කොළඹ මහනගර සභාව පාපැදි මංතීරු සහ ගාල් කිරීමේ ස්ථාන හඳුන්වා දෙයි!

Date:

කොළඹ මහ නගර සභාව විසින් අද (29) පා පැදි මංතීරු සහ ගාල් කිරීමේ ස්ථාන හඳුන්වා දීම නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන අසලිනුයි අද මෙම වැඩසටහන ආරම්භ වුණේ.

එහි අරමුණ වනුයේ විශේෂයෙන්ම කොළඹ නගරය තුළ අභයන්තර කටයුතු සඳහා පැමිණෙන ජනතාව සඳහා මෙම පහසුකම ලබාදීමයි. එහිදී මූලික වශයෙන් නගරය තුල අභයන්තර ගමනාගමනය සඳහා පාපැදිය සහ පාපැදිකරුවන් දිරිමත් කිරීම සඳහා ව්‍යාපෘති කිහිපයක් හඳුනාගෙන තිබේ.

ඒ අනුව කොළඹ වරාය ආශ්‍රිතව ගමනාගමනය සඳහා ආමර් වීදියේ සිට වරාය පිවිසුම දක්වා මාර්ගයේ පාපැදි මංතීරු පහසුකම් සැලසීම අද සිදුවුණි.

මේ වන විට රටේ පවතින ඉන්ධන ප්‍රශ්නයත් සමඟ පාපැදිය භාවිතාව ඉහළ ගොස් තිබෙන හෙයින් එම පිරිස් වෙත පහසුකම් සැලසීමේ අරමුණිනුයි මෙය ආරම්භ කර තිබෙන්නේ.

පාපැදි ගාල් කිරීමේ ස්ථානවලින් ගාස්තු අයකිරීමක් ගැන මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවද රෝසි සේනානායක මහත්මිය පැවසුවාය.

ආමර් වීදිය, වරාය දක්වා යන මාර්ගය,පුරහල,කොළඹ විශ්ව විද්‍යාලය,රෝහල් චතුරශ්‍රය සහ ඩීන්ස් පාර ඇතුළු හඳුනා ගැනුණු මාර්ග ගණනාවක මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිත බවද නගරාධිපතිනිය කියා සිටින ලදී.

මෙසේ පාපැදි සඳහා මං තීරුවක් වෙන් කර තිබෙන මාර්ගයක සියලු පා පැදිකරුවන් එම මංතීරුව තුළ පා පැදිය ධාවනය කළ යුතු වෙයි.

එසේම අනෙකුත් මෝටර් වාහන එම මංතීරුව තුළ ධාවනය කිරීම හෝ නවතා තැබීම සිදු නොකළ යුතුයි.

මෙම මංතීරු ක්‍රියාත්මක කිරීම සදහා මහජනතාවගේ සහ විවිධ වූ ආයතන වල සහයෝගය අඛණ්ඩව බලාපොරොත්තු වන අතර ශ්‍රී ලංකා පොලීසියේ රථවාහන අංශයේ සක්‍රිය දායකත්වය නිරන්තරයෙන්ම බලාපොරොත්තු වන බවයි නගරාධිපතිනිය සඳහන් කළේ.

ආරක්ෂාව සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසියේ රථවාහනන අංශයේ දායකත්වය ලබාගැනීමටද නියමිතයි.

එමෙන්ම ආරම්භයේදී නගරය තුළ තෝරාගත් ස්ථාන 25ක පාපැදි නැවතුම් ස්ථාන ඉදිකිරීමට යෝජිතයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාව කළුතර ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි කළුතර ප්‍රාදේශීය සභාවේ මංගල...

21 මේ ආණ්ඩුවේ අවසානයේ ආරම්භ සටහන් කරවනවා – ගම්මන්පිල

කොළඹ LNW: මහා වැසි වැස්සත්, මහා සුළං හැමුවත්, ආණ්ඩුව...

වියට්නාමය සහ උතුරු පළාත අතර සහයෝගීතාව වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ වියට්නාම්...

රැලියට කලින්ම මාලිමාව තංගල්ලේ අයවැය පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි තංගල්ල නගර සභාවේ මංගල...