ලක්ෂ 220 අසරණයි. මැති ඇමැතිවරු දේශපාලන සූදුවක ! – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

ලක්ෂ 220ක් ජනතාව අසරණව සිටින අවස්ථාවේ පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු දේශපාලන සූදුවේ යෙදෙන අතර ලක්ෂ හතලිස් පහක් ජීවනෝපාය ලබාගන්නා, කුඩා හා මධ්‍යපරිමාණ කර්මාන්තකරුවන් ද අසරණ ව සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔවුන් පීඩාවට පත්ව සිටින බවත් ආණ්ඩුවේ කිසිවෙකුට ඒ පිළිබඳව වගේ වගක් නැති බවයි ඒ මහතා සඳහන් කළේ.

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් මුහුණදෙන ගැටලූව පිළිබඳව සාකච්ඡා කිරීමට නියෝජිත පිරිසක් ඊයේ (28) කොළඹ විපක්ෂ නායකයක කාර්යාලයට පැමිණි අතර එම අවස්ථාවේදී විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.

ඇස් බැන්දුම් චක්‍රලේඛ හරහා නීතිය ක්‍රියාත්මක කිරීම නවත්වන ලෙස ආණ්ඩුවට අවධාරණය කළ විපක්ෂ නායකවරයා ජනතාව ජීවිතය සහ මරණය අතර අර්බුදයක සිටින බව ද පැවසීය.

දේශපාලකයින්ට, කෝටිපතියන්ට, වංචාකාරයින්ට නැති පරාටේ නීතිය රටේ ආර්ථික එන්ජිම හසුරුවන ජනතාවට එල්ල වී ඇති බව කී විපක්ෂ නායකවරයා මධ්‍යස්ථ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සමාජ වෙළඳපොල රටේ ක්‍රියාත්මක විය යුතු බවත්, අන්ත ලිබරල්වාදය මේ වනවිට ලෝකයෙන්ම ප්‍රතිකේෂේප වන බවත් ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ ජාතිවාදී වීඩියෝව සහ දේශපාලන ආන්දෝලනය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු ජනාධිපති බරක් ඔබාමා සහ...

තුරග තරග පිටියේදී පොලිසියට දරුණු ප්‍රහාරයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චැම්පියන්ස් ලීග් තරගාවලියේ සුපිරි...

නේපාලයේ බිහිසුණු බස් රථ අනතුරක් : 13 ක් ජීවිතක්ෂයට

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නේපාලයේ බයිටාඩි දිස්ත්‍රික්කයේ...

ශම්මිගේ ඉල්ලීමෙන් පසු පකිස්තානයට මඟ හැරිය හැකිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: පකිස්තානයට ගැටළුව ඇත්තේ ඉන්දියාව...