රෝහලක වහලයක් කඩා වැටී රෝගීන් කිහිපයකට තුවාල!

Date:

රෂිකා හෙන්නායක ජූලි 30, කොළඹ (LNW):

නව මහල් ගොඩනැගිල්ලක ඉදිකිරීම් කටයුතු කරන අතරතුර මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ වහලයක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් ළදරුවන් හා මව්වරු කිහිපදෙනෙක් තුවාල ලබා තිබෙන බව වාර්තා වේ.

නව මහල් ගොඩනැගිල්ලට යන්ත්‍රයක් මඟින් කොන්ක්‍රීට් යෙදීමට යාමේදී ඉදිකිරීම් ගොඩනැගිල්ලට යාබඳව පිහිටි ළදරු වාට්ටුවේ වහලය මතට මිශ්‍ර කරන ලද කොන්ක්‍රීට් තට්ටුවක් කඩා වැටීමෙන් ළදරු වාට්ටුවේ වහලය බිඳී ගොස් ඇති බව පැවසේ.

එම අවස්ථාවේ වාට්ටුවේ සිටි ළදරුවන් සහ මව්වරුන් කිහිපදෙනෙකු මතට එම කොන්ක්‍රීට් කඩා වැටී අනතුර සිදුව තිබෙන බව වාර්තා වේ.

අද (30) අද පෙරවරු කාලයේ සිදුවූ මෙම අනතුර හේතුවෙන් මව්වරුන් තිදෙනෙකු සහ ළදරුවන් තිදෙනෙකු පරීක්ෂණ කටයුතු සඳහා අදාළ අංශ වෙත යොමු කිරීමට රෝහල් කාර්යමණ්ඩලය කටයුතු කර ඇත .

අනතුර හේතුවෙන් වාට්ටුවේ සිටි සියලූම ළදරුවන් සහ මව්වරුන් දැනට ඉවත් කර ඇති අතර, ඔවුන් ආරක්ෂිත ස්ථානවලට යොමු කිරීමට කටයුතු කර තිබෙන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුව තමන්ගේම වළ තමා විසින්ම කපාගනිමින් ඉන්නවා – නාමල්

කොළඹ LNW:ආණ්ඩුව තමන්ගේම වල තමන් විසින්ම කපා ගනිමින් සිටින...

පෙළපොතකින් මතු වූ අධ්‍යාපනික සහ සංස්කෘතික ගැටුම

ඕවින්දි විෂ්මිකා ජනවාරි 02, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ 6 ශ්‍රේණියේ...

පුනරුදයට මඟ මහනවර දිස්ත්‍රික් සමාරම්භය අකුරණදී!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමේ...

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...