සාමය පිළිබඳ කාදිනල් හිමිගේ ආරාධනය..

රෂිකා හෙන්නායක අප්‍රේල් 05, කොළඹ LNW :

ප්‍රධාන පාස්කු දේව මෙහෙයට එක්වෙමින් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් දේශනා කළේ වර්තමාන ලෝක සාමය බිඳවැටීමට බලලෝභී පාලකයන්ගේ ආත්මාර්ථකාමීත්වය සෘජුවම බලපා ඇති බවයි.

නියම ක්‍රිස්තු ධර්මය යනු හුදෙක් යාඥා කිරීම හෝ දේවගැතිවරුන් පිරිවරාගෙන බයිබලය දේශනා කිරීම පමණක් නොව, එය අසල්වැසියාට සේවය කිරීම සහ ප්‍රේමය පදනම් කරගත් ජීවන රටාවක් බව උන්වහන්සේ පෙන්වා දෙති.

ලෝකය පාලනය කරන්නන් සේවකයන් ලෙස කටයුතු කළ යුතු වුවද, වර්තමානයේ බොහෝ දෙනා කටයුතු කරන්නේ තම පෞද්ගලික බලය තහවුරු කරගැනීමට පමණක් බව මෙහිදී අවධාරණය කෙරිණි.

එබැවින් සාමූහික මනුෂ්‍ය වර්ගයා විඳින පීඩාවන් දුරුකිරීම සඳහා නායකයන්ගේ සිත් වෙනස් වී ඔවුන් පරිත්‍යාගශීලී සේවයකට යොමු විය යුතු බව උන්වහන්සේ මෙහිදී අවධාරණය කරති.

මෙම ප්‍රකාශය මගින් පාලකයන්ගේ දුර්වල නායකත්වය විවේචනය කරන අතරම සැබෑ ආගමික හරය ජීවිතයට එකතු කරගන්නා ලෙස සැමට ඇරයුම් කරයි.

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමි,

“අපි යාඥා කරමු විශේෂයෙන්ම මේ කාලයේදී ලෝක සාමය වෙනුවෙන්. මේ සාමය බිඳිලා තිබෙනවා එක මනුෂ්‍යයෙකුගේ ආත්මාර්ථකාමීත්වය නිසා, එක මනුස්සයෙක් ලෝකය පාලනය කරන්න තියන ආශාව නිසා මනුෂ්‍ය වර්ගයාටම ලොකු වේදනාවක් ඇවිල්ලා තියෙනවා. අපි යාඥා කරමු මේ මනුෂ්‍යාගේ හිත වෙනස් කරන්න කියලා, මේ දුෂ්කර, දුර්වල ගමන් මාර්ගයෙන් ඈත් කරන්න. ක්‍රිස්තු ධර්මය අදහනවානම් ඔහොම කරන්න බෑ. කිස්තු ධර්මය කියන්නේ යාඥා කරන එක විතරක් නෙමෙයි, ශුද්ධ වූ බයිබලයේ කොටස් කියවන එක විතරක් නෙමෙයි, පාස්ටර්ස්ලා ගොඩක් ළඟ තියාගෙන ලෝකෙට ප්‍රකාශ කරන්න හදන එක නෙමෙයි. ක්‍රිස්තු ධර්මය කියන්නේ ප්‍රේමය, ජීවත්වීම. ප්‍රේමය සේවකයෙකු වීම, දෙවියන් වහන්සේ ඉදිරියේ පැහැපත්වීම, අසල්වැසියා ඉදිරියේ පැහැපත් වීම, නායකයා සේවකයා විය යුතුයි කියලා තියෙනවා නමුත් අද මේ ලෝකේ පාලනය කරන මේගොල්ලෝ නායකයෝ, සේවකයෝ වෙන්නේ නෑ. ඒ ගොල්ලෝ පාලකයෝ ඒ ගොල්ලෝ බලය පස්සෙන් යන අය.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...