ඇමරිකාව සමඟ ඇති සමීප සබඳතා තමන්ගේ දේශපාලන ශක්තිය බව නෙතන්යාහු කි‍යන විට ට්‍රම්ප් අසතුටෙන් ද?

සටහන: සශිකලා මධුෂාණි
ජූලි මස 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඊයේ(28)දිනයේදී ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමත් සමඟ දිගු කලක් තිස්සේ එක්සත් ජනපදය සමඟ පවතින දේශපාලනික හා පෞද්ගලික සමීප සබඳතා හේතුවෙන් තමන් ඊශ්‍රායලයට අත්‍යවශ්‍ය නායකයෙකු බවට සාක්ෂියක් ලෙස ඉදිරිපත් කර තිබූමුත් ට්‍රම්ප්ගේ නොසතුට දෙරටේ නායකයන් අතර පවතින සබඳතාවල ඇති වී තිබෙන ආතතිය පිළිබඳ අවධානය යොමු කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා අනුව, ගාසා තත්ත්වය, ඉරානය සම්බන්ධ ප්‍රතිපත්ති සහ කලාපීය ආරක්ෂක කටයුතු ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් නායකයන් දෙදෙනා අතර අදහස් වෙනස්කම් මතු වී ඇති බව සඳහන් වේ.

විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, ට්‍රම්ප් සහ නෙතන්යාහු දිගු කාලයක් සමීප දේශපාලන සබඳතාවක් පවත්වාගෙන ගියද, වර්තමාන කලාපීය අර්බුද හමුවේ ප්‍රතිපත්තිමය වෙනස්කම් හේතුවෙන් එම සබඳතාවට යම් පීඩනයක් එල්ල වී ඇති බවයි.

කෙසේ වෙතත්, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය අතර ආරක්ෂක සහ රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත්ව පවතින අතර, මෙම හමුවේදී ගාසා යුද්ධය, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම, ඉරානයේ කලාපීය ක්‍රියාකාරකම් සහ දෙරටේ අනාගත සහයෝගීතාව පිළිබඳව විශේෂ අවධානය යොමු වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...