දරු දුක කොතැන ලා දරන්නද ?

කිනම් බසකින් කියන්න ද
කෙබඳු කවියක් ලියන්න ද
කවර න්‍යායෙන් හිතන්න ද
කොතැන ලා දුක දරන්න ද

සරු පස සදන හැටි ගැන
තරු දිනන සක්වළ දිග පළල ගැන
දන්නා සියළු මිනිසුනි
දරු දුක මනින මිනුම කිව මැන

මේ මගේ දරුවා
සිටියේ ඇකයෙ ගුලි වී
මේ මගේ දරුවා
රැක්කෙ ලේ පවා උණු කොට දී
මේ මගේ දරුවා
මල් බඳු පා සිප ගත්තෙ
දණින් වැටි වැටි නැවි නැවී
ඒ මගේ දරුවා
නික්ම යන විට
සක්වළ ගල පවා නැද්ද සෙලවී

ඇට ලේ මස් මිදුළු වැද
කිඳුණු බැඳුමක
හටගත් හැම දෙයක
අරුත සුන් වෙන දින
කොටසක් නො වේ ; මුළු දිවි අරුත
දිය වෙන තැන
මට මේ දුක දරන හැටි ⁣
කියා දෙනු මැන

~ කල්පනා ඇම්බ්‍රෝස්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනෝජන් සිවරාසා නිදහස්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW : සෞදි අධිකරණයෙන් චෝදනා...

රවී කරුණානායකගෙන් ශ්‍රී ලංකා HSBC කේන්ද්‍රය රැකගැනීමේ ජාතික ආයාචනයක්!

ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති HSBC ගෝලීය සේවා මධ්‍යස්ථානය වසා...