නයිජර් ජනාධිපති මොහොමඩ් බසූම් හමුදා අත්අඩංගුවට

බටහිර අප්‍රිකානු රටක්වන නයිජර් හමුදා පාලනයට පත්ව ඇති බව වාර්තා වේ.

රූපවාහිනියේ විශේෂ නිවේදනයක් කරමින් කර්නල් මේජ් අමදු අබ්ද්‍රමනේ හා තවත් නිල ඇඳුමින් සැරසුණු සොල්දාදුවන් නව දෙනෙකු ප්‍රකාශ කර තිබුණේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසුරුවා හැර සියලු ආයතන අත්හිටුවා ජාතියේ දේශසීමා වසා දැමූ බවයි.

මේවන විට හමුදාව විසින් රටේ සියලුම ආයතන අත්හිටුවා ඇති අතර, එදිනෙදා කටයුතු අමාත්‍යාංශ ප්‍රධානීන් වෙත පවරා ඇත. තත්වය ස්ථාවර වන තුරු ගොඩබිම් සහ ගුවන් දේශසීමා වසා ඇති අතර රටතුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අතර කර්නල්වරයා ප්‍රමුඛ සොල්දාදුවන් බාහිර පාර්ශවයන්ගෙන් ඉල්ලා තිබුණේ මේ වෙනුවෙන් මැදිහත් නොවන ලෙසයි.

මෙම තත්වය බලහත්කාරයෙන් බලය අල්ලා ගැනීම සහ ව්‍යවස්ථාව කඩාකප්පල් කිරීමේ උත්සාහයක් ලෙස විස්තර කළ ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ප්‍රකාශ කර තිබුණේ, ජනාධිපති මොහොමඩ් බසූම් නිදහස් කරන ලෙසත් වොෂින්ටනයේ නොසැලෙන සහය ජනාධිපතිවරයාට ඇති බවත්ය. එමෙන්ම එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් නිවේදනය කර තිබුණේ, ඔහු ජනාධිපතිවරයා සමඟ කතා කළ බවත් ඔහුට එක්සත් ජාතීන්ගේ පූර්ණ සහයෝගය ලබා දෙන බවත්ය.

2021 දී ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ ජනාධිපති මොහොමඩ් බසූම් එක්සත් ජනපදය ප්‍රංශය ඇතුළු අනෙකුත් බටහිර ජාතීන්ගේ සමීපතම සගයෙකි.

සශිකලා මධුෂාණී_ Outboundtoday

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...