පොහොට්ටු දේශපාලන මණ්ඩල රැස්වීමේ ඡන්ද බෙදුණු හැටි

Date:

ජනාධිපතිවරණය සඳහා පොහොට්ටුව ලකුණ යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට එම පක්ෂය ඊයේ (29) සවස තීරණය කර තිබිණි.

ඒ, එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය පක්ෂ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී රැස්වූ අවස්ථාවේදී ය.

එහිදී මෙම තීරණය සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් ද පවත්වා ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලයෙහි සාමාජිකයින් 82 දෙනෙකු සිටින අතර එයින් 79 දෙනෙකු මෙම රැස්වීමට එක්ව සිටියහ. පොහොට්ටුවෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට විරුද්ධව එහිදී ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ 79 දෙනාගෙන් 11 දෙනෙකු පමණි.

ඒ, ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ, කංචන විජේසේකර, රමේෂ් පතිරණ, බන්දුල ගුණවර්ධන, එස්. බී. දිසානායක, මොහාන් පී. ද සිල්වා, කනක හේරත්, කෝකිලා ගුණවර්ධන, සහන් ප්‍රදීප් සහ ප්‍රදීප් උඳුගොඩ යන මැති ඇමතිවරුන් ය.

එසේම පක්ෂයේ තීරණයට පිටින් යමින් පොහොට්ටුවෙන් පිට වෙනත් අපේක්ෂකයෙකුට සහාය දෙන අයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ද යෝජනාවක් ඊයේ සම්මත කරගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් ඡන්දය විමසීමේදී ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ 06 දෙනෙකු පමණක් බවයි වාර්තා වූයේ.

ඒ අනුව පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ඉදිරි දින කිහිපය තුළ නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිත බව පක්ෂ ආරංචිමාර්ග සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...

උතුරේ හර්තාලය අසාර්ථකද?

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ඉලංගෙයි...