යුද හමුදාපති ලසන්ත රොද්‍රිගෝට ජනපතිගෙන් සේවා දිගුවක්

සටහන – රුවන් නෙළුගොල්ල

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතාට වසරක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කර තිබේ.

ඒ අනුව, අගෝස්තු 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් මෙම සේවා දිගුව ලබාදී ඇත.

ලසන්ත රොද්‍රිගෝ මහතා යුද හමුදාපති ධුරයට පත්වූයේ 2024 දෙසැම්බර් 31 වනදා ය.