටතම රේන්ජර්” (Best Ranger) ලෙස කුසලාන ප්‍රදානය කරමින් ඇගයීමට ලක් විය.

ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවට, ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ ගාමිණී වික්‍රමපාල මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මෙම අවස්ථාවේදී අමාත්‍යවරයා සඳහන් කළේ, අනාගත නායකත්වය වෙනුවෙන් මෙරට තාරුණ්‍යය සවි බල ගැන්වීමේ දී ජාතික යොවුන් සේනාංකය විශාල කාර්යභාරයක් ඉටු කරන බවයි.
විනයක්, හික්මීමක් සහිත, සහකම්පනයෙන් යුත් තාරුණ්‍යයක් නිර්මාණය කිරීම වෙනුවෙන් රජයක් ලෙස අවශ්‍ය මැදිහත්වීම සිදුකරමින් පවතින බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...