අනුර කුමාරටත් සිහිනයක් තියෙන්න ඇති. මටත් අවස්ථාව ලැබුණොත් ජනාධිපතිවරණයට එනවා – නවින්

Date:

කොළඹ LNW:ජනාධිපති ධූරය වෙනුවෙන් තමන්ට සුදුසුකම් ඇති බවට විශ්වාස කරන අතර අවස්ථාවක් ලදහොත් ඉදිරි ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන බව හිටපු අමාත්‍යවරයෙක් වූ නවීන් දිසානායක මහතා පැවසුවේය.

තමන්ට වසර 20කට වැඩි දේශපාලන ඉතිහාසයක් ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්,කැබිනට් අමාත්‍යවරයෙක්, ආණ්ඩුකාරවරයෙක් ලෙස අත්දැකීම් මෙන්ම තමන හොරකම් නොකරන ලද තැනැත්තෙක් ලෙසද ඊට සුදුසුකම් ඇති බවයි දිසානායක මහතා කියා සිටියේ.

ඔහු මේ බව පැවසුවේ අද (30) කොළඹ පැවති වැඩසටහනකට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

”ජනාධිපති වෙන්න ගොඩක් අයගේ සිහින තියෙනවා.සිහින සැබෑ කරන්නේ කොහොමද කියන එක වෙන කතාවක්. 2019 ජන්ධිපතිවරණයෙන් පස්සේ අනුර කුමාර මහත්තයත් එහෙම සිහිනයක ඉන්න ඇති. නමුත් අපි කවුරුත් හිතුවේ නැහැ අනුර කුමාර මහත්තයා ජනාධිපති වෙයි කියල.”

කෙසේවෙතත් තමන්ට ඇති සුදුසුකම් මත අදට වඩා ජනතාව වෙනුවෙන් හොඳ සේවයක් කළ හැකි බව හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් නවින් දිසානායක මහතා පැවසුවේ, ”ආණ්ඩුවේ තියෙන්නේ සීමිත වැඩපිළිවෙලක්. විශේෂයෙන්ම වංචාවට,දුෂණයට, හොරකමට විරුද්ධව ආණ්ඩුව ක්‍රියා කරන්නේ. නමුත් මම හැමවෙලාවෙම කියන්නේ ජනතාවගේ එදිනෙදා ප්‍රශ්න විශේෂයෙන් ජීවන ප්‍රශ්නය, බඩු මිල, රැකී රක්ෂා ප්‍රශ්නය, ආර්ථික දියුණුව වගේ දේවල් කෙරෙහි කිසිම යොමුකිරීමක් ආණ්ඩුවෙන් වෙන්නේ නැහැ. එක දුරකට ගිහින් මේක හිරවෙනවා. මොකද ආර්ථික වැඩපිළිවෙලක් නැති නිසා ස්ලෝගන්ස් වලින් විතරක් රටක් ගෙනියන්න බැහැ.” යනුවෙනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර යළි පෙරමුණට

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: රගර් උණුසුම තදින් දැණුන...

කොස්ටරිකාවේ ජනාධිපතිවරණයෙන් Laura Fernandezට ජයග්‍රහණය…

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ කොස්ටරිකා...

Browns EV නවතම BAW M8 සුපිරි MPV රථය සුවිශේෂී මිලකට ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා දෙයි !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාර සමූහයක් වන LOLC සමූහය යටතේ...