අශෝක ජයතුංග
ජූලි 30, වොෂින්ටන් LNW :
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ගේ ජාතික ආරක්ෂක කටයුතු සදහා අලුතින් පත්කල විශේෂ සහකාර හා ධවල මන්දිරයේ දකුණු ආසියාවේ ජේෂ්ට අධ්යක්ෂ ලින්ඩ්සේ ඩබ්ලිවි. පෝfඩ් මහත්මිය හා ධවල මන්දිරයේ දකුණු ආසියානු කලාපීය අධ්යක්ෂ සීමස් වයිට්සෙල් මහතා වොෂින්ටනයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා හමුවුහ.
වොෂින්ටනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී මෙම හමුව සිදුවූ අතර දෙරටේ හා ඉන්දියානු සාගර කලාප ආරක්ෂාව හා සෙසු ක්ෂ්‍රේත්‍ර රැසක් ගැන එහිදී අදහස් හුවමාරුවී තිබේ.