(VIDEO):රනිල්ව අතහැර අතහැරිය නොහැකි වගකීම ගැන කියන නාමල්!

Date:

කොළඹ LNW:වාමාංශික දේශපාලන කඳවුර ආරක්ෂා කිරීම අතහැරිය නොහැකි වගකීමක් වන හෙයින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනැගීමට හේතු පාදක වූ දේශපාලන කඳවුර වෙනුවෙන් පෙනී සිටිය යුතුය යන මතයේ සිට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය නොදැක්වීමට පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීරණය කළ බව එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.

එමෙන්ම ජන්ද පත්‍රිකාවේ පොහොට්ටුවේ සලකුණ තිබිය යුතු අතර පක්ෂයේ අපේක්ෂකයෙක් සිටිය යුතු බවට වන තීන්දුවත් ඊට බලපෑ බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඒ අනුව දැනට යෝජනා වී තිබෙන අපේක්ෂකයින් සමඟ සාකච්ජා කර ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන අවසන් තීන්දුවකට පැමිණෙනු ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.

එමෙන්ම එක්ව කටයුතු කිරීම වෙනුවෙන් වමේ ප්‍රගතිශීලි කදවුරට තමන් යළිත් ආරාධනා කරන බවත් නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් සඳහන් කරන ලදී.

රටේ අවශ්‍යතාව වෙනුවෙන් 2022දී ගත් අසීරු දේශපාලන තීන්දුවත් සමඟ වාමාංශික දේශපාලන කඳවුර සමඟ යම් දුරස්ථභාවයක් ඇතිවුවද රටට ආදරය කරන සංස්කෘතියට ආදරය කරන දේශීය ආර්ථිකය ආරක්ෂා කරන ප්‍රතිපත්ති සමඟ ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයෙක් සමඟ ඉදිරියට යා හැකි බවයි ඔහු වඩිදුරටත් අවධාරණය කළේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරෝධය පළකරමින් ඉසුරුපායේ විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරෝධය පළකරමින් අද...

අපේ ආදර මතක : “නොසැලෙන්න කඳුළක් දෑසින්”

"අරූට තමයි යොහාන් අර්ජුන කියන්නේ. ඌ ගායකයෙක්." බණ්ඩාරවෙල ටවුමේ රස්තියාදුකාර...

LKNOG9 සමුළුව කොළඹදී සාර්ථකව පැවැත්වේ

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: Lanka Network Operators Group හි...

නිකොදේමස් විජාජා ගේ විචිත්‍රවත් සහ මායාකාරී ආභාසය ලත් වීදි ඡායාරූප එකතුවක්!

සටහන – පුලී අගෝස්තු 13, කොළඹ (LNW): මායාකරණයට ලක් වූ...