පුටින්ගෙන් අප්‍රිකාවට සහන රැසක්

Date:

රුසියානු ජනාධිපතිවරයා ගෝලීය ආහාර අර්බුදයක් වළක්වා ගැනීමට මොස්කව් උත්සාහ කරන හෙයින් අප්‍රිකානු රටවල් හයකට නොමිලේම ධාන්‍ය ලබා දීමට පොරොන්දු විය.
පසුගියදා ශාන්ත පීටර්ස්බර්ග් හි අප්‍රිකානු රටවල් 49ක් නියෝජනය කරමින් නායකයන් සම්බන්ධ වූ රුසියා – අප්‍රිකා සමුලුවට සම්බන්ධ වෙමින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසා තිබුණේ, අප්‍රිකානු රටවල ණය කපා හැරීම හා ධාන්‍ය ලබා දීම හරහා නව යටත් විජිතවාදයට එරෙහිව සටන් කිරීමට සියලුදෙනාම එකඟ වූ බවයි.

කළු මුහුදේ ධාන්‍ය ගනුදෙනුවෙන් රුසියාව ඉවත් වීමත් සමඟ ඉහළ ආහාර මිල සහ උද්ධමනය සම්බන්ධයෙන් බටහිර රටවලට දොස් පවරන ලද රුසියානු ජනාධිපතිවරයා ගෝලීය ආහාර අර්බුදයක් වළක්වා ගැනීමට මොස්කව් උත්සාහ කරන හෙයින් අප්‍රිකානු රටවල් හයකට නොමිලේම ධාන්‍ය ලබා දීමට පොරොන්දු විය.

මෙහිදී රාජ්‍ය නායකයන් සියලුදෙනා අප්‍රිකානු මහාද්වීපයේ ජාත්‍යන්තර මැදිහත්වීම් වලට විරුද්ධ වෙමින් වඩාත් සාධාරණ, සමතුලිත සහ ස්ථාවර ක්‍රමවේදයක් ආරම්භ කිරීම වෙනුවෙන් නව ගිවිසුමකටද අත්සන් කරනු ලැබීය.

සශිකලා මධුෂාණී_ ( outbound today )

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩී. එස්. ආදි සිසුවා අයර්ලන්තයෙන් කළ ඉල්ලීම මල් ඵල දරයි: යුරෝ ලක්ෂ 05ක ක්ෂණික ආධාරයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදාවෙන් විපතට පත්...

දිට්වා පාඩුව ඩොලර් බිලියන දෙකක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ...

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ප්‍රබල අකුණු පිළිබඳව...

ස්විට්සර්ලන්තයේ සිට ආ ආපදා ආධාර..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : අද (6)...