කොළඹ LNW:ඉදිරි ජනාධිපතිවරණය ජයග්රහණය කිරීම සඳහා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සහය අපේක්ෂා කරන බව වත්මන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිඛිත දැනුම් දීමක් සිදුකරමින් පවසා තිබේ.
බහුතරයකගේ සහය ලබා ගැනීම වෙනුවෙන් තමන් ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වීමට අදහස් කර තිබෙන අතර තමන්ගේ ඉල්ලීම පිළිබඳව කඩිනම් ප්රතිචාරයක් බලාපොරොත්තු වෙන බවද වික්රමසිංහ මහතා එම ලිපියේ දක්වා ඇත.