ගමේ රැල්ල සජිත්ට ! – මාධ්‍ය ආයතනයකින්ම එළියට එයි

Date:

ලංකාවේ මෑත කාලයේ දේශපාලනය බලද්දී පේන්න තිබුණේ රැල්ල එක එක පැත්තට කැරකෙන තත්වයක්.

රැල්ල තියෙන්නේ තමන්ටය කියලා පෙන්වන්න දේශපාලන පක්ෂත් ලොකු උනන්දුවක් දැක්වුවා මතකයි.

කොහොම වුණත් ඔය රැලි නිර්මාණය කරන්න දායක වෙනවා වගේම තමන්ගෙ පැවැත්ම වෙනුවෙන් රේටිංස් බේරාගන්න රැල්ල පැත්තට හේත්තු වෙන්නත් මාධ්‍ය ආයතනවලට සිද්ධ වෙනවා.

ලංකාවේ පත්තර විකිණීම දවස ගාණේ පල්ලම් බහින තත්වයක් තියෙන්නේ කියලා කවුරුත් දන්නවානෙ. කොවිඩ් වසංගතයෙන් ඇතිවුණු බලපෑම, කඩදාසි මිල ඉහළ යාම නිසා පත්තර මිලත් ලොකුවටම වැඩිවීම, විද්‍යුත් මාධ්‍ය නිසා වගේම සමාජ මාධ්‍ය නිසාත් ඇතිවෙලා තියෙන බලපෑම වගේ කරුණු ගණනාවක් ඕකට හේතුවෙලා තියෙනවා.

කොහොම වුණත් පහුගිය දවසක ප්‍රධාන පෙළේ පත්තර කන්තෝරුවක් තමන්ගෙ පත්තර විකිණෙන්නේ නැති එක ගැන හොයලා බලන්න ලංකාව පුරා ඉන්න තමන්ගේ අලෙවි නියෝජිතයින් කැඳවලා සාකච්ඡාවක් තියලා. අලෙවි නියෝජිතයින් 300ක් විතර මීට සහභාගී වුණාලු.

ඔවුන්ගෙන් වැඩිදෙනෙක් කියලා තියෙන්නෙ එකම කතාව.

“ඔබතුමාලාගෙ පත්තරේ දැන් ආණ්ඩුවට කඩේ යනවා වැඩියි. මිනිස්සු පත්තරේ ගන්නෙ නෑ, බැන බැන යනවා. ජේවීපී එකෙයි සජිත් මහත්තයාගෙයි නිව්ස් ටිකක් වැඩිපුර දාන්න. එහෙම නැතුව මේ විදියට ගියොත් අපට පත්තරේ විකුණන්න නෙවෙයි මිනිස්සුන්ගෙන් ගුටි කන්නයි වෙන්නේ” කියලාලු ඔවුන් කිව්වේ.

ඒ වගේම දැන් ගම්වල රැල්ල තියෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාට කියලාත් එතනට ආපු හුඟ දෙනෙක් කිව්වා ලු.

මේ කතා අහපු පත්තර කන්තෝරුවේ කර්තෘ මණ්ඩලයත් පාලන අධිකාරියත් තිගැස්සිලා ඉන්නේ කියලාත් ආරංචියි.

ඒ වගේම අපට තවත් පැත්තකින් ආරංචි වුණු විදියට ආණ්ඩුවේම සමහර මන්ත්‍රීවරුනුත් දැන් රැල්ල තියෙන්නේ සජිත්ට කියලා පිළිගන්න පටන් අරන් ලු …

CW

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...