මල් වඩම් ….

Date:

මල්වඩම හරවා යැවිණ.

ත්‍රස්ත වූහ!
මගේ රටේ අදේශපාලනික බුද්ධිමත්හු

කෙලෙස අදහන්න ද?
පාන් පෙත්තකි න්‍යාය….. රජ වසුරු නම් වෙඬරු ය
වයින් වඩියකි ප්‍රතිපත්ති….. හිස් වෙයි දෑස පියවෙයි
එදිනෙදා මිය යන මිනියක් වීම පහසුය
ආයු බල වර්ණ වඩා ගන්නට හොඳම මග එයමය

“අහා ඒ මල්වඩම!
රජු එවන – අප පතන – කළ සේවයට සරිලන
මොක් පුරේ මහ දොරේ රහස් අංකය රැගත්
ශුද්ධ වූ මල්වඩම
නොපතන්නවුන් වේද ඉතිරිව?”

ඔව් හිඳියි අතළොස්සක් නොමළවුන්
මේ කවිය උන්ට ය

මිනිසුනි අසනු….. අස්වැද්දිය යුතුය මුඩු හිස්
පෙරලමු නැවුම් පස….. වපුරමු නැවුම් බිජුවට
අවදියෙන් සිටිය යුතු….. රැකිය යුතු දළු දමන ලා ගොබ
ගැනිය යුතු දින ගණන….. එ ගස් තුරුණුව මල් දරන තුරු

කවියනි අසනු…. නිපදවිය යුතු පොහොර ද
පලිබෝධ ප්‍රතිරෝධ සහ සතුරු ප්‍රතිදේහ
ගොවියනු අසනු…. කම්කරුවන් ද සමගින්
අවැසිය හොඳම මල්….. කලක් අල්ලා සිටිය හැකි

නෙලිය යුතු ඒ මල්
හුයෙක අමුණා එකිනෙක සෙමෙන්
සැදිය යුතු සහසක් මල් වඩම්
එක සතුරෙකුට එක බැගින්

ලොකු බල්ලන්ට ලොකු වඩම්
පොඩි කුක්කන්ට පොඩි වඩම්

දිනෙක උදයක
වාසල් දොර ළඟ…..

2010.09.25
කර්තෘ අඥාතයි
උපුටා ගැනීම- boondi.lk

දෙදහස් දහයේ සැප්තැම්බර් මාසයේ පළමු සතියේ දවසකි. උතුර පරදා දකුණ කිරිබත් කන කාලයයි. විජයග්‍රහණයේ අඳුරු සෙවණැලි යට සුදු වෑන් ද සාක්කි නැති මරණ ද අතුරුදන් කිරීම් ද රාජ්‍යය විසින් නොනවත්වා සිදු කරමින් සිටි කාලයයි.

චිර කාලීන ට්‍රොට්ස්කිවාදිනියක වූ පියසීලී විජේගුණසිංහගේ නිසල දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කොට තිබුණේ දෙස් විදෙස් ට්‍රොට්ස්කිවරුන්ගේ ද වාමාංශිකයින්ගේ ද ⁣පොදු ජනයාගේ ද බුහුමන් මැද ය. මල්වඩමක් ගෙන එහි පැමිණි හමුදා නිළධාරියෙකි. එවා තිබුණේ යුධ ජයග්‍රහණය නිසා මහ රජාණන් ලෙස සිංහනාරූඪ කරන ලද එවකට විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ විසිනි.

මල්වඩම හරවා යැවිණි.

ඒ පියසීලි විජේගුණසිංහගේ සැමියා ද සිය දිවිය පුරාම ට්‍රොට්ස්කිවාදියෙකු ලෙසද අනුදත් සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ඇතුළු එම පක්ෂය විසිනි.

ඒ සංකේතීය සිදුවීම පමණක් බොහෝ දේ කියන බැවින් වැඩි විස්තර අනවශ්‍යය.

මල්වඩම් හරවා යැවූ මිනිසා නිසල වූ බව සැලවිණ.
අවසාන වනස්පතීන් අහිමි වන බිම දැඩිතර ශෝකයෙන් සෙලවිණ.

සුබ ගමන් විජේ ඩයස් සහෝදරයා!
ආචාරය!!!

~ සටහන : කල්පනා ඇම්බ්‍රෝස්

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...

කෝටි ගාණක “කුෂ්” කටුණායක ගුවන් තොටෙන් මතුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඊයේ (14) රාත්‍රියේ...

වරායේ සිරවූ බහාලුම් වලට මොකද වෙන්නෙ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : දින කිහිපයක සිටම,...

සහන ගැන මාධ්‍ය සංදර්ශන දැම්මට චක්‍රලේඛවත් නිකුත් කරලා නැහැ – විපක්ෂ නායක

කොළඹ LNW: විපතට පත් ජනතාවට සහන දෙන බවට මාධ්‍ය...