සටහන – නිශ්මං රණසිංහ
ජූලි 30, (LNW) කොළඹ :
පැරිස් ඔලිම්පික් උළෙලට සහභාගි වූ නඩයේ අමාත්‍යංශ නිලධාරීන් සහ දේශපාලනඥයින් සිටින බවට පැතිර යන කතා බොරු බව විශ්වසනීය ආරංචි මාර්ගවලන් තහවුරු වෙයි.අමාත්‍යවරයා සමාරම්භයට පැය කිහිපයකට සහභාගි වි ඇතත්,එය සිඳු කර ඇත්තේ තමන්ගේ පෞද්ගලික මුදලින් බව ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
කෙසේ නමුත් විවිධාකාරයෙන් මෙම මුදලට පුද්ගලයින්ට අනුමැතිය ලබා දීමේදී ඇතැම් පුද්ගලයින්ට ජාතික ඔලිම්පික් කමිටු සභාපතිවරයාගේ අනුමැතිය ලැබී නැති බව ද,එහෙත් ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම්වරයා මුල් වී අමාත්‍යංශයේ අනුමැතිය රැඟෙන තිබෙන බවද එම ආරංචි මාර්ගම පෙන්වා දෙයි.
අමාත්‍යවරයා සහ අධ්යක්ෂ ජෙනරාල්වරයා ද මේ සුදුසුකම් ලබා සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් සෑහෙන දායකත්වයක් දැක් වූ බව රහසක් නොවුණ ද,උළෙලට සහභාගි වීම සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ඔවුන්ගේ දත්ත සඳහන් ක්‍රීඩා වෛද්‍ය ඒකකයෙන් වෛද්‍යවරයෙක් හෝ සම්භාහකයෙක් තරම් නම් කර නොමැත.ඒ සඳහා ජාතික ඔලිම්පික් කමිටුව සහභාගිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පැත්තෙන් මීට පෙරද සැළකිල්ල යොමු කර නැති අතර,ඔවුන් විසින් දිගින් දිගටම එවැනි ඉසව් සඳහා අවස්ථාව දීම නිසා මෙවර ස්වෙච්ඡාවෙන් පැරිස් වෙත සම්බන්ධවීමට අවස්ථාව හිමි වුණ වෛද්‍යවරයෙක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් ඉහත අඬුව පෙන්වා දුන් පසු කණ්ඩායමට ඇතුළත් කර ඇත.
එසේම ඔලිම්පික් සභාපතිවරයාගේ අනුමැතියෙන් තොරව ජාතික ඔලිම්පික් කමිටුවේම,මේ වන විට විදේශයකට පළා යන්නට උත්සාහ කළ බවට ප්රවෘත්ති පළ වූ අයෙක්,එම හේතුව නිසා ඇප පිට සිටියදී පැරිස් ගමණට නම් කර තිබුණු බවත්,එයට අවසර නොලැබුණු බවත් අප මීට පෙරදී ද වාර්තා කළේය.
තරගාවලියට සහභාගිවන සෑම ක්‍රීඩකයකුටම සිය පෞද්ගලික පුහුණුකරු සමඟ සහභාගී වන්නට අවස්ථාව හිමි වී ඇත.එසේම ඒ ඒ ක්‍රීඩාව නියෝජනය කරමින් කළමණාකරුවන් එකතු කරන්නට ද පියවර ගෙන ඇත.ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ක්‍රීඩා අධ්යක්ෂ ජෙනරාල්වරයාට අවස්ථාව ලබා දී ඇත.මේ අතරට දේශපාලනඥයෝ පොකුරු පිටින් සහ නිරීක්ෂකයින් ලෙස පොකුරු පිටින් පිරිස සහභාගි කරවීමක් ද සිඳු කර නැත.
එහෙත් පැරිස් ඔලිම්පික් උළෙල නිමාවේ පැවත්වෙන පැරා ඔලිම්පික් උළෙලට සමහර නිලධාරීන්ට අවස්ථාව හිමි වී ඇති බවත්,ඒ අය ශ්‍රී ලංකාවට පැමිණ නැවත පැරිසියට යමින් වියදම් දෙකක් දැරීමට සූදානම් වන බවත් අප වෙත වාර්තා වී ඇති අතර,අපි ඒ තොරතුරේ සත්‍ය තත්ත්වය පිළිබඳව ද විමසිල්ලෙන් සිටිමු.