*
Monday, November 18, 2024
spot_img

Latest Posts

2024  සිට සියලු විභාග අදාළ දිනටම පැවැත්වීමට තීරණයක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 2024 වසරට නියමිත පාසල් විභාග තුනම එම වසරේදීම පැවැත්වෙන බවත්, වසර 2024 නව පාසල් වාරය පෙබරවාරි 21 ආරම්භ කරන බවත්, අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසූ අතර , මෙසේ පාසල් විභාග යළිත් සුපුරුදු පරිදි අදාළ වසරේදීම පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව කටයුතු කළේ කොවිඩ් 19න් අනතුරුවය. කොවිඩ් 19න් පසුව මේ දක්වා සියලු පාසල් විභාග නියමිත දිනට වඩා කල්යාමක් සිදුවිය.

2024 වසරට නියමිත පාසල් විභාග තුන වන ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ එම වසරේදීම පවත්වා අවසන් කිරීමට කටයුතු යොදන බවයි ,විභාග කොමසාරිස් ජනරාල් අමිත ජයසුන්දර සඳහන් කළේ.

2023 වසරට අදාළ උසස් පෙළ විභාගය එළඹෙන නොවැම්බර් 27 සිට දෙසැම්බර් 21 දක්වාත්, ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 15 දිනත්, 2023 සාමාන්‍ය පෙළ විභාගය 2024 වසරේ මාර්තු අග පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි ඉදිරියේදී පැවැත්වෙන විභාග පිළිබඳව අදහස් දැක්වූ විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan