බංග්ලාදේශයේ දින 11ක් විදුලිය විසන්ධිය යථා තත්වයට; සමාජ මාධ්‍ය වාරණය අඛණ්ඩවම

Date:

සටහන: සශිකලා මධුෂාණි,
ජුනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : බංගලාදේශයේ රජයේ රැකියා කොටාවන්ට එරෙහිව රටපුරා ක්‍රියාත්මක වූ මාරාන්තික විරෝධතා මැඩපැවැත්වීම සඳහා බලපවත්වුනු දින 11ක විදුලිය විසන්ධි කිරීම නැවත යතා තත්වයට පත්කර ඇති බව වාර්තා වේ.

විදුලි සංදේශ සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය Zunaid Ahmed Palak විසින් මේ සම්බන්ධයෙන් නිවේදනය කර තිබුණේ, දකුණු ආසියානු ජාතියේ 4G ජංගම අන්තර්ජාල සේවා නැවත ආරම්භ කරන බවත්, WhatsApp, Facebook, TikTok සහ YouTube වැනි සමාජ මාධ්‍ය වේදිකා තවදුරටත් සිමා කරනු ඇති බවත්ය.

රජයේ රැකියාවලින් සියයට 30ක් එරට නිදහස් සටන් ව්‍යාපාරයට සම්බන්ධ අයගේ පවුල්වෙත වෙන් කිරීමත් සමඟ එය ප්‍රතිසංස්කරණය කර සුදුසුකම් මත රාජ්‍ය සේවයට බඳවා ගන්නා ලෙස ඉල්ලමින් දහස් ගණනක් විශ්වවිද්‍යාල සිසුන් ජුලි 17දා සිට අගමැතිනි ෂීක් හසීනාගේ ආණ්ඩුවට එරෙහිව රටපුර විරෝධතා ඇති කළ අතර එය මැඩපැවැත්වීමට රජය ජංගම අන්තර්ජාල සේවා අත්හිටුවා හමුදාව යොදවා ඇඳිරි නීතිය පැනවීය.

විරෝධතා හසීනාගේ 15 වසරක ධූරකාලයේ විශාලතම කැලඹීම් වලින් එකක් වී අතර පොලිසිය හා ශිෂ්‍ය කණ්ඩායම් අතර ගැටුම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 147 දෙනෙකු මිය යන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර පදික වේදිකාවල වෙළඳාමට නැවත කිසිසේත් අවසර දෙන්නේ නෑ – නගරාධිපති

ලෝක උරුම සංචාරක නගරයක් මෙන්ම පූජනීය නගරයක් වන මහනුවර...

මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ !

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය...

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...