ආසියානු කුසලානය වෙනුවෙන් ඩොලර් ලක්ෂ පහක්

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජූලි 30, (LNW) කොළඹ :

ආසියානු විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් සූරතාවලිය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 5 ක මුදලක් ත්‍යාග වශයෙන් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන තිබෙනවා.ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ජයග්‍රහණයට පෙර ද අවසාන වසර කිහිපය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලැබෙන පහසුකම් සහ දීමනාවල ද සීඝ්‍රයෙන් වර්ධනයක් දකින්නට ලැබුණා.නායිකා චමරි අතපත්තු ද නිතර පරිපාලනයෙන් ලැබෙන පහසුකම් සහ සහය සම්බන්ධයෙන් ජයග්‍රහනයන් හී දි ස්තූතිය ප්‍රකාශ කළ අතර එහි අවසාන ප්‍රතිපලය ලෙස මේ මොහොතේ දී ශ්‍රී ලංකාව පස් වරක් අනු සූරියන් වෙමින් පසු පසට වීසි වී සිටි ආසියානු විස්සයි විස්ස කාන්තා කුසලානය ශ්‍රී ලංකාවට අත්පත් කර ගැනීමට චමරි ඇතුළු පිරිස සමත් වුණා.


ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සල්වා අතින් මේ ත්‍යාග ප්‍රදානය සිඳු වූ අතර එයට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ද එක්ව සිටියා.ශ්‍රී ලංකා ක්‍රිකට් හී උප සභාපතිවරුන් වන රවීන් වික්‍රමරත්න සහ ජයන්ත ධර්මදාස ද එක් වූ මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ඩොලර් පන් ලක්ෂයක චෙක් පත ලබා ගත් අවස්ථාව ඡායාරූපයේ දැක්වෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු පොලිස්පති දේශබන්දු ට දැන් හිමි තැන…?

ධූරයෙන් ඉවත් කර සිටින හිටපු පොලිස්පති තෙන්නකෝන් මහතා දැන්...

ලෝකඩ පැහැ ඉන්දීය තරගාවලියට ශ්‍රී ලංකාවෙන් නවයක්

නිශ්මං රණසිංහ අගෝස්තු 10, කොළඹ LNW: භුබනේස්වර් හි කාලිංග ක්‍රීඩාංගණයේදී ,2025...

සාර්ථකව අවසන්වූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය!

රෂිකා හෙන්නායක අගෝස්තු 10 කොළඹ LNW : පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව...

“වලස් කටා” පොලිසියෙන් මිදී පැන යාමට තැත් කරද්දී දෙපාවලට සහ එක් අතකට හානි..

රෂිකා හෙන්නායක අගෝස්තු 10 කොළඹ LMN : තිළිණ සම්පත් නොහොත්...