දූෂිත සමාජයක පරිවර්තනයක් අරගලයකින් බලාපොරොත්තු වෙන්න බැහැ! (VIDEO)

Date:

ජන අරගලයේ මුලාරම්භයේ පිරිසිදු චේතනාවක් පැවතියද දැන් එය ව්‍යාපාරයක් බවට පත්ව ඇති අතර අරගලය විසින් රටට කර ඇත්තේ හානියක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පෙන්වාදෙයි.

මේ වන විටත් අරගලය විසින් මෙරටට ලැබීමට නියමිත ඩොලර් මිලියන 1ක් නාස්ති කර ඇති බවයි බෙල්ලන මහතා සඳහන් කරන්නේ.

”මේ රටේ මිනිසුන්ට අරගලයක අවශ්‍යතාව මතු වුණේ ගෙදර කරන්ට් එක නැති වුණාම. ගෑස් නැති වුණාම. තෙල් නැති නැති වුණාම. 2020 දී මැතිවරණයෙන් දූෂිත දේශපාලකයන් පැමිණීම වලක්වාලීමට අවස්ථාව තිබියදී එසේ නොකළේ.ඔවුන්ට වඩා ජනතාව දූෂිත නිසා. ජනතාවගේ දූෂිත බව දැනගන්න ඕනේ නම් පෙට්‍රල් ෂෙඩ් එකකට.මෙවන් දූෂිත සමාජයකින් අපිට ලොකු සමාජ පරිවර්තනයක් අරගලයකින් බලාපොරොත්තු වෙන්න බැහැ.225ම එපා කිව්වත් අවසානයේදී ඊළඟ ජන්දයේදීත් මේ 225ම තමා පත්වෙන්නේ.” යනුවෙන් ඔහු සඳහන් කරයි.

මේ අතර රට තුළ කොවිඩ් 19 වෛරසය නැවත වරක් සක්‍රීය ලෙස ව්‍යාප්ත වෙමින් තිබෙන අතර ලොව පුරා මන්කි ෆොක්ස් වසංගතයද ව්‍යාප්ත වෙමින් තිබෙන හෙයින් ඉදිරි කාලය යම් බරපතල තත්ත්වයක් ඇති කරනු ඇතැයි හෙතෙම කියාසිටියි.

එමෙන්ම රට තුළ පවතින ඉන්ධන ප්‍රශ්නය හේතුවෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත රෝහල් වෙත පැමිණීමේ දුෂ්කරතාවක් පවතින අතර ඛනිජ තෙල් භාර අමාත්‍යවරයාට මෙයට විසඳුම් දෙන ලෙස ඉල්ලා සිටියද එම ඉල්ලීම ඉටු නොවුණු බවයි බෙල්ලන මහතා පැවසුවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...