හැංගිලා සිටි රෝහිතගේ දියණිය පොලීසියට බාරවෙයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය වන රොෂෙල් මෙලනි අබේගුණවර්ධන අද (ජුලි 30) උදෑසන නීතිඥවරයෙකුගේ මාර්ගයෙන් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වෙත භාරවී තිබේ.

ඒ, ව්‍යාජ දත්ත ඇතුළත්කොට ලියාපදිංචි කරන ලද සුඛෝපභෝගී ජීප් රථයක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජුලි 19 වනදා පෙරවරුවේ සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයා වන රසික විතාන මහතාව අත් අඩංගුවට ගෙන තිබුණු අතර ඔහු එම ජීප් රථය මිලදී ගෙන තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය වන රොෂෙල් මෙලනි අබේගුණවර්ධනගෙන් බවට ලද තොරතුරු අනුව ඇයව අත් අඩංගුවට ගැනීමට පොලීසිය ඇගේ නිවසට ගියත් ඇය නිවසේ නොසිටි බව පොලීසිය පැවසූ අතර මේ දක්වාම ඇයව සොයාගැනීමට හැකියාවක් පොලීසියට ලැබී නොතිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

3I/ATLAS සම්බන්ධයෙන් නාසා ආයතනයේ නිහඬතාවය පිටසක්වල න්‍යායන් පෝෂණය කරන්නක් ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 29, කොළඹ (LNW): අභිරහස් අන්තර් තාරකා ආගන්තුකයෙකු...

බ්‍රසීලයේ ෆවෙලාහි හදීසි වැටලීමකින් පුද්ගලයන් 64ක් ජිවිතක්ෂයට; 81ක් දෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රසීලයේ රියෝ...

පියල් මනම්පේරිට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස්...