අපේ දඟ පන්දුවට පිණුම් ගහන්න හදපු පොළවේ පකිස්තානය සර්කස් පෙන්නයි

Date:

එස්එස්සී ක්‍රීඩා පිටියේ තණතිල්ල ශ්‍රී ලංකා පකිස්තාන දෙවන ටෙස්ට් තරගයට සැකසී තිබෙන්නට ඇත්තේ දඟ පන්දු යවන්නන්ට වාසිදායක මට්ටමට විය යුතුය.එසේ පැවසීමට හැකි සාධකය වන්නේ ශ්‍රී ලංකා පළමු ඉණිම විනාශ කළ පකිස්තානු පන්දු යවන්නන් අතරින් වැඩිම කඩුලුලාභියා වූයේ අබ්රාර් අහමඩ් ය.දඟ පන්දු යවන්නෙක් වන ඔහු ලකුණු 69 ට කඩුලු 4 ක් දවා ගත්තේය.
අබ්රාර්ගේ පන්දු යැවීම දුටු විට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේමීන්ට ආ හැඟීම වූයේ ප්‍රභාත් ජයසූරිය සහ රමේෂ් මෙණ්ඩිස් විසින් පකිස්තාන පිතිකරුවන් අල්ලා කරකවා පොළවේ ගසනු ඇති බවය.එයට මැදින් ධනංජය ද සිල්වා ද එකතු වෙනු ඇතැයි හැඟීමක් ද එබුණේය.නමුත් සිද්ධ වූයේ ලකුණු 166 ට දැවී ගිය ශ්‍රී ලංකා ඉණිමට පිළිතුරු ලෙස පකිස්තානය කඩුලු 5 ට ලකුණු 576 ක් ලැබීමය.අබ්දුල්ලා සෆීක් සිය මංගල ද්විත්ව ශතකය ලබා ගනිමින් ලකුණු 201 ක් රැස් කළේය.අගා සල්මන් තරගාවලිය පුරාවටම ශ්‍රී ලංකාවට තුන් ඉරියව්වෙන්ම බලපෑම් කළ තරගාවලියේ වීරයා වෙමින් ඊට අවශ්‍යය සුදුදුකම සපුරලමින් ලකුණු 132 ක් එකතු කර ගත්තේය.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් හොඳම ප්‍රතිපල පෙන් වූයේ අසිත ප්‍රනාන්දුය.ඔහු ලකුණු 133 ට කඩුලු 3 ක් දවා ගත් අතර ප්‍රභාත් ජයසූරිය ශ්‍රී ලංකාවේ දග පන්දු බලාපොරොත්තුව ලකුණු 194 ට කඩුලු 2 ක් දක්වා ගෙන ආවේය.


පළමු ඉණිමේ ශ්‍රී ලංකා පිතිකරුවන්ට වූ වැරදි හදාගෙන දෙවන ඉණිමේ දී අපහසුවකින් තොරව මේ පිතිකරුවන් සඳහා වූ කඩුල්ලේ පකිස්තානයට එරෙහිව තරගය ජය පරාජයෙන් තොරව නිමා කර ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ විශාල දෙයක් කරනු ඇති බව ඉන් පසුව ඇති වුණ හැඟීමය.ඒ ක්‍රිකට් ප්‍රේමයේ හැටිය.නමුත් දග පන්දුවෙ රඟ මේ තණතීරුවේ කෙතරම් පෙන්විය හැකිදැයි දැන ගන්නට සැළස්සුවේ නෝමන් අලී ය.ඔහුගෙන් ලකුණු 70 ක් ලබා ගන්නා විට ශ්‍රී ලංකා පිතිකරුවන් හත් දෙනෙක්ට ඊට වන්දි ගෙවන්නට සිදු විය.ඔහු ලකුණු 70 ට කඩුලු 7 ක් බිඳ දමද්දී නසීම් ෂා සිය වේගය යොදාගෙන අවසන් කඩුලු 3 පන්දු 11 තුළ දවා ගත්තේ ශ්‍රී ලංකාවේ අංක 9,10 සහ 11 යන පිතිකරුවන් තිදෙනා ඉදිරියේම ලකුණු බින්දු තබමින්ය.සිය අත්දැකීම් සියල්ලම යොදා ගෙන ඇන්ජලෝ මැතිවිස් නොදැවී කඩුල්ලේ සිටියේ ලකුණු 63 ක් ලබා ගෙනය.දෙවන ඉණිමේ ලකුණු ප්‍රමාණය 188 ක් විය.


පකිස්තානය දෙවන ටෙස්ට් තරගය ජයගත්තේ ඉණිමකින් සහ ලකුණු 222 කින් ය.දැවන්ත පරාජය තුළ ශ්‍රී ලංකාවට සිදු වී ඇත්තේ කුමක්ද යන්න නැවත සිතා බැලිය යුතුය.අප ඊයේ ද වෙනම සටහනකින් සාකච්ඡා කළේ ශ්‍රී ලංකා කණ්ඩායමට පැමිණි දග පන්දු යවන්නන්ගේ කඩුලු ලබා ගැනීමේ ශක්‍යතාවය කාලයක් ගෙවෙද්දී වෙනස් වී අසාර්ථක වන්නේ ඇයි ද යන්න සොයා බැලිය යුතු බවය.දැනට ශ්‍රී ලංකා කණ්ඩායම හරි අතට හරවන්න ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා තාක්ෂණික වශයෙන් උපදෙස් දෙන්නට අමාත්‍යවරයාම පත් කළ තාක්ෂණික කමිටුවක්ද වන්නේය.ඔවුන් සමඟ ඉතා සහයෝගයෙන් වැඩ කරන බව ශම්මි සිල්වා මාධ්‍ය ඇසූ පැනයකට පිළිතුරු දෙමින් මෑතකදී පැවසීය.එසේනම් මේ දග පන්දු යවන්නන්ගේ ශක්‍යතාවය හීන වීම හෝ ඔවුන් අලුත් ආම්පන්න සූධානම් කර නොගැනීමේ අර්බූදයට ලැබෙන්නේ කොයි ආකාරයේ විසදුමක් ද යන්න විමසා බැලිය යුතු නැද්ද?


අවසානයේ ශ්‍රී ලංකා දග පන්දු යවන්නන් විශ්වාස කර සැකසූ පිටියේ ඔවුන් ැගසූ කරණමක් නැත.පකිස්තානු දග පන්දු යවන්නෝ සර්කස් එකක්ම ඉදිරිපත් කර තරගයේ ජය ඔවුන් අතට පත් කර ගත්හ.ලකුණු සටහනට පහතින් පිවිසිය හැකිය.
https://www.espncricinfo.com/series/pakistan-in-sri-lanka-2023-1385664/sri-lanka-vs-pakistan-2nd-test-1385686/full-scorecard

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...