එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රෙ ෆ්‍රාන්ෂ් ජනපති වෙත අක්තපත්‍ර පිළිගන්වයි

Date:

කොළඹ, 2023 ජූලි 24: එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රෙ ෆ්‍රාන්ෂ් මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වීම ඉකුත් ජූලි 24 වන දින සිදුවිය.

සිය අක්තපත්‍ර පිළිගැන්වීමෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ශ්‍රී ලංකා රජය අතර දීර්ඝ කාලීන හවුල්කාරීත්වය පිළිබඳව ඇගයීමක් ඒ මහතා විසින් සිදුකරන ලදී.

තිරසර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යාය පත්‍රය මෙරට සාක්ෂාත් කර ගැනීම සඳහා සහය දැක්වීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ එක්ව කටයුතු කිරීමට එක්සත් ජාතීන්ගේ මෙරට කණ්ඩායමේ කැපවීම පිළිබඳව ද හෙතෙම යළි තහවුරු කළේය.

ශ්‍රී ලාංකීය ජනතාව වෙත පවතින වත්මන් තත්ත්වය සහ පීඩනයේ අභියෝග හඳුනා ගනිමින්, ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ප්‍රසාදය පළ කළ ෆ්‍රාන්ෂ් මහතා, කොවිඩ් වසංගත මහජන සෞඛ්‍ය ප්‍රතිචාරයන් සඳහා සහාය දැක්වූ එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එහි හවුල්කරුවන් තවදුරටත් අර්බුදයේ උච්චතම අවස්ථාව තුළ මානුෂීය ආධාර මිලියන 3.1 කට අධික ජනතාවක් කරා ළඟා කරවූ බවත් වඩාත්ම අවදානමට ලක්විය හැකි අය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, සියල්ලන් ඇතුළත් සහ තිරසර ආර්ථික ප්‍රකෘතියක් සඳහා රජය සමඟ එක්ව කටයුතු කිරීමට එක්සත් ජාතීන් බැඳී සිටින බව ද තහවුරු කළේය.

දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජාතික කැපවීම මෙන්ම උතුරු හා නැගෙනහිර පළාත් ඇතුළු ප්‍රජාවන්ගේ ජීවනෝපාය සහ යහපැවැත්ම වැඩිදියුණු කිරීමට උපකාරවන සංහිඳියාව, මානව හිමිකම් සහ සංවර්ධන මුලපිරීම් ඉලක්ක කරගත් අඛණ්ඩ උත්සාහයන් පිළිබඳව ද දෙපාර්ශවය අතර සාකච්ඡාවට බඳුන්වන ලදී.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් විසින් 2023 ජූලි 08 වන දින ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇතිව එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක ලෙස ෆ්‍රාන්ෂ් මහතා පත් කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය